මැතිවරණය කල් තැබීම කාට කාටත් වාසියක් වී ඇත.

පෙබරවාරී මස 21, 22, 23 දිනවල පැවැත්වීමට තීරණය කර තිබු පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ. පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් මුදල් ගෙවීමේ නොහැකියාව මත මැතිවරණ කොමිසම් සභාව දින නියමයක් නොමැතිව ඡන්දය කල් දැමීමට හේතු වී ඇත.

මේ වන විට මැතිවරණයක් පැවැත්වීමට තරම් ආර්ථිකමය වටපිටාවක් රට තුළ නොමැති බැවින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දින නියම කිරීමක් තීරණය කිරීමේ හැකියාවත් නොමැතිව තිබේ. මේ අනුව සමස්ථ මැතිවරණයම කල් තැබීමට සිදුවන අනතුරක් ඇති වීම වැලැක්විය නොහැක.

මේ අතර මැතිවරණයේ ජයග්‍රහණය සදහා මිලියන් සිය ගනන මුදල් වැය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුත් සිදුකළ ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය දුෂ්කරතාවයකට මුහුණ පා ඇති බවත් වාර්තාවේ. ජයග්‍රහණයන් ප්‍රමාණයක් අත්පත් කර ගැනීම සදහා විවිධ පාර්ශ්වයන් විසින් අනුග්‍රහය දක්වමින් සිදුකරගෙන ගිය මහජන රැළි අතරමග නතර කිරීමට සිදුව ඇත. මන්ද ඒ පාර්ශ්ව විසින් තව දුරටත් මේ පක්ෂ වෙත මුල්‍ය අනුග්‍රහයන් නතර කිරීම නිසාය.

කෙසේ නමුත් සමගි ජන බලවේගය මේ මැතිවරණය සම්බන්ධයෙන් මහජනයා ඉතිරියේ තරගකාරිත්වයක් පෙන්නුම් කළද පක්ෂ අභ්‍යන්තරයේ පැවැතියේ මෙය කල් දමා ගැනීමේ උපක්‍රමයන් වෙත සහය දීමේ ප්‍රතිපත්තියක නියැලෙමිනි. මේ බව පසුගියදා පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් සජබයේ මන්ත්‍රී කිරිඇල්ල තමාට ලබාදුන් දුරකථන පණිවුඩයකින් මැතිවරණය කල් දැමීමට පියවර ගන්නේ නැද්ද ? යන්න ඇසූ බවත් මේ නිසාම මැතිවරණය නොපවත්වන්නේ නම් එහි වාසිය සජබයට හිමි වන බවද සජිත් ප්‍රේමදාස දැන සිටි බවට තොරුතුරු හෙළිදරව් විය.

මේ අතර මැතිවරණ සමීක්ෂකයන් විසින් මැතිවරණ ප්‍රතිපළ සම්බන්ධයෙන් කළ මත විමසුම්වලදී ජාතික ජන බලවේගයට ගොඩ නැඟී තිබු රැල්ල ක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතින බව අණාවරණය කිරීම නිසා මැතිවරණය පැවැත්වීම සමබ්න්ධයෙන් ජාතික ජන බලවේගයද දෙගිඩියාවක පසුවිය. මේ අනුව මැතිවරණය කල් තැබීම අනපේකෂිත ආශිර්වාදයක් බව ච්න’් ්භ්‍යන්තරය තුළ සානච්ඡාවට ලක්ව ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පෙනවා දෙයි. මේ අතර ඔවුන් විසින් දියත් කළ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතිය ද නතර කිරීමට සිදුව ඇත. මිලියන් ගනනින් මුදල් වියදම් කළ පාර්ශ්වයන් මේ වන විටත් මුදල් යෙදවීම අත්හිටුවීමට තීරණය කර තිබෙන බවත් දැන ගැනීමට තිබේ.

කොහොම නමුත් අනවශ්‍ය වෙලාවක අනවශ්‍ය මැතිවරණයක් පැවැත්වීමෙන් රටට සිදුවීමට නියමිතව තිබු ආර්ථික බාධාව වැලැකී නම් රටට යහපත් තත්වයක් ලෙස මැදිහත් දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත