විදුලි බිල වැඩි නම් අඩු කරගන්න

0

විදුලි බිල් වැඩි වීම ජාතික ආපදාවක් කරගැනීමට විපක්ෂ දේශපාලන පක්ෂ මෙන්ම මාධ්‍ය ආයතනය සහ සමාජ මාධ්‍ය තුල ද දැඩි උත්සාහයක් ගනිමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. මේ අමුතු තත්වයක් නොවේ. ඒ ඒ අයට එහෙම කරන්න වෙන වෙන පාර්ශ්වික හේතු තිබේ. කොහොම නමුත් විදුලි බිල් වැඩි වීම බැලු බැල්මටම ජනතාවට දරාගන්න නොහැකි බව පිළිගැනීමට සිදුවේ. මන්ද හිටි හැටියෙම ඉහළ ගිය ගාස්තු වල ඉලක්කම් බර වැඩිය.

මෙවර මිල වැඩි වීමේ ප්‍රතිශතයන් දෙස බැලූ විට වැඩිම ප්‍රතිශතයකින් මිල වැඩිවී ඇත්තෙ ගෘහස්ථ පාරිභෝගිකයින්ටය. එයත් මාසික එක්ක 90 ට ව වඩා අඩුවෙන් පාවිච්චි කරන පිරිසටය. මේ අනුව බිල වැඩි වීමෙන් වැඩිම පහරක් වැදුනේ පොඩි මිනිහාට ලෙස මත දැක්වීමත් සාධාරණය.

මෙරට වැඩිම විදුලි ප්‍රමාණයක් පාරිභොජනය කරන්නේ ගෘහස්ත පාරිභෝගිකයින්ය. ගෘහස්ත විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 64 කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර ඉන් ලක්ෂ 48ක් ඒකක 90 ට අඩුවෙන් භාවිතාකරන කාණ්ඩයට අයත්ය. මේ අනුව වැඩිම පිරිසකට පීඩනයක් දරාගන්න සිදුව ඇති බව ඉලක්කම් අනුව පෙනෙයි.

නමුත් මෙහි අනෙක් පැත්තක්ද තිබේ. විදුලි ඉල්ලුම සපුරාලීමේදී රජයට දරා ගත හැකි සීමාවක් තිබේ. වත්මන් ආර්ථික අර්බුද්ය හේතුවෙන් ඉන්ධන වෙනුවෙන් වැය කිරීමේ හැකියාව සීමාසහිතය. විදුලිබල මණ්ඩලයට මේ වෙනුවෙන් අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නැත. ඩොලර් මිලදී ගන්න රුපියල්ද ප්‍රමාණවත් නැත. වියදම් තරමට ආදායම නැති නිසා ඒ තතවය උදා වී ඇත. භාණ්ඩාගාරයෙන් එම මුදල් ලබා දීමටද දැන් කළ හැකි නොවේ. ඒ අතර තෙල් සංස්ථාවටද, බැංකු වලටද බිලියන් ගනනින් ණයය. මේ අසරණ තත්වය මත අදටත් විදුලිය නොකපා ලබා දීමේ හැකියාව ලැබෙන්නේ මීට පෙර විදුලි බිල් වැඩි කිරීමට පියවර ගැනීමත් සමඟ ජනතාව විදුලිය පාවිච්චිය සීමා කිරීමට පෙළඹීම මත විදුලි ඉල්ලුම අඩුවීම මතය.

එසේ නොවන්න මීට වසරකට හමාරකට පෙර තිබූ විදුලි ඉල්ලුම තව දුරටත් තිබුණා නම් දිනකට පැය දහය දොලහ කැපීමට සිදු වෙනු ඇත. මන්ද තවමත් රට මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදය ජය ගැනීමේ හැකියාවක ලැබී නැති නිසාය. ජනධිපතිවරයා විදුලිය නොකපා ලබා දීමට තරම්වත් මේ ප්‍රශ්නය යන්තම් බේරාගෙන තිබීමත් මේ මොහොතේ අගය කළ යුතු දෙයකි.

කොහොම නමුත් වත්මන් විදුලි බිල වැඩිවීමත් සමඟ විශේෂයෙන්ම විදුලි බලය පාවිච්චි කිරීම තවදුරටත් අරපිරිමැස්මෙන් කිරීමට ආණ්ඩුවට බැන බැන, ජනාධිපතිට හෙණ ඉල්ල ඉල්ල හෝ සියලු දෙනා කරනවාට සැක නැත. ඒ අනුව විදුලි බල උත්පාදනය වෙනුවෙන් වන වැය බර තවදුරටත් අඩු කරගැනීමේ හැකියාවක් විදුලි බල මණ්ඩලයට ලැබෙනු ඇත. ඒ අනුව අඛන්ඩ විදුලි බල සැපයුමක් වෙනුවෙන් මෙතෙක් තිබූ පීඩාකාරිත්වයෙන් යම් සහනයක් විදුලි බල මණ්ඩලයට මෙන්ම රජයටද ලැබෙනු ඇත.

මේ ඇත්ත අර්බුදය මග හැර යාම සිදු කළ නොහැකිය. විදුලි බිල වැඩිවීම අද දින වන විට ගැටලුවක් වන්නේ එය මෙතෙක් නිදහසේ පාරිභෝජනය කළ ප්‍රමාණය තවදුරටත් පාරිභෝජනය කිරීමේ හැකියාව නොලැබේය කියන බිය නිසාය. ඉවක් බවක් නැතිව සහන මිලට ලැබුණු විදුලිය පාවිච්චි කිරීමේ පුරුද්ද නිසා මෙය බරපතල ගැටලුවක්ව පෙනෙනවා මිස මේ තත්වයන් නියමාකාරයෙන් කළමණාකරණය කරගැනීමට හැකි නම් මෙය ගැටළුවක් වන්නේ නැත. ඊට පුරුදු වීම හැර මේ මොහොතේ වෙනත් විසඳුම් නැත.

විදුලි බල මණ්ඩලය මුහුණ දෙන ගැටලුව නම් සහන මිලකට මෙතුවක් කල් විදුලිය ලබා දීමය. ඒ වරද නිවැරදි කර නොගෙන විදුලිය අඩු මිලට ලබා දිමය. අද ක්‍රියාත්මක කර ඇත්තේ විදුලි ජනන වියදමට සරිලන මුදල එම පාරිභෝගිකයාගෙන් අය කරගෙන සාධාරය යුක්ති සහගත වෙළඳ ගනුදෙනුවක් කරන තැනට පත් කිරීමය. වෙනදා මණ්ඩලය අඩු මිලට විදුලිය දීම නිසා ලබන පාඩුව පියවූයේ මහා භාණ්ඩාගාරයෙනි. මහා භාණ්ඩාගාරයේ ඇත්තෙ ජනතාවගෙන් අය කරන බදු ආදායම්ය. දේශපාලනික වාසි තකා ඒ ඒ ආණ්ඩු විසින් බදු ආදායම් වලින් මේ පාඩු පියවීම නිසා එම බදු ආදායම් වලින් කළ යුතු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවට මේ අනර්ථකාරී, මෝඩ වැඩේ කරන්නට සිදුව තිබිණි. අවසානයේ රජය පවත්වාගෙන යෑමට තරම් ආදායම් නැතිව අවසනයේ බංකොලොත් වෙන තැනට පත් විය. පැය දහය දොලහා විදුලිය නැතුව සිටියේ ඒ බංකොලොත් වීම නිසාය. මේ විශම චක්‍රය කඩා වෙනස් කර නිවැරදි පිළිවෙතකට ගෙන ඒම දැන් සිදුව තිබේ.

නමුත් මේ පිළිවෙත පිළිවෙලක් වන්නෙ ක්‍රමක්‍රමයෙනි. අද විදුලි බිල් වැඩි යැයි කරන මැසිවිලි වලට හේතුව ජනතාවගේ ආදායම් ප්‍රශ්නය නිසාය. අද බඩු මිල වැඩි වී ඇති තත්වයන් මත තවත් අමාරුය. නමුත් උද්ධමන තත්වයන් අඩු වී පොලි අනුපාතයන් අඩු වී රට සාමාන්‍ය තත්වයට පත් වීමට තවත් කෙටි කාලක් ගත වෙනු ඇත. විශේෂයෙන්ම එළඹෙන මාර්තු මාසය අවසන් වන විට දී පමණ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලැබිමත් සමඟ රටේ ආදායම් ගැටලුව ක්‍රමයෙන් විසඳනු ඇත. එතෙක් මාස කිහිපයක් දුෂ්කරතාවයන් අත්විදිමට සිදුවීම අනිවාර්ය තත්වයකි. ආණ්ඩු මාරු කළාට පාලකයන් මාරු කළාට මේ ප්‍රශ්නය විසක්‍ෂෙන්නේ නැත. මන්ද අර්බුදයෙන් ගැලවීමට ඉතුරුව ඇති එකම පියවර මේ ක්‍රියාමත්ක කරමින් සිටින ක්‍රමවේදය මිස වෙනකක් නොවන නසාය. ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ මෙම 2023 වසර ඒ වෙනුවෙන් කැප කරමු කියාය. 2024 වන විට යම් සහනදායක තත්වයක් ලබා තවත් වසරකින් අතිශය සාමාන්‍ය තත්වයට පත් විය හැකි බවය. ජවිපෙ අනුර කුමරට පවා දැන් කියන්න සිදුව ඇත්තේ තමන් බලයට ආවත් තව වසර හතරක් පහක් දුෂ්කර තත්වයකින් හැර මේ ප්‍රශන්යෙන් ගොඩ ආ නොහැකි බවය..ඇත්ත එයය.

ඊට මුහුණ දෙනවා විනා පාරට බැස අරගල සීයක් කළත් විසඳිය හැකි දෙයක් නැත. මීට මස 6 කට පෙර රට තිබූ තත්වය, ජනතාව විඳි පීඩාවන් මතක් කරගන්නේ නම් අද මේ සිටින තත්වය දාහකින් සම්පතකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *