ඇපල් අලුත්ම පෙරළිය Apple Vision Pro එළිදකී
ඇපල් සමාගම විසින් “Apple Vision Pro” නමින් නවතම හෙඩ්සෙට් එකක් නිකුත් කර ඇත. ඇපල් සමාගම විසින් වසර දහයකට පසු නිකුත් කළ ප්‍රධාන උපාංගයක් වන මෙම Apple Vision Pro හෙඩ්සෙට් උපකරණය මගින් නවීනතම තාක්ෂණික අත්දැකීමක් පාරිභෝගිකයින්ට ලබාදීමට ඇපල් සමාගම කටයුතු කළ ඇත. ඇපල් සමාගම විසින් නිවදවන ලද ප්‍රථම 3D කැමරාව සහිත මෙම උපාංගය මගින් සජීවී ඡායාරූප ලබා ගැනීමේ හැකියාව ද ඇත.
මෙම නවතම Apple Vision Pro උපාංගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් මහතා පවසා ඇත්තේ මෙම ඇපල් නව උපාංගය මගින් යථාර්ථ (Real) ලෝකය හා අථත්‍ය (Virtual) ලෝකය හොඳින් සම්මිශ්‍රණය කිරීමට හැකි බවයි.
මෙම උපාංගය ඇස් මඟින් හා සරල ඇඟිලි හැසිරවීම මගින් භාවිත කළ හැකි අතර, මෙහි විශේෂත්වය වන්නේ හඬ මඟින් ද මෙය පාලනය කිරීමට හැකිවීමයි. මෙහි හැසිරීම උපාංගය තුළ ක්‍රියාකාරී වුවද භාවිත කරන්නාට සජීව අත්දැකීමක් විඳීමට මෙමඟින් ලබාගැනීමට හැකිය.
මෙම උපාංගයේ විශේෂත්වය වන්නේ වෙනත් VR Video Player මෙන් මෙය හුදෙකලාව පමණක් භාවිත කළ යුතු නොවීමයි. එනම් මෙම උපාංගය භාවිත කරමින් සිටියදී සමාජයේ අනෙක් අය සමඟ ද සාමාන්‍ය පරිදි කටයුතු කළ හැකි වීමයි.
එමෙන්ම මෙම උපාංගය මගින් පුළුල් සිනමා තිර අත්දැකීමක් විඳ ගත හැකි අතර, තමන්ට කැමති පරිදි තිර ප්‍රමාණය වෙනස් කර ගැනීමේ හැකියාව ද මෙම උපාංගය සතු වන අතර සාමාන්‍යයෙන් අඩි සියයක පමණ පුළුල් තිරයක දර්ශන අත්දැකීමක් මෙයින් විඳ ගත හැකි වනු ඇත. එසේම මෙම උපාංගය මගින් පුළුල් තිර අත්දැකීම විඳ ගැනීමේදී අනෙකුත් අවකාශය ද තිරයට සමගාමීව වෙනස් කර දර්ශනය කරනු ලබන අතර, මෙමගින් තිර දර්ශනය නරඹන්නා අදාල සිදුවීම තුළ සජීව ලෙස ඇතුළු කර ගත් අත්දැකීමක් ලබා දීමට සමත්ය.
මීට අමතරව පරිගණක ක්‍රීඩා කිරීමට ද හැකි අතර, ඒවාද පුළුල් තිර අත්දැකීමක් ලබාදීමට සමත්වීම මෙහි ඇති සුවිශේෂීත්වයයි. එමෙන්ම අන්තර්ජාලය තුළ සැරිසැරීමටත්, වීඩියෝ සංවාද කිරීමටත් අවස්ථාව ලබා දෙන අතර, මෙහි සුවිශේෂීත්වයවන්නේ අදාල සංවාද තුළ පෙනන පුද්ගලයින්ගේ සජීව ප්‍රමාණයේ තිර දර්ශනයක් ලබා දීමයි.
මීට අමතරව ඇපල් පරිගණකය ද මෙම Apple Vision Pro උපාංගයට සම්බන්ධ කළ හැකි අතර, ඒ හරහා මෙම උපාංගයේ තිරය හරහා පරිගණකය භාවිත කිරීමට අවස්ථාව සැලසේ.
M2 හා R1 ද්විත්ව චිප් භාවිත කර නිර්මාණය කර ඇති මෙම Apple Vision Pro උපාංගය තුළ M2 චිපය මගින් වැඩි කාර්යක්ෂමතාවයක් හා වේගයක් ලබා දෙන අතර, R1 චිපය හරහා අති විශාල වේගයකින් සංවේදක දත්ත සැපයීමට හැකි ලෙස මෙම උපාංගය නිර්මාණය කර ඇත.
මෙලෙස නවීන තාක්ෂණයෙන් පිරිපුන් Apple Vision Pro උපාංගය මේ වන විට ඇමරිකානු ඩොලර් 3,499කට මිල නියම කර ඇති අතර, ලබන වසරේදී එය වෙළඳපොලට නිකුත් කරන බව ඇපල් සමාගම නිවේදනය කර ඇත.