ඇෆ්ගන් සිසුවියන්ට සරසවි ප්‍රවේශ විභාගය තහනම්
ඇෆ්ගනිස්තාන සිසුවියන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටීම තහනම් කිරීමට තලේබාන් පාලනය තීරණය කර තිබේ.
ලබන මාසයේ සිට මෙම තීරණය බලාත්මක වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තලේබාන් පාලනය යටතේ, එරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම නියෝගය නිකුත් කර තිබෙන අතර එය පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ද අදාළ වේ.
ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට තෘතීක අධ්‍යාපනය සීමා කරමින් තලේබාන් පාලනය ගෙන එනු ලැබූ නීති තවදුරටත් දැඩි කරමින් මෙම තීරණය ගෙන තිබේ.
එරට විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය ලබන මස අගදී පැවැත්වීමට නියමිතව ඇත. එහිදී සිසුවියන්ට එම විභාගයට පෙනී සිටීමට නව නීති අනුව අවසර හිමි වන්නේ නැත.
මෙම නීතිවලට අවනත නොවන පුද්ගලයන්ට දැඩි නෛතික ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවනු ඇති බව වාර්තා වේ.
තලේබාන් පාලනය කාන්තාවන් ඉලක්ක කර ගනිමින් අතිශය දැඩි නීති ක්‍රියාත්මක කිරීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබේ.