ආණ්ඩුවට හෝ නායකයෙකුට මේ තත්වය තනියෙන් ජයගන්න බෑ. – මන්ත්‍රී චම්පික රණවක

මුල්‍ය අරමුදලේ ණය සහන ගැන මුලින්ම විපක්ෂය කිව්වා මේ ණය ලැබෙන්නේ නැහැ කියලා. මෑතකදී කිව්වා මේ ණය සහනය ලැබුණත් වැඩක් නෑ කියලා ? මේ ණය සහනය ලැබීම තුළ සිද්ධවෙන්නේ කුමක්ද?

මේක වසර 4ක කාලයකට ඩොලර් බිලියන 2.9ක ලැබෙන මූල්‍ය අරමුදලේ ව්‍යාාපෘතියක්. මේ මාර්තු 20 වන විට ධනාත්මක තීරණයක් බෝහෝවිට ලැබෙයි. අපේ තියන ඩොලර් බිලියන 51ක දැවැන්ත ණය ප්‍රමාණය එක්ක සලකා බලන විට ණය වලින්නම් එහෙමට වැඩක්නෑ ඒත් මේ වෙලාවේ හැටියට ඩොලර් මිලියනයක් පවා ලැබීම සහනයක්.

නමුත් වැදගත්ම ඒක නෙවෙයි. මූල්‍ය අරමුදල නිසා රටට ලැබෙනවා ජාත්‍යන්තරව ලොකු ඇපකරයක්, මූල්‍ය අරමුදල පසුපසින් ඉන්නවා, ලංකාවේ මූල්‍ය අර්බුදයට වගවෙනවා. ලංකාවේ දේශපාලනඥයින්ට, රාජ්‍ය නිලධාරින්ට අපේ භාෂාවෙන් කියනවානම් දැන් ”පිස්සු කෙලින්න බෑ”. ඒ ඇපකරයක් එක්කම විශේෂයෙන්ම ජාත්‍යන්තර ඒ ශේණිගත කිරීම් ආයතන යටතේ පහලට දමා තියන තත්වයෙන් ලංකාව යම් ඉහළට ඒමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය රටවල් සහිත සංවිධාන සමඟ ව්‍යාපෘති කරන්නට තරම් ශක්තිමත් වෙනවා. දැනට ඒ ව්‍යාපෘති නැවතිලා තියෙන්නේ.

දැන් රට ගොඩගිහින් කියන ප්‍රකාශය කරන්න බැරිද?

දැන් රට ගොඩගියා කියලා කියන්න අමාරුයි. ඇත්තෙන්ම යම් ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා කියලා කුහක නොවි පිළිගන්න ඔන. පහලට කඩාගෙන වැටුණු රට යම් ස්තාවර තැනක තියෙනවා. ඒකට විශාල හේතුවක් වුණා, මුල්‍ය අරමුදලේන් ආණ්ඩුව හිර කළ එක සහ ආණ්ඩුව ජනතාව හිර කළ එක. නමුත් ඒ ක්‍රියාවලිය නිසා ආර්ථිකය යම් ස්ථාවරයක් ඇති කරගෙන තියෙනවා. මොනවා වුණත් ගෝඨාබය ආගමනයෙන් ආණ්ඩුව ගත් වැරදි මූල්‍ය ප්‍රතිපත්ති නිසා රටේ ණයකර පිළිබඳව තිබූ ස්තායිතාව නැතිවී බංකොලොත් බව ප්‍රකාශ කළට පසුව නාය යෑමට නියමිතව තිබු විශාල ක්ශෙත්‍ර ප්‍රමාණයක් යම් පහල මට්ටමේ සමතුලිතතාවයට ලංකාව පැමිණි තිබෙනවා. බලශක්ති ක්ෂේත්‍රය නාය යෑමට ලක්වුණා, බැංකු ක්ෂේත්‍රය නාය යෑමට නියමිතව තිබුණා. තෙල් පරිභෝජනය 25% කින්, විදුලි පරිභෝජනය 25කින් අඩුවෙලා තියෙනවා. දැන් මූල්‍ය ක්ෂේත්‍රය යම් ස්ථාවරයක තිබෙනවා. මේ තත්වය පවත්වාගෙනම ඉදිරි ප්‍රතිව්‍යුහගත කරණ ක්‍රියාවලියක කරන්නේ කෙලෙසද කින එක දැවැන්ත අභියෝගයකි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මීට පෙර මූල්‍ය අරමුදලේ කොදේසි වලට වඩා මෙවර කොන්දේසි වැඩි බවයි?

ඒක වෙන්න පුළුවන්. මොකද අපි මීට පෙර මූල්‍ය අරමුදලේ සහය ගන්න ගියේ බංකොලොත් තත්වයේ රටක් ලෙස නෙවෙයි. 2009 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගියෙත්, 2017දි මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගියෙත් බංකොලොත් තත්වයේ රටක් ලෙස නොවෙයි. බංකොලොත් තත්වයෙන් ගිය පළමු වතාව මේක. බංගලාදේශයට මෙවැනිම තත්වයක් වෙන්නට තිබුණා, එයාලා මුලින්ම අවදානම අරගෙනම මූල්‍ය අරමුදලේ සහයොගය ලබාගන්න ගියා. අර්බුදය සමනය කරගන්න හැකියාව ලැබුණා. එහෙත් අපේ රටේ දුෂිත නිලධාරින් වන අජිත් නිවාල් කබ්රාල්, පී බී ජයසුන්දර සහ නූගත් බැසිල් රාජපක්ෂ, නූගත් මහින්ද රාජපක්ෂ, නූගත් උද්දච්ච ගෝඨාභය රාජපක්ෂ යන මේ සියල්ලම එකතුවෙලා අපිට ෂඵත්‍ අවශ්‍ය නෑ, අපිට කාවවත් ඔන නෑ. අපට පුළුවන් අපිව කළමනාකරණය කරන්න. හෙට අපිට චීනෙන් ලැබෙනවා, අනිද්දා අපිට ඉන්දියාව ඉන්නවා. අනික් ඒවා කුවේටය ලබාදෙනවා. වගේ සුන්දර කතා කියමින් අපි මේ වළ දක්වා දක්කගෙන ගියා. එහෙම කළ එකම රට මේක. ඒක නිසා මීට පෙර ගිය 16 වතාවට වඩා තත්වය වෙනස් දැන් අපි බංකොලොත් තත්වයේ රටක්.

අජිත් නිවාල් කබ්රාල්ගේ අලුත් පොත කියෙව්වාද ඔබතුමා ?

ඔව් මට එවලා තිබුණා මම කියෙව්වා. ඇත්තවශයෙන්ම කබ්රාල් කියන්නේ එයාලට ඩෙලර් බිලියන 10.4ක ණයක් එන්න තිබුණා. ඒ ණය ප්‍රමාණය අවානම් මේ වගේ තත්වයක් නොලැබෙන බව එයා කියන්නේ. ඵඛකද පනත ක්‍රියාත්මක කරානම් මට අනුව නම් කබ්රාල් ඉන්න ඔන හිරේ.

රජයට පමණක් මේ අභියෝගය ජයගන්න පුළුවන් ද?

ඇත්තෙන්ම රජය කියන්නේ ලොකු එකක්, නමුත් මේ වගේ අර්බුදයක් ජයගන්න මහජන කැමැත්ත, මහජන අනුමැතිය, මහජනයාගේ දායකත්වය අනිවාර්යයි. පළමු අර්බුදයේ ගැඹුර මහජනයාට තේරුම් ගන්න සලස්වන්න ඔන. දෙවනුව හැකිතාක් දුරට අපගේ ප්‍රතිසංස්කරණවලට මහජන අනුමැතිය ලබාගැනීම වෙන්න ඔන. පාලකයාගෙන් මේ අර්බුදය පියමැනීමට අවශ්‍ය ආදර්ශමත් කැපවීම අවශ්‍යයි. එහෙම නැතුව ආණ්ඩුවට හෝ නායකයෙකුට මේ තත්වය තනියම ජයගන්න බෑ.

ඇත්තටම රජය මේ ප්‍රතිසංස්කරණ කියලා වෙනස් කරන්නේ කුමක්ද ?

ඇත්තෙන්ම 1954 සිට හිඟයන් දෙකක් ඇතිවුණා. එකක් අයවැය හිඟය. එනම් උපයන රුපියල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කළා. දෙක විදෙස් ගෙවීම් හා ලැබීම් අතර හිඟයක් පවත්වාගෙන ගියා. එහිදී රුපියල් හිඟය පියවා ගන්න විදේශ ණය ලබාගැනීමට කටයුතු කළා. එමගින් අර්බුදය කල්දාන්න පුළුවන් වුණා. පී බී ජයසුන්දර, අජිත් නිවාල් කබ්රාල් වැනි සුදුකරපටි අපරාධකරුවන්ගේ අවිධිමත් මුල්‍ය උපදෙස් ගන්න නූගත් බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ගෝඨාබය රාජපක්ෂ උද්දච්ච අනුවණ භාවිතාව තුළ අප කරගත්ත වරද තමයි, බදු ආදායම අහිමිකරගැනීම. ඒ නිසා ලෝක ශේණිගත කිරීම් ආයතන අපි පහලට දැම්මා එනිසාම හිඟය පියවාගන්න කිසිවෙක් ණය නොදෙන තැනට පත්වුණා. අපි සල්ලි අච්චුගැහුවා ප්‍රතිඵලය වුණේ උද්ධමනය 70% 97% දක්වා ඉහළ ගියා. පොලී අනුපාතය 34% – 35% දක්වා ඉහළ ගොස් ව්‍යාපාර බිඳවැටිලා විනාශ වුනා.
ඒවගේම යහපාලන ආණ්ඩුව කාලේ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ආර්ථික ස්ථායිකරණය වෙනුවෙන් අධික පොලියට ගත්ත ණය ඩොලර් බිලියන 5.5ක් දුෂ්ඨ නිලධාරින් හා නූගත් පවුලේ පැළැන්තිය ඩොලරය 198 පවත්වාගැනීම වෙනුවෙන් විනාශ කළා. ඒ අතර ඔවුන් ජාවාරම් කළා.
මේක පිළිබඳව විධිමත් වෝහාරික විගණනයක් කරලා වැරදිකරුවන් කවුද කියල හදුනාගෙන දඬුවම් දියයුතුයි. මොකද ත්‍රස්තවාදයෙන් රට මුදවා ගත් කියන කතාව වඩා, එනම් ප්‍රබාකරන්ට වඩා දහස් ගුණයක හානියක් රාජපක්ෂලා කළා. ඔහු තමයි දිගුකාලීනව පවත්වාගෙන ගිය ණයවල ස්ථාවර බව නැති කළේ . 2005දී විදේශ වෙළඳපොලෙන් 8% වගේ ඉහල පොලියකට ණය අරගෙන විනාශකාරී ව්‍යාපෘති වලට යොදවමින් ආරම්භ කළ නෙලුම් කුලුන, සුරියවැව පිට්ටනිය, මත්තල ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග, ඒ අතර අධිවේගී මාර්ග සුවිශේෂී වේ. මේ හරහා දැවැන්ත මංකොල්ලයක් වුණා. තව ටික දවසක් බැසිල්ට තිබුණා නම් රට ගොඩ යනවා, යහපාලනය ණය ගත්ත නිසා තමයි මේක වුණේ, වැනි නොයෙක් නොයෙක් කාරණා කිව්වත් අර්බුදය කල් දාගන්න එකවත් කරගන්න නොහැකි වීම නිසා තමයි මේ තත්වය උදා වුණේ.

ඒකට තව අතිරේක වශයෙන් ගෝඨාභයගේ මුග්ධ ප්‍රතිපත්ති දෙකක් බලපෑවා. කොරෝනා මර්දනය සදහා ඔහු ගත් මුග්ධ ප්‍රතිපත්තිය. දොස්තරවරු වෙනුවට හමුදාව යෙදවීම නිසා තිස් දහසකට අධික ජීවිත නැති වුනා. අදටත් දන්නේ නෑ මරණ සංඛ්‍යාව කොපමණ ද කියන්න. බුද්ධි අංශ විසින් හදන ලද විකෘති සංඛ්‍යා ලේඛන තමයි අප සතුව තිබෙන්නේ. නිසි කාලයේදී පාලනය නොකිරීම නිසා ආර්ථික ව්‍යසනයක් සිද්ධ වුණා. ඒ වගේම සංචාරකයින් ආදිය ගෙන්වලා කරපු රෝග බෝ කිරීම් ආදී අපරාධ ගැන කවද හෝ දවසක විමර්ශනයක් කළ යුතුයි. ඒ වගේම කෘෂිකර්මාන්තයට හා වැවිලි කර්මාන්තයට කාබනික පොහොර ගෙනල්ලා කිසිම දෙයක් නොදන්න වෛද්‍යවරු එහෙම නැත්නම් ශ්‍රමණ වේශධාරීන් ගෙනැවිත් කරපු කාබනික විකාරය. සමහරු මේක හැදින්වූවා ඕගනික් බ්‍රෑන්ඩ් එක්ක කරන්න අන්තිමට බංකොලොත් බ්‍රෑන්ඩ් එකක් ලෝකයට දුන්නා.ජනමාධ්‍ය අයිතිකාරයොයි, ව්‍යාපාරිකයොයි තනි පවුලකුයි කොහොමද රටක් බංකොලොත් කරන විදිය ගැන මුළු ලෝකයටම හොද බ්‍රෑන්ඩ් එක්ක හදල දුන්නා. ඒක තමයි අන්තිටම කරපු දේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ විදියට මේ මොහොතේ බදු ප්‍රතිසංස්කරණ වලට එරෙහිව වැඩවර්ජනය සිදු වෙනවා. මෙය රජය කෙසේ කළමණාකරණය කරන්නේද ?

