ජනපතිට සහාය දෙන නව සන්ධානයේ නායකයා දිනේෂ් ගුණවර්ධන
මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල එකතුවෙන් බිහිවන නව දේශපාලන සන්ධානය මහජන එක්සත් පෙරමුණේ නායක, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් බිහි කිරීමට තීරණය කර තිබේ.
ඉදිරි දින කිහිපයේ දී දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට නියමිතය.
එම සියලු පක්ෂ හා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙම නව සන්ධානය එළිදැක්වීම සිදුවනු ඇතැයි ද එම දේශපාලන ආරංචි මාර්ග පවසයි.