කවුරු බලය ගත්තත් අනිවාර්යයෙන්ම කළ යුතු වැඩපිළිවෙලක් පාර්ලිමේන්තුවට

0

09 වන පාර්ලිමේන්තුවේ 03 වන සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත.

ඊට අනුව 09 වන පාර්ලිමේන්තුවේ 04වන සැසිවාරය එළඹෙන පෙබරවාරි 08 වන දින පෙ.ව 10.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වීමට නියමිතය.

මෙවැනි සැසිවාර අවසන් කිරීමකින් අනතුරුව යළි නව සැසිවාරයකට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේදී ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සාම්ප්‍රදායිකව සිදුවෙයි.

ඒ අනුව 75වන නිදහස් දින සැමරුමත් සමග රට තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ප්‍රතිපත්ති, නව නීති හා පනත් සහ 2023-2048 කාලසීමාවේ නිදහසේ සියවස් සැමරුම දක්වා රටේ උන්නතිය වෙනුවෙන් පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල පිළිබඳ එම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ නව සැසිවාරයත් සමඟ ඇමැති මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක් වීමට නියමිත බවය. ඒ අනුව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම ඇමැතිවරු ලෙස දිව්රුම් දෙනු ඇති බවත් පැවැසේ

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *