IMF අනුමත වූ ණය තව දින දෙකකින්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය වූ ඩොලර් මිලියන 333ක මුදල ඉදිරි දින දෙක තුළ ශ්‍රී ලංකාවට ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්රාවෝ මහතා අද පැවැති මාධ්‍ය හමුවේදී මේ බව තහවුරු කර සිටියේය.
ඒ අනුව ඉදිරි දින දෙක තුළ මුල් වාරිකට ලබා දෙන බවත්, ඉදිරි වාරික ලබාදීම සෑම මාස හයකට වරක් ලබා දෙන බවත් පැවැසූ පීටර් බ්රාවෝ මහතා වැඩිදුරටත් පවසා සිටියේ එම වාරික ලබා දීම ශ්‍රී ලංකාව මත සිදු කරන සමාලෝචන මත රඳා පවතින බවයි.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල රටකට ණය මුදලක් අනුමත කිරීමේදී සලකා බලන ප්‍රධාන සාධකය වන්නේ ණය තිරසර බව ද ශ්‍රී ලංකාව තුළ තවමත් ණය තිරසර භාවයක් නැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.