රජයෙන් සහන ගෙන බඩට කෙළීම
ආහාරය සත්ව පැවැත්මේ පළමු අවශ්‍යතාවය වීම සදාතනික ධර්මයකි. එය වෙනස් කළ නොහැක. ඒ නිසා රටක හෝ ප්රජාවකගේ පැවැත්මේ පළමු වුවමණාව ගොඩ නැගෙන්නේ ආහාර සපයාගැනීම ගැනය. පසුගිය කාලය පුරාම මේ රටේ පැවැති ආහාර සම්බන්ධ කතිකාවන් ගොඩ නැගෙන්නේ සාමාන්‍ය තත්වයෙන් ඔබ්බට ගිය ආහාර හිඟය, ආහාර මිල හා නිෂ්පාදනය පිළිබදවය.
ආහාර සඳහා ගන්නා ද්‍රව්‍ය සම්බන්ධයෙන් පසුගිය කාලයේ හිඟයක් පැවැතීමට හේතු වූයේ දේශීය ආහාරමය නිෂ්පාදනයට අවශ්‍ය නිෂ්පාදන යෙදවුම් හිඟය හේතුවෙන් එම කර්මාන්ත බිඳ වැටීම සහ විදේශ විනිමය හිඟය මත වූ ආනයනය තහනම තුළ ආහාරමය ද්‍රව්‍යද පැවැති නිසාය. මේ අතර සහල් හිඟය ප්‍රමුඛතම වූ අතර පසුගිය වසරේ වගාවන් ප්‍රමාණවත්ව සිදු නොවීම හේතුවෙන් කෙටි කලක් තුළ රට තුළ සහල් හිඟ විය. ඒ අනුව ඉල්¨මට සැපයුම් මද වීමෙන් පවතින සහල් මිල අධිකව ඉහළ ගියේය. සාමාන්‍ය සහල් කිලෝවක මිල රුපියල් 300 ආසන්නයට පැමි‚යේය. මෙය දරුණුතම සහල් මිල ඉහල යාම ලෙස වාර්තා වූ අතර සාමාන්‍ය ජනතාව කබලෙන් ලිපට වැටිනි. පසුගිය පාලන සමය තුළ අනුගමනය කළ ආර්ථීක පිළිවෙත් සහ විශේෂයෙන්ම රසායනික පොහොර තහනම්කර කාබනික පොහොර ව්‍යාපෘතිය නමින් කළ විකාර රූපී ව්‍යාපෘතිය හේතුවෙන් සිය¨ වගාවන්හි සෝදාපා¨ව ඇති කළේය. ඊට සමගාමීව එළව¨ හිඟයද මිලද වර්ධනය විය. බිත්තර මස් මාළු සම්බන්ධ කතාවද එයම විය.
සහල් සහනය හා මෝල් ප්රශ්නය
මේ අර්බුදකාරීත්වය සමනය කිරීමට ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය භාරගැනීමෙන් පසුව සහල් හිඟය පියවීම වෙනුවෙන් කඩිනමින් සහල් ආනයනය කළ අතරම රසායනික පොහොර ලබාදීම යළි ආරම්භ කිරීමත් සමග ගොවියන් නැවත ගොවි බිම් වෙත පැමිණ වගා ආරම්භ කළේය. ඒ නිසාම එළව¨ හිඟය සමනය වූ අතර පසුගිය මහ කන්නයේ හො
ද වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි විය. යළි සහල් ආනයනය කිරීමකින් තොරව රටේ සහල් අවශ්‍යතාවය ඉක්මවා යන තරමට දේශිය නිශ්පාදනය වර්ධනය වන තැනට පත්විය. 2023 පෙබරවාරි මාසය වන විට සහල් මිල ඒ අනුව වෙනස් වූ අතර වෙළෙඳපොළේ ඇති සහල් කිලෝවක මිල වේගයෙන් අඩු විය. මෙසේ අඩු වූ මිල ගණන් අනුව නාඩු සහල් කිලෝවක මිල රුපියල් 185-190ක් ද, සම්බා කිලෝවක මිල රුපියල් 190-205ක් ද, නාඩු සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 170-180ක් ද, රතු කැකුළු කිලෝවක මිල රුපියල් 185-190ක් ද, කීරි සම්බා කිලෝවක මිල රුපියල් 220-230ක් ද විය. එසේම පසුගිය වර්ෂයේ යෙදවුම් මිල නිසා රුපියල් 150කට තිබූ වී මිල රුපියල් 75-80ත් දක්වා අඩු විය. 2023 ජුනි මස වන විට සහල් කිලෝවක සාමාන්‍ය අගය තවදුරටත් පහත වැටී ඇත. ඒ අනුව නාඩු සහල් කිලෝකව මිල රුපියල් 175ක්ද, සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 145ක්ද, රතු කැකුළු කිලෝවක මිල රුපියල් 155 ද ලෙස වෙළදපොලේ අළෙවි වෙයි.
මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනෙකුගේ ග්‍රහණයට හසුව තිබූ සහල් වෙළදපොළ ක්‍රමයෙන් ඉන් මුදවා රජයේ නියාමනය යටතට ගැනීමට ජනාධිපතිවරයා සමත් විය. ඒ සදහා වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කළ අතර 2022$2023 මහ කන්නයේ වී අස්වැන්න සඳහා ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමත්, අතිරික්තය නිෂ්පාදන රජය විසින් මිලදී ගැනීමත්, සහ පවතින දුෂ්කර ආර්ථීක තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමත් සදහා සහල් ඛෙදා හැරීමේ ව්‍යාපෘතියක්ද සකස් විය. 2022$2023 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමූපකාර සමිති හරහා දිස්ත්‍රික් ලේකම්වරු විසින් සිදු කරනු ලැබූ අතර වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ තොග භාර ගැනීම, ගබඩා කිරීම සහ ඊට අදාළ ලේඛන පවත්වා ගැනීම හා ගිණුම් ගත කිරීම පිළිබඳ වගකීම දිස්ත්‍රික් ලේකම්වරු සහ අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරණු ලැබ තිබි‚. මේ වන විට මේ ආහාර නිෂ්පාදනය සහ ඛෙදාහැරීම සම්බන්ධයෙන් ඩිජිටල් තාක්ෂණය යොදාගැනීමේ පියවරයන්ද ගෙන තිඛෙන අතර ඒ අනුව ආහාර හිඟයක් යළි ඇති නොවන ලෙස වගබලා ගැනීමේ වගකීම රජය භාරගෙන ඇත.
බිත්තර අර්බුදය හා මාෆියාව
සහලෙන් සහන ලබන විට රටේ කතා බහට ලක් වූ ඊළඟ මාතෘකාව වුනේ බිත්තරය. මෙරට වාර්ෂික බිත්තර අවශ්‍යතාව ආසන්න වශයෙන් බිලියන දෙකක් ලෙස ගණන් බලා ඇත. වාර්ෂික බිත්තර අවශ්‍යතාව සැලකීමේ දී මාසික ව බිත්තර මිලියන 220ක් පමණ අවශ්‍ය වුවත් බිත්තර නිෂ්පාදන ක්ෂේත්රය ආශ්රිත ව නිර්මාණය වී ඇති ගැට¨කාරී තත්ත්වය හමුවේ මෙරට මාසික බිත්තර නිෂ්පාදනය මිලියන 50කට අඩු විය. සත්ත්ව ආහාර හිඟය හේතුවෙන් 2021 වසරේ අග භාගය, විශේෂයෙන්ම නත්තල් සමයේ වෙළෙඳපොළේ බිත්තර සහ කුකුළු මස් මිල සැලකිය යුතු ලෙස ඉහළ යාම ආරම්භ විය. එතෙක් රු.15-20ක් වැනි මුදලකට මිල දී ගත හැකි ව තිබූ බිත්තරයක මිල රුපියල් 60-65 දක්වා වැඩි විය. 2022 මැද භාගයේ බිත්තරයට පාලන මිලක් නියම වූ අතර ඒ අනුව මිල රු.43-45 විය. ඒ සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයන්ගෙන් සහ වෙළෙඳුන්ගෙන්
එල්ල වූ විරෝධතා හමුවේ බිත්තරයක උපරිම මිල රු.50ක් වශයෙන් සංශෝධනය කිරීමට රජයට සිදු විය. 2023 ආරම්භයේ දී බිත්තර හිඟය උග්‍ර අතට හැරී තිබි‚. බිත්තර හිඟය බරපතල ගැටළුවක් වූයේ අඩුම මිලකට ලබා ගත හැකිව තිබු ප්‍රෝටීනමය ආහාරය බිත්තර වීම නිසාය. බිත්තර හිඟය පුරවැසියාගේ පෝෂණ තත්වයට බලපා තිබුණු අතර මේ ත්තවයන් හමුවේ කෘෂිකර්ම අමාත්‍යංශය විසින් පෙබරවාරි මාසයේදී රුපියල් 55ට බිත්තර අළෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේය. එහෙත් එයද සාර්ථක වුයේ නැත. ඉන් පසුව රුපියල් 35ට බිත්තර ආයනයන කිරීමට රජය කටයුතු කළ අතර එය හෝටල් සහ බේකරි වෙත ලබා දී වෙළඳපොළ බිත්තර හිඟය යම් ප්‍රමාණයකට සමනය කිරීමට හැකි විය.
ආනයනික අඩු මිල බිත්තර යොදා නිෂ්පාදනය වන ආහාර ද්‍රව්‍යයන්හි මිල අඩු කරන බවට බේකරි හිමියන්ගේ සංගම් නිවේදනය කළ නමුත් ඒ වාසිය තවම පාරිභෝගිකයාට ලැබී නැත. එදා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සදහන් කර සිටියේ —රුපියල් 35ට බිත්තර ලැබුණොත් බේකරි නිෂ්පාදන අඩුවට දෙන්න හැකිය. ඒ වාසිය මහජනතාවට අනිවාර්යයෙන්ම දෙනවා යනුවෙනි. එහෙත් බේකරි නිෂ්පාදනවල වැඩි කළ මිල තවමත් පහත හෙළීමට බොහො ව්‍යාපාරිකයන් කටයුතු කර නැත.
පාන් පිටි අස්සේ හැංග+ මාෆියාව
මෙලෙස සහල් මාෆියාව බිත්තර මාෆියාව හා ඈදුනු පාන් පිටි ආශ්රිත මාෆියාවක්ද රටේ පවතී. මෙරට ජනගහනයෙන් 70%ක පමණ පිරිසක් සිය දෛනික ආහාර වේල් සඳහා තිරිඟු පිටි ආශ්රිත නිෂ්පාදන එකතු කර ගනී. පසුගිය කාලයේ බේකරි හිමියන් හා පිටි ආනයනකරුවන් විසින් පාන් ගෙඩියක මිල රුපියල් 300 වැනි මිලකට අලෙවි කිරීමට කටයුතු කළේය. රජය විසින් පාන් සදහා නොයෙක් කොන්දේසි දැමූවද පාන් පිටි ආශ්රිත නිෂ්පාදනයන්ට අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍යවල මිල අධික බැවින් මෙසේ මිල වැඩි කිරීමකට යාම සාධාරණ බව ඔවුන් විසින් පවසා සිටියේය. එහෙත් රජය විසින් පාන් පිටි මිල අඩු කිරීමට පියවර ගත් අතර පාන් පිටි ආනයනයේදී සහනද සැලසීය. පාන් ගෙඩියක මිල රුපියල් 170 සීමාවේ තබා ගැනීමට බේකරි සංගමයේ බේකරි කටයුතු කරද්දී සාධාරණ වෙළඳාමක් කරන ඇතැම් සාමාන්‍ය බේකරි හිමියන් රුපියල් 100ට ද පාන් ලබා දීමට හැකි බව පෙන්වා දී ඇත. මේ අනුව බේකරි නිෂ්පාදන ආශ්‍රිතවද මාෆියාවක් ක්‍රියාත්මක වන බව පැහැදිලිය. රජය විසින් උපරිම සහන සලසද්දීත් තමන්ගේ ව්‍යාපාරික උවමනාව සදහා කටයුතු කිරීම කොතරම් යුක්ති යුක්තද යන්න ජනතාව තීරණය කළ යුතුමය.
බඩු මිලට රජයෙන් එක පිට එක සහන
පසුගිය කාලසීමාව තුළදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල පහත හෙළීමට රජය කටයුතු කළේය. පසුගිය මාසයේ ආහාර මිල හා මේ මාසයේ ආහාර ද්‍රව්‍ය මිල සංසන්දනය කිරීමේදී පෙනී යන්නේ ආහාර ද්‍රව්‍ය මිල ක්‍රමයෙන් පහත වැටෙමින් පවතින බවය. වෙළෙඳ, වා‚ජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පසුගියදා සදහන් කොට සිටියේ පාරිභෝගික භාණ්ඩ මිල ප්‍රශ්නයට වසර 20ක් වැනි පැර‚ පාරිභෝගික පනතද බලපා ඇති බවයි. ඒ අනුව පාරිභෝගික අධිකාරිය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවත්, රජයේ බදු සහන ලබාගෙන ජනතාවට භාණ්ඩ මිල අඩුවීමේ සහනය ලබා නොදෙන නිෂ්පාදන සමාගම්වලට එරෙහිව ද ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත්, ඉදිරියේදී මෙරට අලෙවි කරන සෑම භාණ්ඩයකම උපරිම මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය බවත්, එසේ නොකරන සමාගම්වලට හා නිෂ්පාදකයන්ට එරෙහිවත් නීතිමය පියවර ගන්නා බවත්ය.
මේ අනුව පෙනී යන්නේ ආහාර සම්බන්ධයෙන් පවතින්නේ ගසා කන්නන්ගේ හා ඒ මත බේගල් පතුරුවන්නන්ගේ ගැටළුවක් මිස රජය විසින් ඒ සදහා යොදන අවධානයේ හා ක්‍රියාවලියේ දුර්වලතාවයක් නොවන බවය. කොහොම නමුත් අරබුදයේ කරවටක් ගිළුනු රට යළි ගොඩනැගීම ක්ෂණයෙන් කළ නොහැකි අතර ඒ සඳහා යම් සැලකිය යුතු කාලයක් කැපකරන්නට වීම යථාර්ථයය. රජය මෙතෙක් දක්වා තිඛෙන සාර්ථකත්වය මත නුදුරේම මේ ගැටළුව සමතයකට පත්වෙනු ඇතැයි විශ්වාසය රැඳවිය හැකිය.
- කේ.පී.අයි. ප්‍රියංගනී