දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම කයියක් නෙමෙයි වැඩක් !

Young Woman With Red Chili Pepper Isolated en black background.

සුපුරුදු ගෝනි සෙල්ලම්ද සමඟ වත්ත වටේ පුපුර පුපුරා ඇවිලෙන්න කියා ගිනි තියන්න විපක්ෂය අලු‍ත් බට කැලයක් සොයාගෙන ඇත. ඒ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමය. මේ ගැන විපක්ෂයෙන් ඇහෙන කතා අනුව ආණ්ඩුව දේශීය බැංකු පද්ධතිය හාන්සි කරන්න ඔන්න මෙන්නය. කොටස් වෙළඳපොළ වසනවා කියූ ජනාධිපතිට බැංකුවක් දෙකක් වැසීම මහ කජ්ජක් නොවේය. ආණ්ඩුව සූදානම් වන්නේ අර්ථ සාධක අරමුදලටත් කෙළින්නය.

කොහොමටත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ අපේ රටේ ජනතාවට අලු‍ත් දෙයක්ය. ඒ නිසාම ඒ අලු‍ත් දෙය අස්සේ බිල්ලන් මැවීම දුෂ්කර නැත. කොටින්ම කියනවා නම් බැංකුකරුවන්ගේ සංගමය පවා කළබල වී ඇත.
දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණයේදී මහ බැංකුවේ නියාමන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ඇති බැංකු අංශයේ
ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්ම අනුපාත සහ ද්‍රවශීලතා ආවරණ අනුපාත දුර්වල නොකළ යුතු බව දක්වමින් ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර පවසන්නේ ඒ නිසාය.

එවැන්නක් සිදුවුවහොත් ඒ තුළින් මහජන විශ්වාසය කඩවිය හැකි යැයිද එසේ මහජන විශ්වාසයෙහි බිඳවැටීමක් විශාල ගැටලු‍වකට හේතුවනු ඇතැයිද බැංකුකරුවන්ගේ සංගමය සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත.
ස්චේච්ඡාවෙන් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම යන්නෙහි අර්ථය පැහැදිලි කරන්නැයි ඉල්ලා සිටින බැංකුකරුවන්ගේ සංගමය එම ක්‍රියාවලිය අදාළ වන්නේ කවර පාර්ශ්වයකටදැයි යනුවෙන්ද ප‍්‍රශ්න කර ඇත.

අතිශය දුෂ්කර තීන්දු අතරේ පවා බැංකුවල ස්ථාවරත්වය පවත්වාගෙන යෑම ආර්ථිකය යථාවත් කිරීමෙහි මූලික කරුණක් වනු ඇතැයිද එම නිවේදනයේ සඳහන් ය.

මේ වන විට රජය රුපියල් ටි්‍රලියන 8.8කට ආසන්න මුදලක් භාණ්ඩාගාර බැඳුම්කර හරහා දේශීය වෙළෙඳපොළෙන් ලබාගෙන ඇත. ඒ ණය ප්‍රමාණයෙන් 44.5%ක් පමණ ලබාදී ඇත්තේ මෙරට වාණිජ බැංකු විසින් ය. තවද මේ ණය ප්‍රමාණයෙන් 43%කට ආසන්න කොටසක් සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල නියෝජනය කරන අතර 9%ක්ම රක්ෂණ අංශය නියෝජනය කරයි. ශ‍්‍රී ලංකා බැංකු සංගමය කියන්නේ ශ‍්‍රී ලංකාවේ සියලු‍ම බලපත‍්‍රලාභී බැංකු නියෝජනය කරන ආයතනය ය. එනිසා ඔවුන් මෙන්ම ඉහත කී මහජන අරමුදල් නියෝජනය කරන කොටස් දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධව සංවේදීවීම සාධාරණය. නමුත් මේ සම්බන්ධයෙන් වන රජයේ මැදිහත්වීම ගැන අනියත සැකසංකා මතුකර කාරණය මුළුමනින්ම දේශපාලනීකරණය කරන විපක්ෂයේ කෙමන කරේ තබාගෙන යයි නම් එයත් ඒ තරමටම අසාධාරණය.

ඒ ගැන කිහිපවතාවක් අවධාරණය කළාට වැඩි නැත්තේ ලංකා ආර්ථිකය ඉතිහාසයේ මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදයට මුහුණදී සිටින පසුබිමේ ආර්ථිකය නැවත ගොඩනගන මල් වට්ටියට වැරදීමකින්වත් සහයක් නොදෙන, සිය පටු දේශපාලන අභිමතාර්ථ පෙරමුණේ තබන්න රටත් ජනතාවත් දෙවරක් නොසිතා පරදු තබන විපක්ෂයක් සමඟ මේ ගනුදෙනුව හරියට බේරාගන්න සිදුව ඇති නිසාය. නැත්නම් රට යළිත් 2022 වසරේ පැවති තත්වයටත් වඩා දරුණු කඩාවැටීමකට ලක්වීම අනිවාර්යයක් වන නිසාය.

මෙරට ගෙවීමට තිබෙන ණය තිරසාර නොවන බව, එනම් බංකොලොත් බව ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදාය. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්න තීරණය කරන්නේද ඒ නිසාය. එහිදී අත්හැර හෝ මඟහැර යා නොහැකි කොන්දේසියක් වන්නේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමය. ඒ වෙනුවෙන් මේ වන විටත් විදෙස් ණය හිමියන් සමඟ සාර්ථක එකඟතාවකට පැමිණීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය සමත්ව ඇත. නමුත් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම විදෙස් ණය සම්බන්ධව පමණක් නොව, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමටද අදාලය. කොහෙත්ම මඟහැර යා නොහැකි අනිවාර්යය කටයුත්තක් ය.

ඒ අනුව දැන් ඇසිය යුත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද? යන්නය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනුවෙන් අදහස් කරන්නේ, ණය තිරසාරභාවය සහ ඒ ණය ආර්ථිකයේ පැවැත්මට දැඩි බලපෑමක් නොවන ලෙස කළමනාකරණය කිරීමය. මෙහිදී ණය ප්‍රතිව්‍යුහගත කරන්නේම වෙනත් විකල්පයක් නැති නිසාය. එහි අරමුණ අන් කිසිවක් නොව ණය ගෙවීම පාලනය කළ හැකි මට්ටමකට ගෙන ඒමය.

ලෝකයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රම කිහිපයක් ඇත. එයින් එක් ක්‍රමයක් වන්නේ හෙයාකට් (්‍ය්සරජමඑ) ක්‍රමය ය. එහිදී සිදුකෙරෙන්නේ ණය ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් අඩු කරන්නට ණය හිමියන් සමඟ එකඟතාවක් ඇතිකර ගැනීමය. නිදසුනක් ලෙස බිලියන 10ක ණයක් ගෙන ඇත්නම්, එම ණය ප්‍රමාණය බිලියන 7ක් සේ සළකා ගෙවීමට අවස්ථාව සලසා දීමය. බිලියන තුනක් “‍පිනට”‍ දුන්නා කියා හිත හදාගන්නට එහිදී ණය හිමියාට සිදුවන්නේය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තවත් ක්‍රමයක් නම්, පොලිය අඩු කිරීම නැතිනම් ක්‍දමචදබ ක්‍කසචචසබට ක්‍රමයය. එහිදී සිදුවන්නේ ණය නිකුත්කර ඇත්තේ 5%ක පොළියකට නම්, එය එතැන් සිට 2.5%ක් ලෙස ගණන් තබා කටයුතු කිරීමය. මෙහි ඇති තවත් ක්‍රමයක් වන්නේ ණය ගෙවීමට ඇති කාලසීමාව දීර්ඝ කිරීමය. එනම් ෑංඑැබිසදබ දf ඵ්එමරසඑහ ය. එහිදී සිදුවන්නේ පෙර ණය ගෙවීමට තිබු කාලය වසර 3ක් නම්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ ණය ගෙවීමේ කාලය වසර 10- 15ක් දක්වා දීර්ඝ කිරීමය. එසේම ඉහත ක්‍රම 3 ම එකට සංකලනය කළ ඵසං ්බා ප්එජය දf ්කක දf එයැ ්ඉදඩැ ක්‍රමයය.

දැන් හංගා ගහන්න කිසිම දෙයක් නැත. ඉත්තන් හංගා හුන්ගන් සමඟ සෙල්ලම් කරන්න දෙයක් ද මෙතන නැත. මේ ක්‍රමවලින් කුමන ක්‍රමයක් අනුගමනය කළ ද ණය හිමියන්ට කිසියම් කැපකිරීමක් කරන්නට සිදුවන බව ඉතාම පැහැදිළිය. මෙහිදී රජය සෘජුව ලබාගත් ණය පමණක් නොව, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැනි රාජ්‍ය ව්‍යවසාය ලබාගත් ණයද තක්සේරු කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එක්කර ගත යුතුව ඇත. ඒ සමඟ තවත් විවිධ ආයතන ඇතුළේ සඟවා ඇති ණය ප්‍රමාණ ද අනාවරණය කරගෙන වඩාත් පාරදෘෂ්‍යභාවයකින්, පරිස්සමෙන් සහ විධිමත් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුව ඇත. මෙහිදී අභියෝගාත්මකම කාරණය වන්නේ මේ ණයවලින් කොතරම් ප්‍රමාණයක් කොහොම ණය හිමියන් දරාගත යුතුද යන්නය. එය සීරුවට කළ යුතු සංකීර්ණ සහ සියුම් ක්‍රියාවලියක් ය.

මේ පසුබිමේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව විපක්ෂය ඇතුළු විවිධ පාර්ශව මවන ලොකුම බිල්ලා නම් ලංකාවේ බැංකු පද්ධතිය සම්බන්ධවය. විශේෂයෙන් වාණිජ බැංකු ය.

සාමාන්‍යයෙන් වාණිජ බැංකුවක පැවැත්ම සැළකීමේදී, ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය, මුදල් බවට හැරවිය හැකි සම්පත්වල අනුපාතය යන කාරණා තීරණාත්මකය. මුල්‍ය වෙළඳපොළ පවසන ආකාරයට බැංකු පද්ධතිය දැනට මේ අනුපාත මනාව පවත්වාගෙන යයි. එය බැංකු නියාමන ආයතනය වන මහ බැංකුවේ අවශ්‍යතාව මත නියමිත මාත්‍රාවට පවතී. මේ තත්ත්වය කිසි හේතුවක් නිසාවත් වෙනස් නොවිය යුතු ය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෝ වෙනත් අනතුරක් හෝ තෙරපුමක් නිසා මේ තත්ත්වය වෙනස් නොවිය යුතුය. ඒ ගැන හොඳ අවබෝධයක් සහ කියවීමක් රජයට ඇත.

එසේම විපක්ෂය මවන තවත් බිල්ලෙක් වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හමුවේ බැංකුවල ගනුදෙනුකරුවන් අනාථ වන බවය. මේ වන විට නිල වශයෙන් නිවේදනය වී නැතත්, ඒ සම්බන්ධයෙන් දැනගන්නට ඇති විශ්වාසදායක ආරංචි මාර්ග කියන්නේ භාණ්ඩාගාර බිල්පත් හා ස්ථිර තැන්පතුවල ආයෝජනය කළ මුදල් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් නොවන බවය. ඒ අනුව භාණ්ඩාගාර බිල්පත් සහ ස්ථිර තැන්පතු සම්බන්ධයෙන් අනවශ්‍ය කලබලයක් ඇති කරගත යුතු නැත. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී පළමුව අවධානය යොමුවීමට නියමිතව තිබෙන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වෙත බවය. භාණ්ඩාගාර බිල්පත්වල කර තිබෙන ආයෝජන සම්බන්ධයෙන් අවධානය යොමු විය හැක්කේ ඉන් අනතුරුවය. එය ද අවශ්‍යතාවක් තිබුණොත් පමණය. එහිදී තැම්පත්කරුවන්ට යම් බලපෑමක් සිදුවිය හැක්කේ කල්පිරීමේ දිනය කල්දැමීමක් වැන්නක් නිසා කිසිවක් ගැන අනියත බියක් ඇති කරගත යුතු නැත.

මේ ගැන පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැහැදිලි ප්‍රකාශයක් කර තිබිණ. ඒ “‍දේශීය ණය ප්‍රශස්ථකරණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ නිර්ණායක පිළිබඳ තීරණය තවමත් අවසන් කර නැත. සමස්ත ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රමවේදයේ ක්‍රමෝපාය සම්බන්ධ අවසාන තීරණ ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ රජය විසින් කඩිනම් නිවේදනයක් නිකුත් කරනු ඇත” කියාය. ඒ කියන්නේ හංගලා ගැහිලි කිසිවක් මෙතන නැති බවය. අර්බුදයෙන් රට ගොඩගන්න මෙතක් ජනාධිපති රනිල් අනුගමනය කළ ක්‍රමවේදය වුයේ කරන්න යන දේ කියා එය කර පෙන්වා, සාර්ථකත්වය ඔප්පු කිරීමය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් එහෙමය. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ෂඵත්‍ යෝජනාවට සහයදීමේ යෝජනාව සම්බන්ධව පැවති විවාදයේදී ජනාධිපති රනිල් ඒ ගැන විශේෂ අවධාරණයක් සිදුකළේය.
ඒ “‍විශේෂයෙන්ම මෙහිදී සෑම අංශයක් පිළිබඳවම අවධානය යොමු කළයුතුයි. කිසිවෙකුට මෙහිදී හානියක් සිදු වන්නේ නැහැ. ඇතැම් බැංකු කියනවා මේකට මුහුණ දෙන්න බැහැ කියලා. මම ඔවුන්ට කියන්නේ එසේනම් ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙල භාරගන්න කියලා.

කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා කියනවා. ඔලු‍වට තුවක්කුව තියලා විවිධ කොන්දේසි ඉදිරිපත් කරන්න බැහැ. අපි පාර්ලිමේන්තුවේ දී තීරණය කරලා මොකක්ද කළ යුත්තේ කියා දැනුම් දෙන්නම්. මම දැක්කා අර්ථ සාධක අරමුදල ගැන ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සාමාජිකයන්ට හානියක්වීමට අපි ඉඩ දෙන්නේ නැහැ මොකද එය ආරම්භ කළේ අපි”‍ කියමින්ය.

මේ වචනය දෙන්නේ නිකංම නිකං රනිල් වික්‍රමසිංහ නොවේය. මේ රට ඉතිහාසයේ මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදයට මුහුණදුන් අවස්ථාවේ පෝලිම් යුග අවසන් කර ඉදිරියක් ගැන බලාපොරොත්තුවක් දුන්න, යළි නැගිටීමට හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කළ ජාතික නායකයාය. නායකයන් කියාගත් අනිත් සේරම අරගලයට බයේ සැඟවී සිටිනා විට, අරාජිකත්වයේ සහ දිග්ගැස්සෙන ප්‍රචණ්ඩත්වයක් වෙත යමින් තිබූ රට යළිත් හරි පාරට ගෙන නිදහසේ හුස්මක් ගෙන ජීවිතය ගැන, අනාගතය ගැන හිතන්න බය නැති කළ නායකයාය. රටේම හුස්මපොද රැකදුන්න නායකයෙක් බැංකු පද්ධතියක, මහජන අරමුදලක වටිනාකම නොදනීද? නොතකයිද? යළි නැගිටින්න වැදගත් “කයිවාරු”‍ ද “‍වැඩ”‍ ද? වැඩ කියා සිතන කවුරුත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මවන බිල්ලන්ට බය වෙන්න අවශ්‍ය නැත.

  • කල්ප අනුත්තර ලියනගේ