වතු කම්කරුවන්ට රු. 1700 දීමනාව සහතිකයි

කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පඩි පාලක සභාව ඊයේ රැස් වූ අතර, එහිදී වතු කම්කරුවන්ට දිනකට ලබා දෙන දීමනාව රු. 1700 දක්වා ඉහළ දැමීමට එකඟතාවය පළ වී ඇත.

මේ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශයේ පැවැති මෙම රැස්වීමට කම්කරු කොමසාරිස් ජනරාල්, වතු වෘත්තීය සමිති, වතු හාමිපුතුන්ගේ සංගමය, අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටි අතර, අදාල යෝජනාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වා ඇත. මෙම ඡන්ද විමසීමේදී වතු සමාගම් 14ක් පක්ෂව හා සමාජික සමාගම් 03ක් එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇත. ඒ අනුව යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත.