රජයේ සේවකයන්ට දිමනාවක් – ජනපති අනුරාධපුරයේදී කියයි

රටේ ආදායම් ස්ථාවර මට්ට්මකට පැමිණෙනවා නම් මේ වසරේ තුන් වෙන කාර්තුවේදී සහනයක් ලෙස රජයේ සේවකයන් සියලු දෙනාට වැඩිපුර දීමනාවක් ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 28 වන දින අනුරාධපුරයේදී පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සදහන් කොට සිටියේ අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිලිගැන්වීමේ උත්සවයට සහභාගී වෙමිනි.
මෙහිදී කරුණු දැක්වූ ජනාධිපතිවරයා සදහන් කර සිටියේ අපට ණය ලබා දුන් රටවල් දන්වා සිටියේ ඔවුන්ගේ ආදායම අඩුවී තිබෙන බවත් තමන්ගේ ජනතාවට මේ ප්‍රශ්නය විසදා ගැනීමට උපරිම බර දැරීමට නොහැකි නම් ඔවුන්ගේ සහාය ලබාදීම දුෂ්කර බවයි. මොකද ඔවුන් ලබා දෙන මුදල් ඔවුන්ගේ ජනතාවගේන බදු අය කරගෙන ලබාගත් මුදල් බවත් ඔවුන් දන්වා සිටියා.
ඒ නිසාම 2019 දී අපේ සම්පූර්ණ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%යි. ඒත් බදු අඩු කිරීමත් සමග 2022 වන විට සම්පූර්ණ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.4%කට අඩු වෙලා තිබෙනවා. ආධාර ලබා දෙනවා නම් 2019 තිබූ තත්වයට එනම් සම්පූර්ණ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% ක මට්ටමකට ඉහල නංවන්න කියා එම රටවල් අපට දන්වා සිටියා ඒ කියන්නේ දැන් තිබෙන ආදායම් වසර 03ක් තුළ 75%ක් ඉහල නැංවිය යුතුයි. එයයි අපට තිබෙන අභියෝගය. එසේ නොකළහොත් අපට ආධාර ලැබෙන්නේ නෑ එසේ සිදු කරනවා නම් විශාල බරක් දැරීමට සිදුවනවා. එහෙත් අපට ඉදිරියට යා හැකියි ඔවුන් ඉදිරිපත් කරන කරුණු සමග අපට වාද කිරීමට අපහසු බවත් ජනාධිපති වරයා මෙහිදී සදහන් කොට සිටියේය.

කෙසේ නමුත් මෙම අර්බුද සමනය කර ගැනීමට සදහා බදු ආදායම් වැඩි කර ගැනීමට කළ යුතු බවත් එසේ සිදු කිරීමේදී 2019 න් පසුව අඩු කළ බදු ආදායම පෙර තිබූ තත්වයට ගත යුතු බවත් ඒ අනුව ජාත්‍යන්තර මුළ්‍ය අරමුදලේ සැලසුම් ක්‍රියාවට නැංවීම තුළින් මේ වසරේ තුන් වැනි කාර්තුවේදී අපට මේ ආර්ථික අර්බුදයෙන් මිදීමේ හැකියාව සහිත වූ විට රටේ ජනතාවට සහන සැලසීමට හා රාජ්‍ය සේවකයන් සදහා වැඩිපුර දීමනාවක් ලබාදීමේ හැකියාව පවතින බවද සදහන් කොට සිටියේය.
මෙම අවස්ථාව අගමැති දිනේෂ් ගුණවර්ධන , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරු විශාල පිරිසක්ද සහභාගී වි සිටියේය.