ජනපතිගෙන් සම්පන්තන්ට අවසන් ගෞරව

0

දෙමළ ජාතික සන්ධානයේ උත්තරීතර නායක අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්තන් මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අවසන් ගෞරව දැක්වීය.

සම්පන්තන් මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත (02) පස්වරුවේ පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, එස්. රාසමාණික්කම් යන මහත්වරුන් ද  එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *