ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණ සමග යන සංවර්ධනයේ ගමන
දාම් ක‍්‍රීඩාවේ පරිණතයන් ඉත්තො එහාට මෙහාට අදින්නේ ඒ මොහොතේ ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ ඉත්තෙකු කපාගැනීම ගැන හිතල නෙවෙයි. ඉදිරියේදී අත්පත් කරගත හැකි විශාල ජයග‍්‍රහණයක් වෙනුවෙනි. සමහර විට ඒ ඉදිරි ජයග‍්‍රහණ වෙනුවෙන් තමන්ගේම ඉත්තන් බිලි දෙන්න වෙන අවස්ථාවන් ඇත. නමුත් එය ජයග‍්‍රහණයට පාඩුවක් නොවෙයි. දේශපාලනයේ පරිණතයන්ද කරන්නෙ මේ සෙල්ලමය. සමහර විට අඩියක් පසුපසට ගෙන ප‍්‍රතිවාදීන්ට ඉඩ දීමට සිදුවේ. පහර දීමට ඉඩ දී කරබා ගෙන සිටීමට සිදුවේ.
රනිල්ගේ දේශපාලන ජීවිතයේ මෑත දශක දෙක ගැන බැලූවොත් ඔහු මේ සෙල්ලමෙහි පරිණතයකු බව වටහා ගැනීමට ඕනෑ තරම් හේතු සාධක ඇත. මේ මොහොතෙත් ඔහු කරමින් කියමින් සිටින්නේ කුමක්ද යන්න ගැන ඒ දේශපාලනයේ ඔස්තාර්වරු ලෙස පෙනී සිටින විවේචකයන්ටත් අවබෝධයක් නැත. විශේෂයෙන්ම මෙහිදි වඩාත් විසුළුකාරි තැනකට ඇද වැටී ඇත්තේ වාමාංශිකයන්ය. ඔවුන්ගේ හුදු විවේචයන් පවා අවසානයේ රනිල්ට සේවය කරන තැනට ඇද වැටී ඇත. ඒ අතරම විවිධ සිවිල් සංවිධාන හරහා කෙරෙන විවේචයන්ද ඒ ගණයටම වැටී ඇත.
මේ දිනවල නතාෂා එදිරිසුරිය නම් ප‍්‍රහසන ඉදිරිපත් කරන්නියක් බුදුදහමට අපහාස කළා යැයි පැමිණිලි ගණනාවක් මත අත් අඩංගුවට ගැනීමේ සිදුවීම අරඹයා වන විවේචයන් රනිල්ගේ ලිබරල් දේශපාලනය ප‍්‍රශ්න කරන තැනට පත්ව ඇත. වාමාංශික සහ ලිබරල් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනි සිටින රාජ්‍ය නොවන සිවිල් සංවිධාන නියොජිතයන් මෙන්ම රනිල්වාදීන් ලෙස පෙනී සිටි කොටස්ද, ලිබරල් දේශපාලනය ගරු කරන ඊට එකඟ හා ඒ භාවිතාවේ යෙදෙන වුන්ද රනිල්ව විවේචනයට ලක් කරමින් තිබේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ වන (ෂක්‍ක්‍ඡුඍ* පනත ඉවත් කර ගන්නා ලෙස ද බල කරමින් තිබේ. මෙම පනත ශ‍්‍රී ලංකාව පෙර එකඟ වූ 1980 වසරේ අනුමත කරන ලද සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, 1997දී අනුමත කරන ලද සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ විකල්ප ප්‍රොටෝකෝලය අනුව පුද්ගල හා සමාජයීය මානව හිමිකම් පදනම් කරගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක වුවමණාව මත ගෙන ආ එකකි. එය ඒ වන තෙක් පැවැති අඩුපාඩුවක් සම්පූර්ණ කිරීමකි. එහිදි ශ්‍රේඨාධිකරණය ද මේ පනත පිළිගෙන තිබිණි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකදී අනෙකාගේ නිදහසට ඉඩ දීම විය යුතුය. පුද්ගල නිදහස සහ සමාජීය නිදහස අතර ගැටුම වළක්වා ගෙන සැමට සාධාරණ අවස්ථාවක් ලබාදීම මෙම පනතෙන් අපේක්ෂා කරයි. කොටින්ම අනෙකාගේ මතයට ගරු කරන විනයවත්, ශිෂ්ට සම්පන්න පුරවැසියකු බිහි කිරීම වෙනුවෙන් ඇති නෛතිකමය ප‍්‍රතිපාදනයකි. මෙයට එරෙහිවීම තුළ සිදු විය හැක්කේ සමාජය නැවත අයාලේ යෑමට පෙළඹීමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ඇති නිදහස වල්බූරු නිදහසක් බවට පත් වී අනෙකා පෙළීමට අනුබලදීම සිදුවීම වැළැක්වීම මෙම පනතේ අරමුණය. නමුත් මෙම පනත ක‍්‍රියාත්මකව තිබියදී පවා තවදුරටත් එවැනි ගෝත‍්‍රික යුගයේ පක්ෂග‍්‍රාහී හැසිරීම් තත්වයන් අත්දකිමින් තිබීමෙන් මෙම නෛතික ප‍්‍රතිපාදන පවා ප‍්‍රමාණවත් නොවන බව කියා පාන්නකි.
අද භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින කොටස් මෙම පනත ඊට බාධාකරන බව පැවසූවත් සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමේ 19වන වගන්තිය තුළ භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස පිළිබඳව සඳහන් වන්නේ ”සෑම පුද්ගලයෙකුටම මැදිහත්වීම්වලින් තොරව අදහස් දැරීමට අයිතියක් තිබිය යුතුය. සෑම පුද්ගලයෙක්ටම ප‍්‍රකාශනයේ නිදහස භුක්ති විඳීමට අයිතියක් තිබිය යුතුය; මෙම අයිතිවාසිකම් තුළ නිරීක්ෂණයේ නිදහසත්, සියලූම ආකාරයේ අදහස් හා තොරතුරු ලබා ගැනීමේ හා බෙදා හැරීමේ නිදහසත් අඩංගු විය යුතු අතර කට වචනයෙන්, ලිවීමක් හෝ මුද්‍රණයක් ආකාරයෙන්, සිතුවම් මාධ්‍යයෙන් හෝ අදාළ පුද්ගලයාගේ තේරීම අනුව වෙනත් ඕනෑම මාධ්‍යකින් සීමා මායිම්වලින් තොරව ප‍්‍රකාශනයක් කිරීමට අයිතිය ලැබිය යුතුය.” යන්නය.
එය එසේ වුවත් එම නිදහස භුක්ති විඳීමට ඇති අයිතිය යම් යම් සීමාකිරීම්වලට ද ලක් කිරීම මෙම සම්මුතිය යටතේම කර ඇත්තේ අනෙකාට හානියක් නොවන සීමාවෙන් මෙහා ඒ නිදහස යථාර්ථයක් විය යුතු බැවිනි. එසේම මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ හා විවිධ අණ පනත් තුළත් එවැනි සීමා කිරීම් ඇත. වාර්ගික
හා ආගමික සහයෝගීතාව තහවුරු කිරීම සඳහා, පාර්ලිමේන්තු වරප‍්‍රසාද සුරැකීමට, අධිකරණය අපහාස කිරීම වැළක්වීමට, අන් අයගේ අයිතිවාසිකම් හෝ කීර්තියට ගරු කිරීම සඳහා, ජාතික ආරක්ෂාව හෝ මහජන සාමය හෝ මහජන සෞඛ්‍ය හා සදාචාරය රැකීම සඳහා, යන් කාරණාවන්හිදී ඒ සීමාවන් බලපැවැත්වේ.
මෙම පනත 2007 වසරේ ගෙන එන විට මෙයට ජනතා විමුක්ති පෙරමුණ වැනි ආණ්ඩු විරෝධි ස්ථාවරයේ සිටි පක්ෂත් ඊට එකඟව කරුණු දැක්වීය. එසේම පනත තවදුරටත් ශක්තිමත් විය යුතු බවත් පෙන්වා දී තිබිණි. එසේම මෙහිදී පාර්ලිමේන්තුව ඇමතූ ජවිපෙ විජිත හේරත් මන්ත‍්‍රීවරයා තවත් අපුරු කතාවක් කියා තිබිණි. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව හිමිකම් වෙනුවෙන් සකස් කරන ජාත්‍යන්තර සම්මුතීන් එලෙසම මෙරටදී ක‍්‍රියාත්මක කිරීම සිදු නොකළ හැකි බවත් ඒ්වා දියුණු රටවලට ගැලපුනා වුවත් මෙහෙට නොගැලපෙන බවය. එනම් එතරම්ම දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්, මානව හිමිකමක් රටට අවශ්‍ය නැති බවය. ය. ඒ නිසා ඒවා රටේ හැටියට තිබුණාම ඇති බවය. ඒ අනුව මානව නිදහස සම්බන්ධයෙන් ජවිපෙ සිටියේ ආණ්ඩු කරපු පක්ෂවලටත් වඩා බොහෝ පිටුපසිනි. අද ජවිපෙ නතාෂාගේ අයිතිය වෙනුවෙන් සෘජුව පෙනී නොසිටින්නේ මෙම ස්ථාවරය නිසාද විය හැකිය.
