නාහිමිගේ විරෝධයෙන් මිහිඳු හිමිත් අඳුරේ
රාජ්‍ය පොසොන් උත්සවය මැයි මස 31දා සිට ජුනි මස 06 වැනිදා දක්වා අනුරාධපුරය මිහින්තලය පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. මෙය රාජ්‍ය උත්සවයක් ලෙස ක්‍රියාත්මක වන බැවින් එහි සියලූ බරපැන රජය දැරිය යුතු බවට ප්‍රකාශ කරමින් මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමි අවස්ථා ගණනාවකදී මාධ්‍ය සංදර්ශනයක නිරත විය.
මෙහිදී විහාරාධිපති හිමියන් පැවසුවේ රජයේ නිදහස් උත්සවය, ජනරජ පෙරහැර, බක්මහ උළෙල, වෙසක් උත්සවය හා ත්‍රස්තවාදයෙන් මුදවාගත් දිනය ද සැමරූ බැවින් රජයේ මැදිහත්වීමෙන් පොසොන් උත්සවය ද උත්සවාකාරයෙන් පැවැත්විය යුතු බවයි.
මේ සම්බන්ධයෙන් එක් අවස්ථාවකදී වැඩබලන උතුරුමැද පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා විහාරාධිපති හිමියන්ට කරුණු පැහැදිළි කළ අතර, එහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කළ සියලූ උත්සව සාර්ථකව නිම කළ නමුත් ඒ සඳහා රජයේ වියදම් වෙන් නොකළ බවයි. එම උත්සව සියල්ල වෙනුවෙන් වැය වූ සම්පූර්ණ වියදම පිටස්තර දානපතියන්ගෙන් සහ අන්‍යාගමික සියලූ දෙනාගෙන් ලබාගත් දායකත්වයන් ම`ගින් සිදු කළ බවත්, දැඩි ආර්ථික අර්බුදයකට රට පත්ව ඇති මේ මොහොතේ රාජ්‍ය මුදල් කළමනාකරණය කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවත්, එබැවින් උත්සව වෙනුවෙන් වියදම් කළමනාකරණය කිරීම කළ යුතු බවත්ය.
කෙසේ වෙතත් මිහින්තලා විහාරාධිපති ධම්මරතන හිමියන් දිගින් දිගටම මාධ්‍ය සංදර්ශන පවත්වමින් රජය විසින් මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් කිසිදු අනුග්‍රහයක් නොදක්වන බවත්, මේ සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය නිලධාරියෙකු සම්බන්ධ නොවූ බවටත් චෝදනා කරමින් ප්‍රකාශයන් නිකුත් කර තිබිණි. තවත් විටෙක විහාරාධිපති හිමියන් අවධාරණය කර සිටියේ පොසොන් උත්සවය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය, විදුලිය ලබා නොදෙන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ මිහින්තලා පුද බිමට අවශ්‍ය විදුලිබල සේවා අදාළ ගාස්තු ගෙවූ පසු විදුලිය ලබාගැනීමට මිහින්තලා විහාරාධිපති හිමියන්ට හැකි බවයි. රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නම් සියලූම විහාරස්ථාන සඳහා පොසොන් පොහොය වෙනුවෙන් එම අවස්ථාව ලබාදිය යුතු බවත්, එවැන්නක් කළහොත් එහි පිරිවැය නැවත අය කර ගැනීමට සිදුවන්නේ මහජනතාවගේ විදුලි බිලෙන් බව ද අවධාරණය කෙරිණි.
එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් කංචන විජේසේකර අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියේ විසි ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් පසුගිය පොසොන් පොහොයට අනුරාධපුරයට පැමිණි බව මිහින්තලා විහාරාධිපති හිමියන් පවසන්නේ නම් එම පිරිස ආධාර ලෙස දුන් මුදල් කළමනාකරණය කරගැනීමට උන්වහන්සේට හැකියාව නොතිබුණේ කුමන හේතුවක් මතද යන්නයි. එසේ පැමිණි ජනතාව රුපියල් 10ක් හෝ ආධාර ලෙස ලබා දෙන්නට ඇතැයි තමා විශ්වාස කරන බවත් ඇමැතිවරයා පැවැසීය. මේ එක් බැතිමතකුගෙන් රුපියල් 2 ගානේ පිං කැටයකට වැටුණත් මිලියන් 4ක් රැස්කර ගැනීමේ හැකියාව තිබේ.
කොහොම නමුත් පොසොන් උත්සවය වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හරහා මිහින්තලය රාජමහා විහාරය වෙත රුපියල් මිලියන 3.1ක මුදලක් ලබා දී ඇත. පසුගිය
ආසන්න වසර දෙක තුළ දී ද රජයේ අරමුදල් මගින් මේ හා සමාන මුදලක් ලබා දී ඇති අතර, 2021 වසරේදී මිලිය 2.3ක් හා 2022 වසරේදී මිලියන 2.9ක් ලබා දී ඇත.
(ආසන්න වසරවල වියදම් ලැයිස්තුව – ඇමුණුම් 01)
මේ අනුව රජය විසින් ආසන්න වසර කිහිපය පුරාම මිලියන තුනකට වැඩි මුදලක් වෙන් කර ඇති අතර, මේ වසරේදී එය මිලියන 3.1ක් දක්වා ඉහළ නන්වා ඇත. මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද පැහැදිලි කිරීමක් කර ඇති අතර, එහි දක්වා තිබුණේ රජය විසින් මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කර නොමැති බවට දැක්වෙන පුවත් සාවද්‍ය බවයි. එමෙන්ම එහි වැඩිදුරටත් කරුණු සඳහන් කර තිබුණේ රජයේ අමාත්‍යාංශ 02ක් සහ එක් දෙපාර්තමේන්තුවක් මගින් පමණක් රුපියල් ලක්ෂ 288ක මුදලක් මේ වන විටත් වෙන් කර අවසන් බවයි.
මේ අතර 2023 මැයි 25 වන දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ජේ.කේ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යවන ලද ලිපියේ දක්වා ඇත්තේ පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය, අටමස්ථානය හා තන්තිරිමලය ආශ්‍රිතව පැවැත්වෙත පොසොන් කලාපය වෙනුවෙන් රජයේ ආයතනවල මැදිහත්වීම සම්බන්ධවයි. එහිදී දිසාපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ අනුරාධපුර මහ නගර සභාව, මිහින්තලය මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභා විසින් එම ආයතන වෙත ලැබෙන ආදායම් ම`ගින් සනීපාරක්ෂක පහසුකම් ලබාදීම සිදු කරන බවයි. එසේම එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් දාන පාර්සල් 5,000 බැගින් සිල් සමාදන්වන උවැසි උවැසියන් සඳහා හීල් දානය, දහවල් දානය හා ගිලන්පස ලබාදීම සිදු කරන බවයි. මීට අමතරව මිහින්තලය, මහවිලච්චිය සහ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් විශාල ප්‍රමාණයක් දින කිහිපයක් තිස්සේ දිවා රාත්‍රී සේවය සඳහා යොදා ගැනීම ද සිදුකරන බව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අදාල ලිපිය මගින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත.
මෙම කරුණු කාරණා සලකා බැලීමේදී පෙනී යන්නේ මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් මාධ්‍ය හරහා සිදු කරන ප්‍රකාශ හා උන් වහන්සේ විසින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම්වල සත්‍යතාවයක් නොමැති බවයි. මේ වන විටත් රජය විසින් අවශ්‍ය මූලික ප්‍රතිපාදන වෙන් කර තිබියදී හා අනුරාධපුරය ආශ්රිත මහ නගර සභා, ප්‍රාදේශීය සභා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පූර්ණ මැදිහත්වීම මෙන්ම නිලධාරීන් යෙදවීම ද සිදු කර ඇති පසුබිමක පොසොන් උත්සවය වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමක් නොමැති බවට උන්වහන්සේ පවසන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නැත.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොරගස්වැව විජිත හිමියන් පවසන්නේ වර්තමානයේ රට තුළ උද්ගතව ඇති ආර්ථික පසුබෑම සැලකිල්ලට ගනිමින් යම් යම් මූල්‍ය පාලනයක් යටතේ පොසොන් උත්සවය පැවැත්විය යුතු බවත්, පොසොන් උත්සවය වෙනුවෙන් රජය ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර නොමැති බව උලූප්පා දක්වමින් වත්මන් ජනාධිපතිවරයා ඇතුළු රජයට විරුද්ධව බෞද්ධ විරෝධී වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම හා සමාජ මාධ්‍ය හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දෙමින් රටේ යම් අර්බුදයක් නිර්මාණය කිරීම යම් කුමන්ත්රණකාරී පිරිසකගේ උත්සාහයක් බවයි.
රාජ්‍ය උත්සවයක් වූ පමණින් සියලූ පිරිවැය රජය විසින් දැරිය යුතුය යන්න නිවැරදි නොවේ. රාජ්‍ය උත්සවයකදී සිදු වන්නේ අදාල උත්සවය බාධාවකින් තොරව පැවැත්වීමට රජය අවශ්‍ය පහසුකම් ලබාදීම පමණි. ඒ වෙනුවෙන් වූ ප්‍රතිපාදන රජය විසින් සම්පූර්ණයෙන්ම දැරීම කිසිසේත්ම කළ නොහැකි කරුණකි. කිසිදු රාජ්‍ය උත්සවයකට රජය මුළුමනින්ම පිරිවැය දැරීමක් සිදුන්නේ නැත. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයක පතුලටම ගිලී ගිය රටක් එකී අර්බුදයෙන් ගොඩ ඒමට වැයම් කරනා මේ මොහොතේ මෙවන් උත්සව වෙනුවෙන් පූර්ණ පිරිවැය දැරිම යනු කෙසේවත් සිදු කළ හැක්කක් නෙවේ. මෙවැනි මොහොතක රටත් ජනතාවත් ගැන සංඝයා වහන්සේ කල්පනා කළා නම් විය යුතුව තිබුණේ වෙනදා කරන විසිතුරු මහා පරිමාණ සංදර්ශන වෙනුවට විහාරස්ථානයේ අරමුදල් හෝ දානපතියන්ගේ බැතිමතුන්ගේ ආධාර උපකාර ඇතිව රජයට බරක් නොවන ලෙස මෙය සංවිධානය කිරීමය. නමුත් මස් රාත්තලම ඉල්ලා සිටින තැනට විහාරාධිපති ස්වාමීන් වහන්සේ පත්ව තිබීම කණගාටුදායක තත්වයකි.
ලංකාවේ ප්‍රසිද්ධ ආගමික සිද්ධස්ථාන යනු බොහෝ පිරිසකගේ ආධාර අනුග්‍රහ නිරන්තරයෙන් ලැබෙන්නා වූ ස්ථානය. පසුගියදා ජනාධිපතිවරයාගේම ඉල්ලීම මත ශ්‍රී දළදා මාලිගාව විසින් පවත්වන ලද ”ජනරජ පෙරහැර” යනු දළදා මාලිගාවට ලැබුණු ආධාර හා අනුග්‍රහ යොදවා පවත්වන ලද උත්සවයකි. ඒ වෙනුවෙන් රජයේ කිසිදු ආධාරයක් ලබා දී නොමැති අතර, දළදා මාලිගාව වෙනුවෙන් සැදැහැවතුන් පිරිනමන ලද ආධාර හා අනුග්‍රහ යොදවා සිදු කරන ලද්දකි.
මිහින්තලා පුදබිම ද රට පුරා විසිරී සිටින බෞද්ධ අබෞද්ධ සියලූදෙනාගේ නොමද ගෞරවයට පාත්‍ර වූ පුදබිමකි. බෞද්ධයින් විසින් වන්දනාමාන කිරීමේ හා දැක සිත් පහන් කර ගැනීමේ අරමුණින් මෙහි සංචාරය කරන අතර, විදේශිකයින්ගේ ද අවධානයට පාත්‍ර වු මෙම පුදබිම එකී මෙකී නොකී සියල්ලන්ගේ ආධාර අනුග්‍රහ ලබන ස්ථානයක් ලෙස ප්රකටය.
එමෙන්ම පොසොන් උත්සවය යනු වාර්ෂික උත්සවයකි. එනම් පහුගිය වසරේ ඒ පැවැත්වුවානම් මේ වසරේදීත් පැවැත්වීමට නියමිත උත්සවයකි. ඒ බව කිසිවකුත් නොදන්නා දෙයක් නොවේ. මිහින්තලා රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන රාජ්‍ය පොසොන් පොහොය පැවැත්වේ නම් එම විහාරාධිපති ස්වාමීන් වහන්සේ එහි මුලිකත්වය ගෙන ඒ සංවිධානය කිරීම විය යුතුව තිබුණේ වසරකට පෙරාතුව සිටය. ඒ මග හැර රජයෙන්ම සියල්ල කර දෙන තුරු බලාගෙන සිටීම මෙහිදී සිදුව ඇති බව පැහැදිලිය.
සත්‍ය වශයෙන්ම වසර පුරා දෙස් විදෙස් බැතිමතුන්ගෙන් සංචාරකයන්ගෙන් මිහින්තලා පුදබිමට ලැබෙන පුද පඬුරු උන් වහන්සේ විසින් නියමාකාරයෙන් කළමනාකරණය කර ගත්තේ නම් මෙසේ එක් එක් පාර්ශවයන් වෙත චෝදනා කිරීමට හෝ මුදල් සොයා පිණ්ඩපාතයේ වැඞීමට උන්වහන්සේට අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත. කොටින්ම රජයේ කිසිදු අනුග්‍රහයක් නොමැතිව මෙය පැවැත්වීමේ හැකියාව තිබේ. ඒ අනුව පොසොන් උත්සවය වෙනුවෙන් මූල්‍යමය ගැටළු පැන නැගී ඇතැයි පැවසීම නැවත වරක් අවධානය යොමු කළ යුතු බරපතල තත්වයකි.
කෙසේ වෙතත් අපට අවසන කීමට ඇත්තේ පටු දේශපාලනික හෝ වෙනත් අරමුණු වෙනුවෙන් අන්තවාදී මතවාදයන් ඇති කිරීම නොපනත්කමක් බවයි. ආර්ථික අගාදයට වැටී ඇති රට ගොඩ ගැනීම සඳහා සහය දිය යුත්තේ මෙකී අන්තවාදයෙන් මිදී මිහිදු හිමියන් මෙරටට ගෙනා පනිවිඩයේ සැබෑ අරුත මතු කිරීම තුළින් පමණක්ම බව අප නැවත නැවතත් අවධාරණය කරමු.
- රිද්ම අනුරාධ ගමගේ