බදු වශයෙන් ගත්තම සෘජු බදු වක්‍ර බදු ලෙස වර්ග දෙකක් තිබෙනවා. අපි අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ ඩොලර් හිඟයක් මෙන්ම රුපියල් හිඟයක් තියෙනවා කියල. අපේ ආදායම් වැඩි කරගැනීමට අපි ක්‍රියා කළ යුතුයි. මෙහිදී ලංකාවේ අයුක්ති සහගත ප්‍රතිපත්තියක් තියෙනවා 82% පමණ තිබෙනවා වක්‍ර බදු , 18% සෘජු බදු. දැන් ඒ අනුපාතය සියයට 30% තිබෙනවා. වක්‍ර බදු 70% ක් වෙලා තිබෙනවා. මං හිතන්නේ මේ අගයන් 60% හා 40% විය යුතුයි. ඇති හැකි අය බදු ගෙවිය යුතුයි. මෙය ඇත්තටම විය යුතු දෙයක්.
මෙතන තියෙනවා ප්‍රශ්න දෙකක්. එකක් තමයි විදුලි බිල, ඉන්ධන බිල වගේ හැම ආකාරයකම වැඩි කිරීමක්. හොද ඇඟයීමකින් තමයි මෙය කළ යුත්තේ. ඒ වගේම එය විද්‍යාණුකූලව පෙන්න්විය හැකි විය යුතුයි . ඒ නිසා බදු මුදලින් ලැබෙන ධනය යළි ජනතාවගේ සුවය සඳහා යෙදවිය යුතුයි. ඒ නිසා මේ තත්වයන් තේරුම් ගෙන රටේ ජනතාව වෙනුවෙන් යම් කැප කිරීමක් කළ යුතුයි. ඒ අතරේ මේ ඇති වෙන උද්ඝෝෂණවලින් නැවතත් පීඩාවට පත් වන්නේ ජනතාව මේ නිසා යම් කාලයකට මේ තත්වයන් පාලනය කර ගත යුතුයි. මොකද රට බංකොලොත් වුණොත් අපි සියල්ල අනතුරේ.

විපක්ෂයේ පක්ෂ තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබද කතා කරනවා. ඔබ තුමා කියා සිටියා විපක්ෂයේ ප්‍රතිපත්ති හා රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති එකයි කියල. ඔබ තුමාගේ ප්‍රතිප්ත්තිය කුමක්ද ?

ජාතික ජන බලවේගය හා සමග ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය සමාජ වෙළද පොළ ක්‍රමය. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේත් සමාජ වෙළදපොළ ක්‍රමය. රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි 15ක් ගැන කතා කරනවා. මේ කොන්දේසී අනෙක් පාර්ශවයන් විසින්ද පිළිගන්නවා. මගේ ප්‍රතිපත්තිය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය මුළ අරමුදල කිව්වත් නොකිව්වත් අපේ තිබෙන මූල්‍ය හිඟය පියවීමට ගත යුතු ප්‍රතිකර්ම තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාවත වැරදුනොත් අපට තියෙන්න ඕනේ අපේම වූ වෙනත් මාවතක්. ඒ මාවත පිළිබදව ප්‍රායෝගික වැඩපිළිවෙලවල් මේ වන විට ඉදිරිපත් කර හමාරයි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිප්තිවලට මම විරුද්ද නෑ . ඔවුන් කියන කියන දේ කරන එකත් නෙවෙයි මේ අර්බුදයට පිළියම.
මේ අවස්ථාවේදී මහජනතාව තේරුම් ගත යුතුයි. මේ ප්‍රශ්නය බරපතල එකක් බවත් සංකීර්ණ වූ එකක් බව. මේ මඩේ ගිලිල ඉන්න අලියා ගොඩ ගන්න දර කෝටුවලින් ගහන, රතිඤ්ඤා දාන බෙර ගහන සිල්ලර පන්නයේ ක්‍රමෝපායන්ය වලින් නොහැකි බව තේරුම් ගත යුතුයි. එවැනි අලියෙකු ගොඩ ගත හැක්කේ එවැනිම ඇත් රජකෙු සොයා ගැනීමයි විසදුම මේ කියන ඇත් රජා තමයි රටේ ආර්ථිකය ගොඩනගන හා රට ගොඩ නගන කාර්යය සිදුකරන්නේ.