ඒ කොහොම වෙතත් නතාෂා සිදුවීම පදනම් කරගෙන වර්තමානයේ වාමාංශික රැඩිකල් ප‍්‍රවණතාවයන් හා කටයුතු කරන ක‍්‍රියාකාරිකයකු වන විදර්ශණ කන්නංගර කියා තිබුණේ ”…පසුගිය දා අප විසින් කළ මාධ්‍ය සාකච්ඡුාව තුළ මා අවධාරණය කළ කරුණක් වූයේ භාෂණයේ හා ප‍්‍රකාශනයේ අයිතිය ඇතුළු ලිබරල් – ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වටිනාකම් වෙනුවෙන් අසීරු කොන්දේසි යටතේ හෝ අරගල කිරීම වාමාංශිකයන් වන අපගේ ප‍්‍රතිපත්තිමය උරුමයක් වන බවයි. ආර්ථික – ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාධාරණත්වය වෙනුවෙන් පමණක් නොව සංස්කෘතික යුක්තිය සදහා වන දෘෂ්ටිවාදී අරගලයද වාමාංශිකයන්ගේ අතිමූලික දේශපාලන වැඩබිමකි…” යනුවෙනි. මේ අනුව පැහැදිලි වන්නේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිපත්තිමය වුවමණාව වෙනුවෙන් මේ පිරිස් කැපවී සිටින බවය.
කෙසේ නමුත් ඕනෑම රජයකට සමාජ සාධාරණත්වය, සමාජ සාම්‍යය ආරක්ෂ කරගැනීමට ෂක්‍ක්‍ඡුඍ පනත, ත‍්‍රස්ථ විරෝධී පනත වැනි නීති රාමුවලට සමාජය යටත් කරගැනීමට සිදුවෙයි. රාජ්‍ය පාලන තන්ත‍්‍රයෙන් එපිට සිටින ජන කොටස් මෙය තමන්ට එරෙහි මර්දනයක් ලෙස තේරුම් ගැනීම සහ එයට එරෙහිවීම සමාන්‍ය දෙයකි. එහෙත් රාජ්‍යයක් පාලනය කිරීමේදී එහි සියළු පුරවැසියන් සමානය. සියළු දෙනාගේ අයිතිවාසිකම් සුරැකීමට රජය බැඳී සිටී.
මෙහිදී යම් ගැටලූවක් වන්නෙ මේ නෛතික රාමු පාවිච්චි කර අවශ්‍ය නම් පාලන තන්ත‍්‍රයට තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට මෙය යොදා ගැනීමට යම් හැකියාවක් ලැබීමය. අද නතාෂා සම්බන්ධයෙන් වූ ප‍්‍රශ්නය හමුවේත් මෙම විවේචනය එල්ල වෙමින් තිබේ. කෙසේ නමුත් එම තත්වයද සාමාන්‍යය. මන්ද මෙම නීති පනවා තිබියදීත් පුරවැසියාට අවශ්‍ය නම් මේ නීති උල්ලංඝනය කිරීමට ඇති හැකියාව සේමය. එහෙත් එම වැරදි භාවිතයට එරෙහිව ගත හැකි පියවරයන්ද වෙයි. එම ගැටළු අධිකරණය විසින් විසඳනු ඇත. එල්ල වූ චෝදනා හමුවේ නතාෂාව අත්අඩංගුවට ගැනීම හෝ ෂක්‍ක්‍ඡුඍ පනත යටතේ චෝදනා ගෙනු කිරීමෙහි හෝ නිවැරදි හෝ වැරදි බව තීරණය වන්නේ අධිකරණයෙනි. ඊට පෙර යුක්තිය පසිඳලා නිවැරදි තීන්දු තිරණ ගැනීම පොලිසියට හෝ ආණ්ඩුවට කළ හැකි නම් ස්වාධීන අධිකරණ පද්ධතියක් රටකට අවශ්‍ය නොවනු ඇත. මේ අනුව යම් නීති ප‍්‍රතිපාදනයක් පනවා ඇති විටෙක ඒ අනුව ක‍්‍රියාත්මකවීම සිදුවීම විය යුතුය. එහි ගැටලූවක් නැත. මන්ද නීතිය සැමට සාධාරණව ක‍්‍රියාත්මකවීම සහ නීතියේ ආධිපත්‍යට සියලූ පුරවැසියන් යටත් කරවීම මහජන සම්මුතියක් ලෙස පිළිගන්නා බැවිනි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුලධර්ම උල්ලංඝනයවීමක් නොවේ.
එය කෙසේ නමුත් නතාෂාට එල්ල වී ඇති චෝදනාවන් බැලූ බැල්මටම ඇය නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කරනු ඇතැයි උපකල්පනය කළ හැකිය. ඒ අනුව නතාෂා ඇතුළුව එම චෝදනා එල්ල වී ඇති පිරිස නිදහස්වීමත් ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේම ජයග‍්‍රහණයක් වෙනු ඇත. නතාෂාගේ අදහස් ප‍්‍රකාශනයේ නිදහස රැකෙනවා පමණක් නොව, ඊට එරෙහි පිරිසගේ අදහස් ප‍්‍රකාශනයටත් ඉඩ ලැබී රටේ නීතියද නියමාකාරයෙන් ක‍්‍රියාත්මක වී වඩාත් යහපත් ලෙස සමාජ සාම්‍යය ඇති වීම ඒ අනුව සිදු වෙයි. අනෙක් වැදගත්ම දේ නම් ආගම ජාතිය අල්ලාගෙන ඒ විවේචනයට ලක් කෙරෙන වචනයක් දෙකක් පදනම් කරගෙන ඊට එරෙහි වන පිරිසේ මුග්ධකමද මෙහිදී හෙළිදරව්වීම සහ එම වුවමණාවන් පරාජයට පත්වීම සිදුවීම වෙයි. මේ අනුව නතාෂාට එරෙහි වන්නන් මෙන්ම ඇයට පක්ෂපාත වන්නන්ද මේ මොහොතේ ඉටු කරමින් සිටින්නේ රනිල්ගේ අපේක්ෂාව වන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ක‍්‍රමය තහවුරු කිරීම වෙනුවෙන් වන ක‍්‍රියාවලියකය. ජනාධිපති රනිල් ආගමික ගැටුම් සමනය කිරීම වෙනුවෙන් වෙනම පොලිස් ඒකකයක් පිහිටුවීම ගැනද අදහස් පළ කර තිබිණි. මෙහි තේරුම ආගම් මර්දනය කිරීමට ගත් පියවරක් ලෙස විවේචකයන්ගේ හැඳින්වීම වුවත් පොලිසියක කාර්ය භාරය වන්නේ ගැටුම් වළක්වා සාමය ආරක්ෂා කිරීමය. එනම් මෙම ආගමික පොලිසිය පිහිටුවන්නේ ආගම් මර්දනයට නොව ආගමවලට එරෙහිව වන බලපෑම් වැළැක්වීමටය. එනම් සියළු පුරවැසියන්ගේ ආගමික නිදහස රැකදීමටය.
කොහොම නමුත් කලින් කී ලෙස රට ගැන වගවීමක් ඇති දේශපාලනයේ පරිණතයෙක් දේශපාලන තින්දු ගන්නේ පවතින මොහොතේ ජයග‍්‍රහණයන් වෙනුවෙන් නොවේ. අනාගත ජයග‍්‍රහණයන් වෙනුවෙනි. රනිල් වික‍්‍රමසිංහ පාලන තන්ත‍්‍රය ක‍්‍රියාත්මක් වන්නේ ඒ න්‍යාය අනුවය. ජනප‍්‍රිය තීන්දු තීරණ ගෙන ගැලරි චූන් කිරීමෙන් ඔබ්බට ගොස් අසීරු දුෂ්කර තීන්දු ගෙන මඩ අවලාද කප්පරක් එල්ලව තිබියදීත් නොසැලී ප‍්‍රතිපත්තිමය තීන්දුවලට යන්නේ අනාගතය වඩා යහපත් තැනක් කිරීමටය.
රට ආර්ථිකමය වශයෙන් බංකොලොත් වී කර කියා ගන්න බැරි තැනකට පත්ව තිබියදී රනිල් මෙය භාරගෙන වසරක් යන්නට කලින් රට යළි සුපුරුදු මාර්ගයට ඇද දමමින් බංකොලොත්භාවයෙන් මුදවා ගැනිමට සමත් වූයේ දේශපාලනයේ පරිණතකම නිසාය. විශේෂයෙන්ම ඔහු ගත් තීන්දු තීරණවලට එරෙහිව ගොඩනැගුණ සියලූ විවේචනයන් සහ විරුද්ධ ක‍්‍රියාමාර්ග සියල්ල පාරජයට පත් කරන්න රනිල් සමත් වුයේ ප‍්‍රතිපත්තිමය දේශපාලනයෙහි දැඩිවත් සෘජුවත් නිවැරදිව හිඳිමිනි. මේ වන විට රටේ ආදායම් ගැටලූව සහ උද්ධමන තත්වයන් පාලනය කිරීම වෙනුවෙන් ආර්ථික ප‍්‍රතිසංස්කරණ රැසක් ක‍්‍රියාවට නංවා තිබෙන අතර ඒ එක් පියවරක් වූ බදු ප‍්‍රතිශත සීමාවන් වෙනස් කරමින් ගත් පියවරට එරෙහිව විරෝධතා උද්ඝෝෂණ වැඩ වර්ජන රැසක්
පසුගිය කාලයේ ක‍්‍රියාත්මක වූවද බදු ප‍්‍රතිපත්තිය ලිහිල් කළේ නැත. එහි සාර්ථකත්වය අද රටම අත්විදිමින් තිබේ. එමෙන්ම තවමත් බදු නොගෙවන ඉහළ ආදායම් සහිත ක්ෂේත‍්‍ර හඳුනාගෙන දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අනිවාර්යෙන්ම ලියාපදිංචි විය යුතු පිරිස ගැන දැනුම් දී තිබිණි. මෙම නිවේදනය, සාධාරණ බදු ප‍්‍රතිපත්තියක් වෙනුවෙන් දැන් කාලයක් තිස්සේ අපේක්ෂා කළ දෙයකි.
කොහොම නමුත් මේ වන විට මේ රනිල්ගේ වසරකට අඩු කාලය තුළ දී පෙර පැවැති පීඩාකාරිත්වයෙන් රට මුදවා ජයග‍්‍රහණයන් රැසක් අත්පත් කරගෙන තිබේ. ඩොලරයේ අගය පහළ යෑම, පොලී අනුපාතයන් පහළ යෑම, උද්ධමනය වේගයෙන් පහළ යෑම මත යළිත් පුරවැසියාට සුපුරුදු ජීවන තත්වයන්ට එළැඹීමේ හැකියාව ලබා දී ඇත. මෙම වසර අවසන් වන විට දැනට ක‍්‍රියාත්මක ආර්ථික ප‍්‍රතිසංස්කරණයන්ගේ වර්ධනය විසින් මේ පවතින තත්වයට වඩා වඩාත් යහපත් තත්වයක් ඇති කරනු බව මෙරට මෙන්ම ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන්ගේ ද මතය වී ඇත. එය තවදුරටත් තහවුරු කරමින් ජනාධිපති රනිල් බ‍්‍රහස්පතින්දා සවස ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ප‍්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 9ක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ‍්‍රී ලංකා රාජ්‍යයේ සමාජ, ආර්ථික සහ දේශපාලන ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ ඉදිරි පියවරට අදාල ”ජාතික පරිවර්තන මාර්ග සිතියම” පිළිබඳ ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කළේය.
එහිදී රටේ සංවර්ධනය රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය ප‍්‍රතිසංස්කරණ, ආයෝජන ප‍්‍රවර්ධනය, සමාජ ආරක්ෂණය සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ යන මූලික කුළුණු හතරක් මත පදනම් වන බව අවධාරණය කළ අතර වසරේ අවසාන කාර්තුවේදී ”ජාතික පරිවර්තන සැලැස්ම” එළිදක්වන බවද ප‍්‍රකාශ කළේය. ”ජාතික පරිවර්තන සැලැස්ම” යනු තවදුරටත් ආර්ථික ප‍්‍රතිසංස්කරණක් නොවේ. රට පවතින තත්වයෙන් සංවර්ධිත රාජ්‍යයක් කරා ගොඩනංවන සැලැස්මය. ඒ අනුව මේ වසර අවසන් වන විට අද මේ මොහොතේ පවතින යම් පීඩාකාරිත්වයෙන් අත් මිදීම සිදුවෙනු ඇති අතර නව අපේක්ෂා සමඟ රට ගොඩනැංවීමේ දිසාවට රටටම එකාවන්ව ගමන් කළ හැකි වෙනු ඇත.
-ඝෝෂක