පිපි පනින මිමි
රටක නැගීමේ හා බැසීමේ තරම තීරණය කරන මූලික දත්ත සමුදායක් ඇත. ඒ අනුව රටේ සංවර්ධනයේ වර්ධනය හෝ අවවර්ධනය තීරණය කිරීම ආර්ථික විද්‍යාත්මක කරුණකි. ලොව ඕනෑම රටක මෙම ඉලක්කම් මත පදනම් වූ’මැන බැලීම් අනිවාර්යක්. ශ්‍රී ලංකාවේ මෙම ආර්ථික දත්ත මත වන මැන බැලීම් සිදුවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව, ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැනි ආයතන විසිනි.
කෙසේ නමුත් මෙම ආර්ථික හා සමාජීය දත්ත විශ්ලේෂණයන් මත වන පුරෝකථනයන් රටේ දේශපාලන ප්‍රවාහය සමග සෘජුව සම්බන්ධතාවයක් පවතී. රජය ගන්නා තීන්දු තීරණ’විසින් රටේ ආර්ථිකය හා සංවර්ධනය සදහා බලපෑම අනිවාර්යය. ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුවේ සම්මුතියෙන් ගන්නා තීන්දු මත රටේ ආර්ථිකය හා සාමාජීය සංවර්ධන අංශයට අතිශය බලපෑම් සහගත වෙයි. කෙසේ නමුත් මේ ආර්ථික දත්ත සහ සංඛ්‍යා ලේඛන මත පදනම්ව කරන පුරෝකථන රටක සංවර්ධනයේ තරම සහ එහි අනාගතය ගැන පොදු අදහසක් ගත හැකිය.
ඒ අනුව රටේ සංවර්ධනය මැන ගන්නා මුලික දත්ත කිහිපයක් වේ. ඒ අතර උද්ධමනය, පොලී අනුපාතය, රැකියා නියුක්ති අනුපාතය, විනිමය අනුපාතය, විදේශ සංචිත ප්‍රමාණය, ආර්ථික වර්ධනය වේගය, ඒක පුද්ගල ආදායම වැනි දෑ ප්‍රධානය.
උද්ධමනය
රටේ උද්ධමනය, කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් තීරණය කරයි. ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ හා සේවා නියෝජනය වන භාණ්ඩ පැසෙහි පොදු මිල මට්ටම් අනුව එම ගණනය කෙරේ.
ඒ අනුව කොළඹ’මිල දර්ශකයෙහි (2021 = 100) වාර්ෂික ලක්ෂමය වෙනස මගින් මනිනු ලබන මතු පිට උද්ධමනය 2023 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 35.3හි සිට 2023 මැයි මාසයේදී’25.2 දක්වා පහළ ගොස් ඇත. පසුගිය 2022 වසරේ ඔක්තෝබර් මාසයේ වන විට උද්ධමනය 66.0ක පැවැති අතර මෙය 2022 නොවැම්බර් මාසයේ දී සියයට 61.0ක් දක්වා පහළ ගියේය. ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 85.6ක් වූ අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 56.3ක් විය.
මෙම උද්ධමනය පහළ යාම ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවන්ට අනුව ආර්ථික ප්‍රතිසංස්කරණයන් සමඟ කළ පුරෝකථනයන්ට සාපේක්ෂව සමාන වන අතර මෙය 2022 උද්ධමනය සමග සැසදූ’විට අතිශය ප්‍රසංසනීය තත්වයක පවතී. පෙර වර්ෂවල උද්ධමනයට බලපෑ හේතු සාධකයන් කෙරෙහි අවධානය යොමු කළ හොත් පෙනී යන්නේ බදු සහනලබා දීම, පොලි අනුපාතයන් පහල අගයක් තිබීම, රාජ්‍ය ආදායම් අහිමිවීම තුළ මුදල් මුද්‍රණය කරමින් අනවශ්‍ය මුදල් පොම්ප කිරීමක් වෙළදපොළ වෙත සිදුකිරීමත් ඩොලරයේ අගය කෘතිමව පහළ මට්ටමක තබා ගැනීම වෙනුවෙන් විදේශ සංචිත මුදා හැරීමත් ආදිය හේතුවෙන් සංචිත හිඟයක් ඇතිවීම ආදිය මේ තත්වයට බලපෑ ඇති බවයි. මහ බැංකු අධිපතිවරයා පවසන පරිදි 2020 සහ 2021 වසරවලදී රුපියල් බිලියන 400කට ආසන්න ප්‍රමාණයක මුදල් අච්චු ගසා බැංකු පද්ධතියට මුදා හැර තිබිණි. 2019 වන විට ඩොලර බිලියන 7කට වඩා තිබූ සංචිත වසර දෙකක් තුළ නැත්තටම නැතිකර ගෙන තිබිණි. මේ අනුව ලෝකයේ ඉහළම උද්ධමන අනුපාතයක් පවතින රටවල් අතරට මෙරට පත්විය. මෙය ඒ වන විට රට කරවූ’පිරිස් විසින් ලංකාවේ ආර්ථිකයට සිදු කළ’මහා පරිමාණ හානියයි.
නිවැරදි ආර්ථික කළමණාකරණයක් නොමැතිවීම මත 2022 උද්ධමනය දැඩි ලෙස ඉහළ ගිය නමුත් 2022 අවසාන කාර්තුවෙන් පසුව මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම හරහා මුදල් අච්චු ගැසීම සීමා කිරීමට යොමු විය. කෙසේ නමුත් මෙම වසර අවසානයේදී උද්ධමනය තනි ඉලක්කමක් දක්වා යොමුවීම වත්මන් රජයේ වැඩපිළිවෙල බව පසුගියදා මුදල් ඇමතිවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කොට සිටියේය.
2023 වර්ෂයෙහි උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පත්වීමට අදාළව වන පුරෝකථනයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කොට ඇත්තේ මෙසේය.
දැනට පවතින තොරතුරු අනුව උද්ධමනය අඩුවීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතින අතර පෙර පැවැති පුරෝකථනයන්ට වඩා වැඩි වේගයකින් උද්ධමන අනුපාතය අඩුවී 2023 වසරේ තුන්වන කාර්තුව වන විට තනි අගයක මට්ටමට ළඟා වනු ඇත. මෙලෙස උද්ධමනය පහළ යෑම කෙරෙහි දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය’ ප්‍රතිපත්තිවල පසු බලපෑම, ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම, ඉන්ධන සහ ගෑස් මිල අඩුවීම, ආහාර මිල ගණන් යථා තත්වයට පත්වීම, මෙන්ම හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම් සහය වනු ඇතැයි මහ බැංකු සංනිවේදන දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කර තිබිණි.
ඒ අනුව රටක ආර්ථික දත්තයන්ගේ මූලිකත්වය ගන්නා උද්ධමනය පෙර වර්ෂයට වඩා අඩු අගයක් ගන්නා ආකාරය ඉහත වගුව මගින් දැක ගත හැකිවේ.
ආර්ථික වර්ධනය
රටක අර්ථික වර්ධන වේගය අනුව එම රටේ සංවර්ධනය සීමාවන් තීරණය කරනු ලබයි. සංඛ්‍යා දත්ත හා සැබෑව අතර මෙහිද යම් යම් ගැටුම් පැන නැගිය හැකි වුවත් ආර්ථික වර්ධන වේගය මගින් එම රාජ්‍යයෙහි නිෂ්පාදයේ හා ජාතික ආර්ථිකයේ වර්ධනය පෙන්නුම් කරනු ලබයි. මෙය ආර්ථික විද්‍යාත්මකව දක්වන්නේ නම්, සාමාන්‍යයෙන් අවුරුද්දක කාල සීමාවක් තුළ රටක පුද්ගලයකුගේ දළ දේශීය නිෂ්පාදිතයේ හෝ ජාතික ආදායමේ සිදුවන වැඩිවීමකි. එනම්, එක් එක් පුද්ගලයා සතුව ඇති ආදායම් වර්ධනය වන්නේ නම්, වැඩි ආර්ථික වර්ධනයක් ඇති බව කියනු ලැබේ.
සැබෑවටම එක් පුද්ගලයෙකුගේ ආදායම මෙහිදී නිර්ණායක වුවත් සමස්ත ජනගහනයේ එකතුවක් ලෙස ගැනීමෙන් මෙහි ප්‍රතිඵලයක් ලෙස ගණනය කිරීම සිදු කෙරේ.
මේ අනුව ලංකාවේ සමස්ත ජනගහනයේ යම් කාල සීමාවක් තුළ නිෂ්පාදනය හා ආදායම සලකා එය ජගහනයෙන් බෙදීමකට ලක් කොට නිර්ණායකයට පැමිණේ. ලංකාවේ පසුගිය කාලය තුළ ඇති වූ ආර්ථික වර්ධන වේගය ගත හොත් 2022 වර්ෂයේදී’පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2021 වර්ෂයේ පළමු කාර්තුවේ දී වාර්තා වූ සියයට 4.0ක වර්ධනය හා සසඳන විට පසුබෑමට ලක්වෙමින් සියයට 1.6කින් සංකෝචනය වී ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මෙය 2023 වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය -4.3කින් හැකිලෙනු ඇති බව ලෝක බැංකුව පවසයි. රට තුළ’අර්බුද ගණනාවකින් පසුවද මෙවැනි අගයක ආර්ථිකය පිහිටීම රාජ්‍ය මැදිහත්වීමේ හා ආර්ථික උපායමාර්ගයන්හි වර්ධනීය තත්වයක් බව ලෝක බැංකු වාර්තා වැඩිදුරටත් සදහන් කොට සිටී. නමුත් ආර්ථික ප්‍රතිසංස්කරණයන් මත ඉදිරි වසර දෙකතුන තුළදී වන විට සියයට 3කට එහා ගිය වර්ධනයක් අපෙක්ෂා කරයි.
සංචිත ඉහල යාම
රටක ආර්ථිකයේ තවත් එක් පැතිකඩක් වන්නේ විනිමය අනුපාතය හා විදේශ සංචිත ප්‍රමාණයේ ඉහල යාමයි. පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂයෙහි සංචිත ප්‍රමාණය ඉහල යාමක් පෙන්නුම් කරන අතර එය පසුගිය මාසයේ පෙන්නුම් කරනු ලැබූවේ ඇමරිකානු ඩොලර් මිලියන 3483ක් ලෙසය. පසුගිය මැයි මාසය තුළ පමණක් ඩොලර් මිලියන 728ක වැඩිවීමක් පෙන්නුම් කොට ඇති අතර වසර අවසාන වන විට නිල සංචිත ඩොලර් මිලියන 4,431ක් දක්වා වර්ධනයක් අපේක්ෂා කරයි.
එම ඉලක්කයට තවත් අඩු ඩොලර් මිලියන 948ක් පමණක් වන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන්නට නියමිත ඩොලර් මිලියන 334ක දෙවන වාරිකයද සැලකූ විට ඉදිරි මාස හතක කාලය තුළ මහ බැංකුව විසින් ශුද්ධ ලෙස වෙළඳපොළෙන් මිල දී ගත යුතුව තිබෙන්නේ ඩොලර් මිලියන 614ක පමණ ප්‍රමාණයක් පමණය. දැනට තිබෙන වර්ධනයන් අනුව ඒ පහසු කරුණත් වෙනු ඇත.
විනිමය අනුපාතය
විනිමය අනුපාතය තුළ ඇමරිකානු ඩොලරයේ පහත වැටීමක් දිගින් දිගටම සිදුවෙමින් පවතින අතර විනිමය අනුපාතිකය පසුගිය මාසයට සාපෙක්ෂව මේ වන විට 290 දක්වා සීමාවකට පහත වැටී තිබේ. මෙයට හේතුව මේ දක්වා රාජ්‍යමූල්‍ය කළමනාකරණය ඉලක්කවලට ඉදිරියෙන් පැවතීම සහ ඒ හේතුව මත මුදල් සැපයුම සීමා වී උද්ධමනය ඉලක්ක මට්ටමටද වඩා අඩු වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය පෙර ඇස්තමේන්තු කළ තරමට නොහැකිළී වඩා ඉක්මණින් නැවත වර්ධනය වීමට ඉඩ ඇති බව ආර්ථික විශේෂඥයින් මත පළ කරමින් තිබේ.
ලංකාව තුළ’පසුගිය වර්ෂ කිහිපය තුළ පැවැති ආර්ථික බිද වැටීම ක්‍රමයෙන් ශක්තිමත්ව පොලී අනුපාතිකය වැනි ආර්ථිකයේ මූලික දත්තයන් පහත වැටීම ජනතාව අපෙක්ෂාකරන මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමක් ලෙස දැක්විය හැකිය.
වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටින් ආර්ථික ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් අවලාද හා දෝෂාරෝපණයන් කොතෙකුත් ඇත. සිහිබුද්ධියෙන් කල්පනා කරන්නෙකුට මේ වන විට රටේ ආර්ථිකය ගොඩනැගීමේ පදනම් ශක්තිමත් වන බවට මෙකී’දත්ත විසින් පෙන්නුම් කරමින් සිටින බවට අවබෝධ’කර ගැත හැකිවේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සහනය සහ එම නිර්දේශ මඟින් සාර්ථකව සිදුවන ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ ඉදිරි සංවර්ධනීය ඉලක්ක සපුරාලීම සිදු වෙනු ඇති බව මෙම දත්ත මගින් පැහැදිලිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය යාන්ත්‍රණය නිවැරදිව මෙහෙයවමින් මේ ක්‍රියාවට නංවා ඇත්තේ සුළුපටු ක්‍රියාදාමයක් නොවන බව ගෙවී ගිය මාස කිහිපය තුළ ඔප්පු කොට අවසන්ය. කොරෝනා අර්බුදය, මුග්ධ ආර්ථික කළමණාකරණය, දුෂණයෙන් හා නාස්තියෙන් විනාශ වී ගිය රටේ ආර්ථික දේහය මෙලෙස නැවත ශක්තිමත් වීම මඟින් ඉදිරි ඉලක්ක සපුරාලීම සදහා වන පදනම වැටී ඇත. මෙය සිදු නොවන්නට රටම තවමත් පෝලිම් පිට පෝලිම්වල සිටිමට නියමිත විය. ආර්ථික සංඛ්‍යා දත්ත වල සෘණ අගයන්හි ගනනය කරමින් සිටින්නට සිදු වෙනු ඇත. කොහොම නමුත් ඉහල ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් පාර කැපීමට අවැසි ශක්තිය රජයට ඇති බව මේ වන විට පෙන්වා ඇති අතර ඒ සඳහා සියළු පාර්ශවයන් හී සහය ලබා දීම ඒ ඉලක්ක අපේක්ෂා කරන කාලයට පෙර සම්පූර්ණ කිරීමට දායකවීමක් වෙනු ඇත.
- කේ.පී.අයි. ප්‍රියංගනී