එකම මගක පියවර මැන යන්නයි
” අද තිබෙන ලොකුම ප්‍රශ්නයක් ඉකොනොමික් ක්‍රයිසස් එක. එය ඉතාම බරපතළ ලෙස බලපා තිබෙනවා. ඩොලර් ටිකක් සොයා ගැනීමෙන් එය විසක්‍ෂෙන්නේ නැහැ. එය කාලයක් තිස්සේ අභ්‍යන්තරයේම පැන නැගිලා, පුපුරලා වර්ධනය වෙමින් ආ ගමනක ප්‍රතිඵලයක්. ඒ නිසා අපට සාමකාමී තත්වයක් අවශ්‍ය වෙනවා මෙම සැලසුම් ක්‍රියාත්මක කරගැනීමට, අපි අරගෙන තිබෙන ණය පස්සට දා ගැනීම, අලුතින් ණයක් ගැනීම, ඒ සඳහා තුන්වෙනි පාර්ශ්වයක දායකත්වය ගැනීම කළ හැකියි.
අපට වේගයෙන් ඩොලර් උපයන්න හැකියාව ඇත්තේ සංචාරක ව්‍යාපාරයෙන්. ඒකට අපි වේගවත්ව මැදිහත් විය යුතුව තිබෙනවා. 2018 අවුරුද්දේ ඩොලර් බිලියන 3.2ක් ලැබුණා. අද අඩුවෙලා තිබෙනවා. එය අපි වර්ධනය කර ගත යුතු වෙනවා. අනෙක විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ශුද්ධ ආදායමක් හැටියට ඩොලර් 7.3ක් ලැබුණා. ඒක අද’ අඩුවෙලා තිබෙනවා. එය අපි වර්ධනය කර ගත යුතු වෙනවා. එය කළ හැක්කේ විශ්වාසය තැබිය හැකි පාලනයක් ඇති කිරීමෙන්.
කැමති වුණත් අකමැති වුණත් ඉතා කෙටිකාලයකට අපේ ජීවන රටා වෙනස් කර ගත යුතුව තිබෙනවා. අපි රුපියල්වලින් උපයා ඩොලර්වලින් වියදම් කරනවා. මේ අර්බුදයෙන් ගොඩඒමට කෙටි කාලයකට වෙනස් වෙමු. මේවා ක්‍රියාවට නගන්න නම් ජනවරමක් සහිත ආණ්ඩුවක් බලයට ගෙන ආ යුතුයි.”
මේ අදහස් දැක්වීම ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේය. ඔහු ඒ අදහස් දක්වා සිටියේ ජනවාරි 24 කොළඹ ගලධාරී හෝටලයේ පැවති ජාතික ජන බලවේගය ආර්ථික සමුළුව අමතමින්ය. අනුර මේ සඳහන් කරන්නේ ,’ රට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණදී එයින් මිදීමට අසීරු ප්‍රයත්නයක් දරන පසුබිමේ, ඊට අදාළ ජාතික ජනබලවේගයේ උපාය මාර්ගික ප්‍රවේශයය. නැත්නම් අර්බුදයෙන් ගොඩයන ජාජබ දළ සැලසුමය. මාලිමාවේ සිතියමය.
‘අනුරගේ ඒ අදහස් දැක්වීම, ප්‍රධාන කරුණු 5ක් යටතේ එය මෙසේ සාරාංශ ගතකළ හැකිය. (වරහන් තුළ ඇති අවධාරණය අපේය.)
1) මේ වන විටත් රට ගෙවීමට තිබෙන ණය, ප්‍රමාද කරගැනීම. ( ඒ කියන්නේ ලංකාවේ ප්‍රධාන ණය හිමියන් වන චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු පැරිස් සමාජය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමේ සාකච්ඡා දියත්කරන බව නොවේද ? )
‘2) අලුතෙන් ණයක් ගැනීම සහ ඒ සඳහා තෙවැනි පාර්ශ්වයක දායකත්වය ලබා ගැනීම. (තෙවැනි පාර්ශ්වයක් හරහා අලුත් ණයක් ලබාගැනීම යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට එකතුවීම විය යුතුය. නැතිනම්’ නිල වශයෙන් බංකොලොත් වූ රටකට ආණ්ඩු පාලනය වෙනස් වුවත් ලෝකයේ වෙනත් කිසිඳු මූල්‍ය ආයතනයක් ණය ගනුදෙනු සඳහා ඉදිරිපත් වන්නේ නැත. එම මූල්‍ය ආයතන සමඟ යළි ගනුදෙනු සිදුකිරීමට නම්, ෂඵත් සහතිකය අවශ්‍යමය.)
3 ) සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවීම.
4) විදෙස්ගත ශ්‍රමිකයන් වෙතින් ලබන ආදායම ඉහළ දමා ගැනීම.
5) කැමති වුණත් අකමැති වුණත් ජනතාවගේ ජීවන විලාසිතාව (ඛසfැ ීඑහකැ ) කෙටි කාලයකට වෙනස් කර ගැනීම. (අධිපාරිභෝජනය සීමා කර පුලුවන් හැටියකට ජීවත් වීම එහිදී ආනයන සීමා කිරීමේ සිට යළිත් පෝලිම් යුගයක් වෙත යාම දක්වා ඕනෑම කොන්දේසියක් මේ තුළ ඇතුළත්ය. )
කොහොම නමුත් අනුර මේ කතාව කළේ’ වෙනදා ජාජබ – ජවිපෙ ගැලරියට නොවේය. එදා ගැලරිය වෙනස් ය. ඒ දේශපාලනඥයන් සමඟ නිතර නම කියවෙන සුමාල් පෙරේරා ප්‍රමුඛ කෝටිපතියන් කිහිපදෙනෙකු මෙන්ම ඉහළ මධ්‍යම පාංතිකයන් රැසක් මේ ගැලරියේ සිටි නිසාය. ජාජබ ආර්ථික සමුළුවේ කතාව අවසන් කරමින් එදා අනුර කිව්වේ,මේ වැඩපිළිවෙල සඳහා ජනවරමක් සහිත පාලනයක් ගොඩනගා ගනිමු.” කියාය.
රැල්ලට ගසාගෙන යන්නේ මැරුණු මාළුය. රැල්ලට එදිරිව අවශ්‍ය දිශාවට පිහිනන්නේ පණ ඇති මාළුය. ඒ නිසා මැරුණු මාළු වැන්නන්ට අනුරගේ විසඳුම අරගෙන රැල්ල යන අතට යන්න ඉඩ ඇත. නමුත් පණ ඇති මාළු වැන්නන්’ නම් කළ යුතුව ඇත්තේ , අනුරගේ මේ විසඳුම අලුත් දෙයක්ද නැද්ද යන්න පරීක්ෂා කර බැලීමය.
”යළි නැගීසිටීමේ මූලික පියවරක් වශයෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිව් අවුරුදු වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කළා. අගෝස්තු මාසයේ සිට අප ඒ සාකච්ඡා යළිත් ඉදිරියට ගෙන යනවා. මූලික වටයේ මාණ්ඩලික සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි.
ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතනය සමඟ එක්වී ණය ස්ථාවර කරලීමේ සැළසුම් දැන් අවසන් අදියරට පැමිණ තියෙනවා.’ මේ සැළැස්ම නොබො දිනකින් අප ෂඵත් වෙත ඉදිරිපත් කරනවා.’ ඉන්පසුව අපට ණය ආධාර ලබා දී ඇති රටවල් සමඟ සාකච්ඡා කරනවා.’ අනතුරුව පුද්ගලික ණයකරුවන් සමඟත් සාකච්ඡා අරඹනවා.’ ඔවුන් සමග එකඟතාවන්ට එළඹෙනවා.
අවසානයේ අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති, නීති-රීති හා වැඩසහටන් සම්පාදනය කරනවා.’ අපේ අතීත ආර්ථික උරුමය විදේශ වෙළඳාමයි.’ අතීතයේ ශ්‍රී ලංකාව මුළු ලොවම දැන හඳුනා සිටියේ මුහුදු සේද මාවතේ පිහිටි ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙසටයි.’
ඒ අතීත උරුමයන් යළි ස්ථාපිත කරමින් අපේ අවසාන ඉලක්කය වන්නේ ශක්තිමත් හා සංවර්ධිත හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමයි.’ කාලගුණ විපර්යාස අනාගත ලෝකය මුහුණ දෙන දැවැන්ත ගැටලුවක් බව හඳුනාගෙන තියෙනවා.’ කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් අප බිහි කළ යුතුයි.’ මහා පරාක්‍රමබාහු රජතුමා පැවසුවාක් මෙන් “ අහසින් වැටෙන එක ජල බිදුවක් වත් අපතේ නොයවීමට” අප වගබලා ගතයුතුයි.
අද අපි මුහුණ දෙන ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට ඇති නැති පරතරය පුළුල්වෙමින් යනවා.’ මධ්‍යම පන්තිය හැකිලෙනවා.’ තව පැත්තකින් ව්‍යාපාර සහ කර්මාන්ත බරපතල අභියෝගයන්ට මුහුණ දෙනවා.’ රැකියා අහිමිවෙමින් යනවා.
පසුගිය කාලයේ විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන ප්‍රේෂණ ප්‍රමාණය පහළ වැටුනා.’ ඊට හේතු කිපයක් තියෙනවා.’ කොවිඩ් වසංගතය නිසා රැකියා ගණනාවක් අහිමි වුණා.’ රැකියා සඳහා විදේශගත වන අය සිමා වුණා.’ රුපියල කෘතිමව පාලනය කිරීම නිසා වෙනත් ක්‍රමවලින් ලංකාවට මුදල් එවීම වඩාත් වාසිදායක වුණා.’ දැන් ක්‍රමක්‍රමයෙන් මේ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා.’ බැංකු පද්ධතිය හරහා ලංකාවට මුදල් එවීම දිරිමත් කරලීමට අප පියවර ගන්නවා.
සංචාරකයින් වැඩිපුර පැමිණෙන්නේ අගෝස්තු මාසයේ සිට, මේ සංචාරකයින් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා.
ආර්ථික ස්ථාවර කිරීමේ වෑයමේදි සමාජයේ දුබල, අසරණ අඩු වරප්‍රසාදිත කොටස් පිළිබදව දැඩි අවධානයක් යොමු කරනවා.’ රටේ ව්‍යවසායකයන්ට සිය කුසලතා ඔස්සේ ඉදිරියට පැමිණීමේ මාර්ග තව තවත් පුළුල් කරමින් ඔවුන් දිරිමත් කරනවා.
මම අනාගතය වෙනුවෙන් සිදු කළ යුතු සාධනීය සමාජ වෙනස්කම් වෙනුවෙන් කැප වෙනවා.’ නැවතත් පුළුල් මධ්‍යම පන්තියක් බිහි කරලීමට අවශ්‍ය පදනම සකස් කරනවා.’ සමාජ වෙළදපොළ ආර්ථිකයක් ඔස්සේ ප්‍රතිලාභ සමස්ථ සමාජයට සාධාරණව ලබා දෙනවා. මේ සඳහා සමාජ සාධාරණත්වය කොමිසමක් ස්ථාපිත කරන්නට’ ද මම පියවර ගන්නවා.
ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැංවීම උදෙසා වෙහෙසීමේදී සාම්ප්‍රදායික චින්තනයෙන් මිදෙන්න කියා මම සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.’ නිකරුණේ වැඩි පොළියට වාණිජ්‍ය ණය ගනිද්දි නිසොල්මනේ බලා සිටි සමහර කණ්ඩායම්, රටට හිතකර ආයෝජනවලට විරුද්ධ වෙනවා.
කවුරුන් හෝ කියන දෙයක් සොයා බැලීමෙන් තොරව පිළිගෙන, විදේශ ආයෝජන සඳහා විරුද්ධවීම නිසා අපේ රටට සිදුවුණු පාඩුව මිළ කරන්න බෑ.” දූෂණ සහ වංචා නිසා රටට සිදු වූ අලාභයන් ගැන ජනතාව දන්නවා.’ ඒත් බොරු බිල්ලන් මවා පාමින්, විදේශ ආයෝජන කඩාකප්පල් කරමින් රටට සිදු කළ පාඩුව ගණන් හදන්න බැරි තරම් විශාලයි.
