ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනයක්
කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංතරණ ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම විසින් සිදුකරන ලද ගාස්තු 1985 වර්ෂයෙන් පසුව සංශෝධනය කර නොමැත.
ඒ අනුව දැනට අයකරනු ලබන ගාස්තු පෙබරවාරි මස 1වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.