දැන් රුපියල ශක්තිමත් වෙලා කියල එහෙම නෙවෙයි කියලත් කියනවා. ඇත්තෙන්ම මොකද්ද වෙලා තියෙන්නේ

වෙලා තියෙන්නේ ඩොලර් වලට ඉල්ලුම නැති වෙලා තියෙනවා. මාසික ගාන බැලුවොත් 2022 ජනවාරි වලින් පසුව අපේ ආනයන ඩොලර් මිලියන 2000කට ආසන්නයි. මේ අවුරුද්දේ ආනයන 2300යි. එතැනම අපි මිලියන 600ක් 700 ක් ඉතිරි කරගත්තා. පරිභෝජනය අඩු කරමින් තමයි මේ ඉතිරි කිරීම කළේ. භාණ්ඩ 600 ගානක් තහනම් කළා. තෙල් හා ගෑස් 25%කින් පරිභෝජනය අඩු කළා. අපනයන ප්‍රමාණය 2022 හා 2023 වර්ෂවල 10%කින් අඩු වුනා. ඒ වගේම අපි මාසයකට ණය ගෙවන්නේ නෑ ඩොලර් මිලියන 600ක් 700ක් මෙයත් ඉතිරි වුනා. 2022 ජනවාරි මාසයේ ඩොලර් හිගයක් තිබුනා. ඩොලර් මිලියන 1400ක් හිඟයක් තිබුනා. 2023 ජනවාරි ඩොලර් මිලියන 211ක ඉතිරියක් තිබුනා. හේතුව වුනේ ඩොලර් ඉල්ලුම නැති වීම. මේ අයුරින් සම්පූර්ණයෙන්ම ආර්ථික කඩාගෙන වැටුනා. මේ සමග කළු වෙළද පොළේ 700ත් පමණ තිබුනු ඩොලර් එළියට ආවා. දැන් මහ බැංකුව කළ යුත්තේ ඒවා වහාම මිළදී ගෙන තමන්ගේ සංචිත බවට පත්කොට සංචිත ශක්තිමත් කිරීම කළ යුතුයි. නමුත් මෙය තාවකාලික තත්වයක් අපි ණය ගෙවන්න පටන් ගත් වහාම අපේ මේ ආනයන සම්බන්ධක ඉවත් කළ වහාම නැවත පරණ තත්වයට නොයා ඉන්න නම් අපි විධිමත් කළමණාකරණයක් හැම ක්ෂේත්‍රෙය්ම කරන්න ඕනෙ.

ඔබට මේ තියෙන තත්වය යටතේ රජයට සම්බන්ධ වී කටයුතු කළ හැකි නේද ?

රජයට අපි අවංක යෝජනාවක් ගෙනාවා. පාර්ලිමේන්තුවේ පිහිටුවන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක්. ඒ හරහා ක්‍රියාත්මක කරන්න ඕන ආර්ථික හා දේශපාලනික වැඩපිළිවෙලේ අවම වැඩ පිළිවෙල තෝරගන්න. රාජ්‍ය බැංකු පද්ධතිය බලශක්ති ක්ෂේත්‍රය ඖෂධ සංස්ථාව වැනි ආයතනයන්ට දේශපාලනයෙන් තොර වෘත්තිය සුදුසුකම් ඇති අයවලුන් පත් කරන්න යැයි යෝජනාවක් ගෙනාවා. අන්න ඒ වගෙ තත්වයක් තුළ පදවි තානාන්තර නැතත් අපි රජයත් එක්ක කටයුතු කරන්න සූදානම්.