ආංශික අධීක්ෂණ කමිටුව , අර්ථ සාධකේ මුදල් ආයෝජනය කළ ආයතන ගැන වාර්තාවක් කැඳවයි

0

සේවක අර්ථසාධක අරමුදලේ ක්‍රියාකාරිත්වය ක්‍රමානුකූල කිරීම සඳහා ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥයින් කමිටුවට කැඳවීමට උපදෙස්

ඇතැම් රාජ්‍ය ආයතන සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකත්ව ගෙවා නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව අනාවරණය කරයි

ආංශික අධීක්ෂණ කාරක සභාව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට ගොස් වැඩිදුර නිරීක්ෂණ හා සාකච්ඡා සිදු කිරීමට පියවර.
සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහ බැංකුව නියෝජනය කරනමින් කටිටුවට සහභාගී වූ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම උපසදස් ලබා දෙන ලද්දේ විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (23) රැස්වූ අවස්ථාවේදීය.
ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල්, ආයෝජනය කර ඇති මුදල්, අලාභ හා ලාභය සහ එම මුදල් ආයෝජනය කර ඇති ආයතන ඇතුළත් වාර්තාවක් සකස් කරන ලෙස සභාපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
සේවක අර්ථසාධක අරමුදලේ ඇත්තේ ජනතාවගේ මුදල් බැවින් කිසියම් පුද්ගලයෙක් විශ්‍රාම ගැනීමෙන් පසු කිසිදු කරදරයකින් තොරව ඔවුන්ට අපේක්ෂිත ප්‍රතිලාභ සැලසෙන සුමට හා කාර්යක්ෂම ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතු බව කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ වඩා හොඳ ක්‍රියාකාරීත්වයක් සහ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා විෂයට අදාළ විශේෂඥයින් කැඳවීමට කමිටුව තීරණය කළේය.
සේවක අර්ථසාධක අරමුදල අදාළ අයදුම්කරුවන් වෙත ප්‍රතිලාභ තැන්පත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් සම්බන්ධයෙන් කමිටුව සිය කලකිරීම ප්‍රකාශ කළේය.

අරමුදලේ ක්‍රියාකාරීත්වය සුමට කිරීම සඳහා මධ්‍යම දත්ත ගබඩාවක අවශ්‍යතාවය මෙහිදි ඉදිරිපත් වූ අතර, ඇතැම් රාජ්‍ය ආයතන සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් නියමිත සේවක අර්ථසාධක අරමුදලට අදාළ දායකත්ව ගෙවීමට අපොහොසත් වී ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව මෙහිදී අනාවරණය කළේය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා ඊට වගකිව යුතු රාජ්‍ය ආයතන සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් කාරක සභාව හමුවට කැඳවන ලෙස විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව උපදෙස් දුන්නේය.
ජාතික කම්කරු අධ්‍යයන ආයතනය 2020 වසර සඳහා සිය වාර්ෂික වාර්තාව මෙහිදී කමිටු සභාපතිවරයා වෙත ඉදිරිපත් කළේය.

කමිටු සාමාජිකයින් වන ගරු. ඩිලාන් පෙරේරා, ගරු. ෆයිසාල් කාසිම්, ගරු මිලාන් ජයතිලක, ගරු. සමන්ප්‍රිය හේරත් යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු. (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන්, ගරු. එම්. උදයකුමාර්, ගරු කේ. සුජිත් සංජය පෙරේරා, ගරු. වඩිවෙල් සුරේෂ්, ගරු වේලු කුමාර් යන මහත්වරුද පැවැත්වුණු කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *