දරුවන් වෙනුවෙන් E-mail සැකසීමේදී දෙමවුපියන්‌ගේ දත්ත ඇතුළත් කරන්න එපා – ශ්‍රී ලංකා පොලීසිය

0

ජංගම දුරකථන මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචිය සහිත ජංගම දුරකථන මිලදීගන්න – ශ්‍රී ලංකා පොලීසිය

පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල් (E-mail) ගිණුම් සැකසීමේදී දෙමවුපියන්‌ගේ දත්ත ඇතුළත් නොකරන ලෙසත් දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු දත්ත ඇතුළත් කරන ලෙසත් පොලිස් අපරාධ අංශයේ උසස් නිලධාරීන් පැවසීය. ඔවුන් මේ බව පැවසුවේ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී කරුනු දක්වමිනි.

මෙහිදී එම නිලධාරීන් පෙන්වා දුන්නේ පසුගිය කාලසීමාව තුළ මාර්ග ගත අධ්‍යාපනය ප්‍රචලිතවීම හේතුවෙන් දරුවන් සඳහා ජංගම දුරකථන (Smart Phone active) ඇතුළු පරිගණක උපාංග භාවිත කිරීමට ලබාදීම සිදු වූ බවයි. නමුත් එසේ ස්මාර්ට් ජංගම දුරකථන ලබාදීමේදී සහ විද්‍යුත් තැපෑල ආරම්භ කිරීමේදී දෙමවුපියන්ගේ දත්ත මේ සඳහා ලබාදීම නිසා දරුවන්ට ඹ්නෑම වෙබ් අඩවියකට පිවිසීමට අවස්ථාව ලැබෙන බව මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ.

එසේ නොමැතිව දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු තොරතුරු ලබාදීම සිදු කරන්නේ නම් අන්තර්ජාල පද්ධතිය විසින්ම දරුවන්ට නුසුදුසු දර්ශන සහ වෙබ් අඩවි සොයාබැලීමේ හැකියාව සහ ප්‍රවේශය පාලනය කිරීම සිදු කරන බව පැවසීය.

එසේම දුරකථන භාවිතයේදී එම දුරකථන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමත දුරකථනයක්දැයි පරීක්ෂා කිරීම වැදගත් බවද මෙහිදී පැවසීය. එනම් යම් කිසි අපරාධමය ක්‍රියාවකට එම දුරකථන යොදා ගතහොත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කිරීමේ හැකියාව මෙම දුරකථන සතුව පවතින බවයි. එනම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචි කළ ජංගම දුරකතන තුළට සිම් පතක් ඇතුළත් කළ විට ඒ සම්බන්ධ තොරතුරු මෙම කොමිෂන් සභාවට ලැබෙන බවයි. ඒ නිසා ජංගම දුරකථන මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) ලියාපදිංචිය සහිත ජංගම දුරකථන මිලදීගන්නා ලෙස මෙහිදී පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමද සිදු කළේය.

තවද පොලීසිය විසින් ජාතික සංහිඳියාව හා ළමා හා කාන්තා කාරයංශය සම්බන්ධව සිදු කරන වැඩපිළිවෙළ පිළිබඳවද පුළුල් ලෙස මෙහිදී සාකච්ඡාවට ලක් කරන ලදී.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *