ශ්‍රී ලංකාව ණය ගෙවාගත හැකි රටක් ලෙස ලෝකය පිළිගන්නවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය සිදුකිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවත්, එසේ කළොත් ශ්‍රී ලංකාව ණය ගෙවා ගැනීමට හැකි රටක් ලෙස ලෝකය පිළිගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඊයේ (17) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.