රජයෙ වියදම් අඩු කරන ලෙස ජනපතිගෙන් නැවත දැනුම් දීමක්
රටේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ විදයම් අවම කරන ලෙස මීට පෙරද රජයෙ ආයතන සදහා ජනාධිපතිවරයා විසින් දැනුම් දීම් සිදුකොට තිබුනි.
එසේම තව දුරටත් එම වියදම් අවම කිරීම සදහා ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව වාර්තාවේ. ඒ අනුව දැනට රජයේ ආදායම 2023 ජනවාරි මාසය සඳහා වන මාසික වියදමට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බැවින් රජයේ වියදම් තවදුරටත් සීමා කරගත යුතු බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩල සටහනක් තබමින් පෙන්වා දී තිබේ.
රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධනය, ඖෂධ සහ ණය ගෙවීම හැර අනෙකුත් සියලුම වියදම් දැරීමට මේ මොහොතේ මහා භාණ්ඩාගාරයට අපහසු වී ඇති බව ද ජනාධිපතිවරයා එමඟින් පෙන්වා දී ඇත.
එබැවින් මේ වන විටත් ක්‍රියාත්මක බදු සංශෝධන මගින් උපයා ගැනීමට සැලසුම් කර ඇති ආදායම ලැබෙන තෙක් රජයේ වියදම් තවදුරටත් කප්පාදු කිරීමට හෝ කල් දැමීමට සිදුවන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඒ සඳහා ප්‍රමුඛතා නිර්ණායකයන් මහා භාණ්ඩාගාරය විසින් සකස් කරන බවත්, එතෙක් සුළු වියදම් සඳහා වෙන් කෙරෙන මුදල් නිදහස් කිරීම සීමා කෙරෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
රාජ්‍ය ආයතන සදහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබා ගැනීමෙන් වැළකිය යුතු අතර, එය කඩ කරන ඕනෑම නිලධාරියෙකු එම වියදම් සඳහා පුද්ගලිකව වගකිව යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.