විභාගය නිම වෙන තෙක් අඛණ්ඩ විදුලිය

ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම විසින් කළ ඉල්ලීමකට අනුව අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛන්ඩ විදුලි සැපයීමක් ලබා දීමට පියවර ගන්නා බව උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව ජනවාරි මස 25 වන දින සිට පෙබරවාරි මස 17 වන දින දක්වා විදුලිය කප්පාදුව අත්හිටුවීමට බලධාරීන් එකග වූ බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම සදහන් කරන අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් සහ මහජන උපයෝගිතා යන කොමිසන්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනා කළ බවත් ඒ සඳහා වැයවන පිරිවැය අයකරගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේ කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේදී ගෙවීමට ප්‍රමුඛතාව දියයුතු යැයි විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම උපදෙස් දුන් බව ද සදහන් වේ.