IMF ණය අනුමතයි – මුළින්ම රටට කීවේ csj අපි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ මුදාහරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද තහවුරු කළා. මේ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක මුදලක් ලැබීමට නියමිතයි.

ඩොලර් බිලියන 3ක් වූ විස්තීරණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දක්වමින් ජාතයන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්රුවර් මේ බව තහවුරු කළේය. මාස 48ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක ණය පහසුකමක් ලබාදීමට ජාත්‍යන්තර මූලය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර ඇති බවත් බ්රුවර් මහතා මෙහිදී තහවුරු කර සිටියේය.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ලබා නොදෙන බව විපක්ෂය ඇතුළු බොහෝ පාර්ශව ප්‍රකාශ කර සිටි අවස්ථාවකදී නියත වශයෙන්ම මෙම පහසුකම ශ්‍රී ලංකාවට ලැබෙන බවට තහවුරු කර සිටියේ Chatham Street journal අප පුවත්පත විසිනි.

2023 මාර්තු මස 05 වැනිදා නිකුත් වූ කලාපය මගින් අප මේ බව තහවුරු කළ අතර, එම පුවත පහතින් දැක්වේ.

IMF ණය අනුමතයි – අපි ගොඩ! – මේ රනිල් යුගයයි

ශ‍්‍රි ලංකාව ඉල්ලූම් කර තිබෙන ඩොලර් බිලියන 2.9 ක විස්තීරණය ණය පහසුකම ලබාදීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අනුමත කර ඇති බවත් ඒ අනුව එළැඹෙන සඳුදා (06) දින හෝ ඒ ආසන්න දිනක මේ සම්බන්ධයෙන් නිල ප‍්‍රකාශයක් මුල්‍ය අරමුදල විසින් සිදු කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ණය පහසුක ලබාගැනීම වෙනුවෙන් මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරනු ලැබු ආර්ථික ප‍්‍රතිසංස්කරණ නිර්දේශ සියල්ල මේ වන විට ශ‍්‍රි ලංකාව සපුරා තිබෙන අතර ප‍්‍රධාන කොන්දේසිය වූ විදේශ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට අදාලව එම සියලු රාජ්‍යයන් වල එකඟත්වය ද ලැබී තිබේ. අවසන් වශයෙන් චීනයද ඒ සඳහා ඇති එකඟත්වය පසුගියදා පළ කර තිබිණි.

පසුගිය 02 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ක‍්‍රිස්ටෙලා ජොර්ජිවා සහ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡුාවක් සූම් අන්තර්ජාල යෙදවුමක් හරහා සිදුව තිබිණි. එහිදී ණය පහසුකම ලබාගැනීම සහ ණය ප‍්‍රතිවයුහගත කිරීම සම්බන්ධයෙන් දීර්ග ලෙස සාකච්ඡා කර තිබු අතර ණය පහසුකම් ලැබීම සම්බන්ධයෙන් එහිදී සුබවාදී ප‍්‍රතිචාරයක් හිමිව තිබිණි. ඇය මෙම සාකච්ඡාවට සම්බන්ධ වූයේ චීන අගමැතිවරයා සමඟ කළ සාකච්ඡුාවෙන් අනතුරුවය. චීන අගමැති ලී ක චිය්‍යන්, ණය අර්බුදයට මුහුණ දෙන ශ‍්‍රී ලංකාව වෙනුවෙන් තමන්ගේ සහය ලබාදීමට විවෘත්තව සිටින බව කලමණාකාර අධ්‍යක්ෂවරියට පොරොන්දු වී තිබිණි.

මුල්‍ය අරමුදලේ සහය ශ‍්‍රී ලංකාවට නොලැබෙන බවට හෝ තවත් මාස ගනනක් කල් යන බවත් ජනවරමක් නැති ආණ්ඩුවකට ණය නොදෙන බවත් ආදී වශයෙන් මේ වන තුරුත් ඇතැම් විපක්ෂ කොටස් ප‍්‍රචාරය කරමින් ජනාධිපතිවරයා ක‍්‍රියාත්මක කරතිබෙන ආර්ථික ප‍්‍රතිසංස්කරණ කඩාකප්පල කිරීමටද කටයුතු කරමින් සිටී. එම බාධා කිරීම් මධ්‍යයේ වුව ජනාධිපතිවරයා ආර්ථික අර්බුදය විසඳීම සඳාහා ගත යුතු පියවරයන් කඩිනමින් සහ සෘජුව ක‍්‍රියාත්මක කිරීමට තරම් එඩිතර වීම නිසා මෙම ණය සහනය කඩිනමින් ලබාගැනීමට හේතු විය. අර්බුදය විසඳාගැනීම සඳහා වන එකම විකල්පය බවට පත්ව තිබුණේ මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීම පමණය. එම පියවර ක‍්‍රියාත්මක කිරීමට හැකි වීම මේ මොහොතේ සියලූ ලක්වාසීන් ලැබූ ඉහළම ජයග‍්‍රහණයකි. මේ මොහොත රටට අත්පත් කරදුන්නේ රනිල් වික‍්‍රමසිංහගේ එඩිතර නායකත්වය. මේ අනුව සංවර්ධිත ශ‍්‍රි ලංකාවක් ගොඩනැඟීම සඳහා ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩපිළිවල ක‍්‍රියාත්මක කිරීමත් ඇරඹෙනු ඇත. එනම් මේ මොහොත රනිල් යුගයේ ආරම්භය සළකුණු කරනු ඇත.

2023.03.05 දින පුවත්පත බාගත කරගන්න – Download