අරගලයේ සාරය මිනිසෙකු සිය දිවි හානිකරගෙන ඇත.

ඒ ආදරය අහිමිවීම නිසා ඇතිවු ක්ෂණික කම්පනයක් නොව , ඔහු වගා හානිවීම නිසා අසරණ වු ගොවියෙකු නොව , දරුවන්ට බත් වේලක් ලබාදීමට නොහැකිව අසරණ වු පියෙක් නොව , ඔහු හුදකලා මිනිසෙකු නොව ඔහු සමාජ ක්‍රියාකාරිකයෙකි. ඔහු තබා ඇති සටහන් අනුව ඔහු ජීවිතය අතහරින්නේ විනෝදය අහිමි වීමෙනි. ඔහුට විනෝදය අහිමිව ගියේ ඔහු සිදුකරමින් සිටි සමාජ ක්‍රියාකාරීත්වය ඔහුට අහිමිව යාමෙනි,

එය එසේ නම් ඒ පිළිබද සංවාදයක් සිදුකිරීම අචාරධාර්මික වරදක් නොව සමාජ අවශ්‍යතාවයකි.
බුද්ධිප්‍රියගෙ සියදිවි හානිකර ගැනීම සහ ඔහු මුහුනුපොතේ තබා තිබූ සටහන්, මීට අවුරුදු 30කට විතර කලින් බලපු චිත්‍රපටයක මතකයක් අවදිකලා. එහි කතා නායකයා වූ ඇමරිකානු බිලියනපතියකු සිය පරිභෝජනවාදී ජීවිතය ඇතිවෙනතුරු විද අවසානයේ ඔහුට ඇතිවූ හිස්කම නිසා ජීවිතය අවසන් කිරීමට තීරනය කරනව. සියලූ ධනය අතහැර සියදිවි හානිකර ගැනීමේ අදහසින් ලාස්වේගාස් වීදියක ඔහු ඇවිද යනව. ඒ මොහොතේ මග යන වීදි ගනිකාවක දැක ඔහු පුරුද්දටවගේ පොඩි ඇරයුමක් කරනව.
ඒ වන විට කිසිවක් නැති නිකමෙකුව සිටි ඔහුව ඇය ප්‍රතික්ෂේප කරනව. දහස් ගණන් ලදුන් ඇසුරු කර ඇති ඔහුට ජීවිතේ පළමු වතාවට සිදුවු එම ප්‍රතික්සේඵ කිරිම අලූත් අත්දැකිමක් වෙනවා. ‍
මේ ක්ය්‍රින්මය අතුදැකිමෙන් ඔහු තුල ඇතිවන කම්පණය සහ කුතුහලය නිසා ඔහු ඇය හඹායනවා. මෙතෙක් ඔහුට හමුවු එක් බැල්මකින් ඔහු තුරුලට ආ ගැහැණුන්ට නැති අමුතු දෙයක් සාරයක් ඇය තුල ඇතැයි සිතා ඒ පසුපස යන ඔහුට අවසානයේ ඇය දිනාගත හැකිවෙනවා.
එතැන් සිට ඉතා සතුටින් ගතකරන දින කිහිපයකට පසු දෙදෙනා ඔවුන් සතු අවසන් මදුවිතද තොල ගා අවසන්කර සයනයේ වැතිරෙනවා.
සතුට උතුරායන ඔහුගේ දෙනෙත් කෙමෙන් අඩවන්ව යද්දි ඇයගේ දෙනෙත් විවරව කවුළුවෙන් පෙනෙන ඈත අසහ දෙස හිස් බැල්මන් සහිතව මදවෙලාවක් නොවෙනස්ව පවතිනවා. අනතුරුව එකවරම ඇය ඔහු දෙස හැරී
මට අයිස්ක්‍රිම් එකක් කන්න ආසයි , ගෙනත් දෙන්න පුළුවන්ද අසනවා. මදක් විමතියට පත්වන ඔහු කිසිවක් නොකියාම අයිස්ක්‍රිම් එකක් සොයා මාවතට පිවිසෙනවා.
අයිස්ක්‍රීම් එක රැගෙන එන ඔහුට හමු වන්නෙ ඇගේ ප්‍රානය නිරුද්ද සිරුර…
ඒ සිරුර අසල ලිපියක් තියනව…

ලමගේ ජීවිතේම වේදනාවක්
මේ දවස් කීපය මා සතුටින්ම සිටි කාලය
මේසතුට හෙට අවසන් වන බව මා දන්නව
ඉතින් මා සතුටින් නික්ම යායුතුයි..
එය ඔබට වේදනාවක්..
ඒත් මට මගේ සතුට වදගත්…
ඨදදාඉහැල
චිත්‍රපටය එසේ අවසන් වෙනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස මා ඇසුරු මිසුරු කල මිනිසුන් දහස් ගානක් ඒ අතරින් මගේ ජීවිතය තුල කීදෙනෙක්නම් මානසික ආතතියෙන් දිවි තොරගැනීමට ගිය අවස්ථාවල රැකගෙන ඇත්ද? එසේ අල්ලා ගැනීමට බැරිවුනු මිනිසුන් දෙතුන් දෙනෙක් වෙනුවෙන් මා තවමත් වලපෙනව.
මට බුද්ධිප්‍රියගෙ සමුගැනීමත් සමග සිතුනෙ ,,
දහස් ගනනක් සභාගීවූ අරගලයක
මාසගනනක් දිග්ඇදුනු අරගලයක සිටි
සිටි මිනිසෙකු ජීවිතය අතහරිම් යැයි
සටහන් ගනනාවක් ලියද්දී
ඔහුගේ අතගෙන ඔහු ළගින් හිදගන්න මදුවිතක් බෙදාගෙන
ඔහුගේ හිතින් අල්ලාගන්නට
එකම සහෘදයෙක් නොමැතිනම්
ඒ අරගලය තුල පැවතුනා යැයි කී ආදරය කුමක්ද?
අරගලයක පරාජය දරාගැනීමට අරගලයේ අත්දැකිමෙන් තම ජිවිතයට හෝ පන්නරයක් ලබාගැනිමට නොහැකිවුවා නම් එවන් අරගලයකින් සමාජයට දිනා දිය හැකිකේ කුමක්ද?
කලින් සදහන් කළ චිත්‍රපටයේ කතා නායකයා අන අය ළග නැති සාරයක් ඔහුට හමුවු වීදි ගණිකාව තුල ඇතැයි මායාවක පැටලූනාක් මෙන් එලියේ නැති සාරයක් ගාලූමුවදොර අරගලයේ තිබුණි යැයි බොහෝදෙනෙකු රුවටීමට ලක්වුවා නොවේද?
පශ්චාත් අරගල කතිකාව විය යුත්තේ එය නොවේද?
අරගල මිතුරනි ඔබේ අවධානයට…