පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

0

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදන්කේනී සහ ජයපුරම් යන පොලිස් ස්ථාන මගින් කොළඹ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේ සිටියදීය.

පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන් සමඟ බහින්බස් වීමේ සිදුවීමට අදාලව මෙලෙස ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද කිලිනොච්චිය අධිකරණය කටයුතු කර ඇති අතර, මෙම සිදුවීමට සම්බන්ධ මන්ත්‍රීවරයාගේ හිතවතුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය කටයුතු කර තිබිණි.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *