චීනය ජනගහනයෙන් පල්ලම් බසී
දැවැන්ත සංවර්ධනයක් අත්පත් කර ගැනීම සදහා චීනය විසින් දියත් කළ තවත් එක් ව්‍යාපෘතියක් වන්නේ චීන ජනගහනය පහත හෙළීම සදහා කටයුතු කිරීමයි. ඒ අනුව චීනයේ මේ වන විට උපත් අනුපාතිකය පහත වැටී ඇති අතර මීට පෙර ජනගහන පාලනය සදහා පනවා තිබී නීති ඒ අනුව ලිහිල් කිරීමට චීන රජය පියවර ගත්තේය.
පසුගිය වසරේදී චීනයේ ජනගහනය වසර 60කට පසු පළමු වරට පහළ ගියේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට පිළියමක් ලෙස සිචුවාන් පළාතේ පවුල් සඳහා දරුවන් බිහි කිරීමේ සීමා ඉවත් කර ඇති බව ය.
ඒ අනුව, ඔවුන්ට අවශ්‍ය සංඛ්‍යාවක් දරුවන් බිහි කිරීමට අවසරය ලැබෙන අතර අවිවාහක යුවළ සඳහා ද දරුවන් බිහි කිරීමට අවසර හිමි වෙයි. මීට පෙර අවිවාහක කාන්තාවන්ට දරුවන් ලියාපදිංචි කිරීම තහනම් කර තිබිණි