සංවර්ධන ආර්ථිකයක් කරා අප යන ගමන් මග වඩාත් ශක්තිමත් කර ගැනීමට නම් අප අතීතය පිළිබඳව විමසා බැලිය යුතු වෙනවා.’ අපේ ආර්ථිකය මේ තරම් පහළ තලයකට ඇද වැටුණේ ඇයි?’ ඝෘණාත්මක ප්‍රතිපල අපට උරුම වුණේ ඇයි?” පුද්ගලයන් සිදු කළ වැරදි නිසාද?’ එසේත් නැතිනම් ප්‍රතිපත්තියමය අඩුපාඩුකම් නිසාද?” එක් එක් පුද්ගලයන්ට තමන්ට කැමති විදියට ආර්ථිකය හැසිරවීමට ඉඩ ලැබුණේ කොහොමද?’ පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට රටේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් විය හැකිද?’ කාලයෙන් කාලයට ප්‍රතිපත්ති වෙනස් කිරීමට රටට හිතකරද? නැත්නම් අහිතකරද? මේ තත්ත්වය අපි ගැඹුරින් විමසා බැලුවා. ඊට පිළියම් ලෙස ඉදිරි වසර 25 සඳහා අපි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරනවා.’ දිළිඳු හා අඩු වරප්‍රසාදිත කණ්ඩායම් රැක බලා ගනිමින් සහ ව්‍යවසායකයන් දිරිමත් කරමින් නිර්මාණය කරන්නා වූ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයකට අවශ්‍ය පදනම සකස් කරනවා.”
මේ අදහස් දැක්වීම නම් අනුරගේ නොවේය. නමුත් හරයෙන් සමානය. වෙනස ඇත්තේ වචන වල පමණය. අනුරට වඩා ඒ කතාවේ’ දෙයක් ඇත්නම්, ඒ අර්බුදය විසඳීමට යාමේදී කෝටිපතියාගේ ඉරණම ගැන පමණක් නොව අර්බුදය හමුවේ බරපතළ අනතුරකට මුහුණපා සිටින ආර්ථිකයේ දුෂ්කරම ස්ථරය ගැන පවා සංවේදීව තිබීමය. අනුරලා හිතලාවත් නැති ගෝලීය දේශපාලනයේ ඊළඟ තීරණාත්මක සාධකයක් වීමට නියමිත දේශගුණ විපර්යාස සම්බන්ධව පවා අවධානය යොමුකර තිබීමය. ඒ අන් කවුරුත් නොව ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ජනාධිපතිවරයා ඉහත අදහස් දැක්වීම සිදුකරන්නේ, කළ 2022 අගෝස්තු 03 වනදා, නව වන පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය ආරම්භ කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින්ය.
මෙතැන් සිට ඉතිහාසය විවෘතය. අනුර අද කියන්නේ, පසුගිය අගෝස්තුවේ ජනාධිපති රට හමුවේ තැබූ වැඩපිළිවෙළේ කොටසක් මිස අලුත් දෙයක් නොවේය. වඩාත් ලස්සනම කරුණ වන්නේ අනුරගේ වැඩ පිළිවෙල මේ වන විට ජනාධිපතිවරයා දියත්කර ඉතාම සාර්ථක තැනකට පත්කරගෙන තිබීමය. එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යාම වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට මෙරට ණය හිමියන් එකඟකර ගැනීමය. එනම් චීනය, ඉන්දියාව ජපානය ඇතුළු පැරිස් සමාජයෙන්ය.
ආරම්භක අවස්ථාවේම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපානය සහ පැරිස් සමාජය එකඟ කරගන්නට ජනාධිපතිවරයා සමත්විය. එදා ඒ සාකච්ඡා සඳහා ජනාධිපතිවරයා විදෙස් ගතවන විට විපක්ෂය කෝචොක් කළේ, කවුරුත් ගණන් නොගන්න ජනවරමක් නැති ජනාධිපති ලෝකය වටේ මළ ගෙවල් වල යනවා කියමින්ය. ඒ ගැලරි වින්දන දේශපාලනය වෙනුවට මඩ කතා මැද ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ගිය ජනාධිපති රනිල්, අවසානයේ පසුගිය සතිය අවසන් කළේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඉන්දියාවේ සහ චීනයේද අනුමැතිය අරගෙනය. ඩොලර් බිලියන 2.9 ක ෂඵත් විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සඳහා පසුගිය සැප්තැම්බර් 01 වනදා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ලැබුණු අතර දැන් ඇත්තේ, එහි විධායක සභාවේ අනුමැතිය ගැනීමය. මේ වන විටත් ෂඵත් ද ඉන්දියාව ලබාදුන් සහතිකය පිළිගෙන ඇත. චීනයද මේ වන විට තම සූදානම ගැන ජාත්‍යන්තර මාධ්‍ය වෙත අනාවරණය කර හමාරය. ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ෂඵත්) විධායක අධ්‍යක්ෂ ආචාර්ය සුබ්‍රමනියන් මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහන පැකේජයට ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු අවශ්‍යතා සියල්ලම පාහේ සම්පූර්ණකර ඇති බවයි.
ඒ අනුව දැන් අනුරට ආවා කියා අලුතින් කරන්න දෙයකුත් නැති අතර අනුර නැතුව වයිමා ආවත්, කරන්න තිබෙන දෙයෙහි පළමු ඉණිම ජයග්‍රාහීව අවසන් කරන්නට ජනාධිපතිවරයා සමත්ව ඇත. දැන් අපේක්ෂාව මේ වසරේ පළමු කාර්තුවට පෙර ෂඵත් මූල්‍ය පහසුකම ලැබෙනු ඇති බවය.
ඒ සමඟ ලෝකයේ වෙනත් ණය ආධාර ලබාදෙන මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු ඇරඹීමේ අවස්ථාව හිමිය. දැනටමත් එවැනි සංවිධාන අවධාරණය කර ඇත්තේ, ෂඵත් සමඟ වැඩසටහනට ඇතුළු වූ විගස ලංකාවට සහය දැක්වීමට තමන් සූදානම් බවය. එසේම ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටියේ’ ෂඵත් ණය ආධාර ලැබීමත් සමඟ මේ වන විට ඉහළ දමා ඇති පොලී අනුපාත ලිහිල් කිරීමට අවස්ථාව හිමිවනු ඇති බවය. ඒ කියන්නේ හැකිලෙමින් ඇති වෙළඳපොළ පුළුල්වීමේ අවස්ථාව ඒ පසුපස ඇති බවය.
සාමාන්‍යයන් ලංකාවේ ප්‍රධාන ණය හිමියන් ගැන ඇසූ විට ලෝකයම අනේ හපොයි කිව්වේ, ඔවුන් අතර වන කලාපීය මෙන්ම ගෝලීය බල තරගය නිසාය. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම තත්ත්වය කළමනාකරණය කරගනිමින්, රනිල් කියන්නේ කවුද යන්න ඔප්පු කර ඇත. එසේ නම් අනුර බලයට ඇවිත් කරන්න යන දේ දැනටමත් රනිල් සිදුකර ඇත. අනුර හිතන විට රනිල් ක්‍රියාත්මකව ඇත. ලස්සනම කාරණේ වන්නේ, රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයම වෙනස් වචන වලින් මාස ගාණකට පසුව කියන අනුර එය ක්‍රියාවට නැගීමට බලය ඉල්ලීමය. රැල්ලට ගසාගෙන නොයන පණ ඇති මාළු දැන් ඇසිය යුත්තේ, රනිල්ගේ වැඩේ ඉස්සරහට ගෙනියන්න අනුරම ජනාධිපති වෙන්න ඕනද ? අනුරගේ වැඩ පිළිවෙලත් රනිල්ගේ වැඩ පිලිවෙලම නම් දෙන්නම එකම මගක ගියොත් නරකද කියාය.
කල්ප අනුත්තර ලියනගේ