නව සුරාබදු පනතකට කැබිනට් අනුමැතිය

සුරාබදු ආඥාපනත සහ දුම්කොළ බදු පනත වෙනුවට නව සුරාබදු පනතක් හදුන්වා දීම සඳහා ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙයි

මත්පැන් හා දුම්කොළ භාවිතය මෙන්ම ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය කීරීමට අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම සඳහා 1912 වර්ෂයේ දී හඳුන්වා දෙන ලද සුරා බදු ආඥාපනත කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ යෝග්‍යතාවය හඳුනාගැනීම ඔස්සේ මෙම කැබ්නට් යෝජනාව ඉදිරිපත් කර ඇත.