නිදාස් දින මල් මාලේ.. – සයිමා
” මල් මාලේ මල් මාලේ මල් මාලේ… නිදාස් දින මල් මාලේ…. ලාබාඊ ලාබාඊ.. තව විෂ්ෂායි ගන්ඩලා මල් මාලේ මල් මාලේ නිදාස් දින මල් මාලේ …”
” ඒයි ඒයි.. මොකාද යකෝ නිදාස් දින මල් මාලේ කියන්නේ .. මෙහෙ වර ” සයිමාගේ කඩේ ඉදිරියේ ෂුමයියා මල් මාලා සෙට් එකක් අතේ දාගෙන බෙරිහන් දීගෙන යනවා දැක කතා කළේය.
” ඇයි ෂයිමායියා.. මුක්කුදාප්පා බිෂ්නස් එකක්වත් කරන්න දෙන්ඩකෝ … ”
” හරි හරි වරෙන්කෝ පොඩ්ඩකට බිස්නස් කරපං අවුලක් නෑ …”
” ෂරි දැන් කියන්ඩලා ”
” දැන් කියපං උඹ මේ මොකද්ද කරන්නේ මල් මාල තමයි මොකද්ද අර නිදාස් දින කෑල්ලක් දැම්මේ”
” මේක නේ ෂයිමායියා. අපේ රට ෂුද්දාගෙන් බේරාගෙන හවුරුදු ෂැත්තෑ පාක් වෙනවා. යේකට තියෙනවා නේ උත්ෂවේ ඉතිං ඒකට ගෙනියන්ඩ තමා මේ මල් මාලේ.”
” මොකක් උඹට පිස්සුද කවුද ඒකට මල් මාල ගෙනියන්නේ. ? දැන් කියපං කවුද මේ අයිඩියා එක උඹට දුන්නේ කියල ”
” යේක ෂයිමායියා මමම ෂිතලා ගත්තු අයිඩියා එක තමා.. මොක්කුද කියනවා නම් ඊයේ රෑ නිවුස් වල ප්‍රසිඩන්ට් කියනවා. නිදාස් දින මල්මාලේට නයිට් සෙවන් තවුසන්ඩ් කියල අප්පා.. ඉතිං ෂයිමායියා. ඒක දාපු මාතියා හොද දෙයක් තමා කළා. ”
” මොකද්ද බං හොදේ යකෝ එච්චර ගානකට මල් මාලයක් කොහෙන්ද ? පිස්සුද යකෝ ”
” ඕකම තමා ප්‍රසිඩන්ට් සර් කිව්වෙත් ”
” මොකද්ද ඔඪ එකේ ජනාධිපති තුමා ” පිස්සුද යකෝ කිව්වද ?” ”
” නේ.. නේ.. අප්පා යේකට එස්ටිමේට් කරපු තැන තමා ප්‍රයිසස් දාල තියෙන්නේ. මට ෂිතුනේ ඇයි අප්පා මලක් වැළක් මෙච්චර ගණන් කියල .”
” හරි දැන් කියපං උඹගේ මේ මල් මාලයක් කීයද ”
” මේක ෂයිමයියා ටූ තවුසන් තමා උයාට නිසා මම වන් තවුසන් ඒයිට් හන්ඩ්‍රඩ් තබා දෙන්නම් ”
” අනෙප්පලයං යන්න. වන් තවුස්ට් එයිට් පිස්සුද යකෝ .. මට ඊටත් උඹගෙන් මල් මාල මොනාටද දැන් මේක අරගෙන ප්‍රසිඩන්ට් දාන එකටම උඹ හිතනවද අනිත් මිනිස්සු දානවා කියල ”
” ෂෑ .. ෂෑ.. ෂයිමායියා.. ඕන්න අපිලට වැරදුනු තැන. ඊයේ රෑ නිවුෂ් එක නේ අප්පා. ඒක මල් මාලේ ප්‍ර මෝට් කරනවා .. අද තමා මම මේ ලේන් එකේ යනවා නිදාස් දින මල්මාලේ කිය කියා.. දවසම නිකාන් තමා යනවා ප්‍රයිසස් කියනවා.. ෂවසට ගෙදර ගිහින් මේ ටික විස්සික් කොරොනවා.. සාමි කෝවිලේ මල් ටික උදේට අරගෙන නූලක් දාලා හෙට යනවා ලේන් එකේ .. ෂයිමායියා කියන්නේ සෙට් වෙනවා. නේදප්පා ”
” යකෝ නිදහස් දිනය විකුණන් කන්නෙපා යකෝ… ඊටත් එච්චර ගානකට මල් මාලා දෙන්න උඹ හිතුවද මේක එන්ගලන්තේ කියල ”
” ආන්න ආන්න ආයෙමාත් උයාට වැරදුනා.. ප්රසින්ඩ් මෙහෙමයි මේක කියන්නේ. නිකාමට ෂිතන්ඩ සයිමායියා. අර කම්පැනි මාතියා මේකට දාපු නයින්ටි තවුසන් ගාන ප්‍රසිඩන්ඩ් කියල දැම්මා කියල ”
”පිස්සුද යකෝ එහෙම දාල ඒ මනුස්සයට පිස්සුද ඕක මීඩියාවල කියන්න අනේ මේ පලයන් යන්න මගුලක් නොකියා ”
” ආන්න ෂයිමායියාට වැරදුනා පොඩ්ඩක් පොසිටිව් සිතාන්ඩප්පා. මේකයි රනිල් ප්‍රසිඩන්ට ඕනේ අපේ රට කොහොම හරි ඉකොනොමික් හදන්ඩ නේ. එතකොට එයා මල් මාලේ ප්‍රයිසස් ලොකු කරලා කියනවා. මේ නිවුස් එක අපේ රටේ මිනිස්සු ගන්නේ බ්රයිබර් කේස් එකාක් විදියට. යේක නේ ෂදල තියෙන විදිය ඒත් මේක ෆොරීන් මිනිස්සු ගන්නේ නිදාස් දිනේට ෆිෆ්ටි තවුසන් වත් වෙනවා මල් මාලේ කියල. එතකොට ෂිතන්න සයිමායියා. ඩියුටියක් වදියට ෆොරිනස්ලා නිදාස් දිනේට සෙට් වුනොත් මල් මාලා අරගෙන එන්ඩ කියල කෝමද ඉකොනොමියට ලැබෙන චාන්ස් එක ”
” මේ මගෙන් කුනුහරුප නාහ පලයන් මෙතනින් උඹගේ මල් මාලේ කුදගහනෙ ඊටත් අර මනුස්සයාට ඔය වගේ විකාරයක් ඔලුවේ නෑ ”
” ෂයිමායියා ෂයිමායියා. ඕක නේ අප්පා අවුල. උයාලා රනිල් ප්‍රසිඩන්ට් අලුතෙන් රීඩ් කරන්ඩප්පා. එයා අලුත් අයිඩියාවලින් තමා ඉකොනොමික්ස් අප් කරන්නේ. බලන්ඩ මේක ක්රයිසස් එක ගොඩ යන්න මගේ අයිඩියා එක මරු අප්පා.. ප්‍රසිඩන්ට් වගේ ෂිතන්නකෝ අප්පා.. ”
” මේ ෂුමයියා. උඹ කියන එක හරි හැබැයි බං මේ උඹගේ මල් මාලේ නම් ටූ තවුසන් ගන්නේ නෑ ”
” ෂරි ෂරි අපි බලමුකෝ ඕන්න මං ගියා බායි ෂයිමයියා. පොඩ්ඩක් ප්‍රසිඩන්ට් වගෙ ෂිතන්න ෂරිද ?”
තව්තිසා