ජෙරම්ට පාර් ලිමේන්තු මන්ත්‍රීධුරයක් ! ප්රොපට්ලා ප්‍රමෝට් කරලා පපට්ලට රට භාර දෙමුද ?
බුදු දහම ගැන ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශයක් කළ ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයාගෙන් ලැබෙන සහයෝගය මත ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබාදීමට පොරොන්දු වූ විපක්ෂ දේශපාලන පක්ෂ නායකයකු සම්බන්ධයෙන් තොරතුරු හෙළිවෙමින් පවතී. පසුගිය අරගල සමයේ දී එම අරගලයට තිරය පිටුපස සිට කටයුතු කළ ජාත්‍යන්තර ආගමික කල්ලි කිහිපයක් ගැනද මීට පෙර තොරතුරු හෙළිව තිබිණි. මෙහිදී මුල්‍ය ආධාර සහ ද්‍රව්‍යමය ආධාර මෙන්ම මාධ්‍ය සහයත් අරගලයට ලැබී තිබුණේ මෙම ආගමික කල්ලිවල මැදිහත්වීමෙනි.
අරගලයට පක්ෂපාතව කටයුතු කළ ජෙරම් ප්‍රනාන්දු සමඟ ආගමික කල්ලි ප්‍රධානින් වන මාධ්‍ය ආයතන ප්‍රධානියකු, ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩයකුගේ බිරිදක් සහ හිටපු පිහිණුම් ශුරයකු විශේෂයෙන්ම ඊට මැදිහත් වී සිටි බව හෙළිව තිබිණි. මේ අතර මෙම ජෙරම් ප්‍රනාන්දු සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සම්බන්ධයක් තිබු බවට සජබයේ හිටපු උප සභාපති පී. හැරිසන් පසුගියදා මාධ්‍ය හමුවක දී පවසා තිබිණි. ජෙරම් ප්‍රනාන්දු කළ අපහාසාත්මක ප්‍රකාශයෙන් පසුව දින ගණනාවක් නිහඩව සිටි සජිත් ප්‍රේමදාස, පි. හැරිසන්ගේ හෙළිදරව්වෙන් පසුව ජෙරම් ප්‍රනාන්දුව පට්ට ගසමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු කර ඇත්තේ ඉන් වන දේශපාලනික හානියෙන් බේරිමට විය හැකිය.
කොහොම නමුත් ශ්‍රී ලංකාව ලෝක ආර්ථිකයේ මර්මස්ථානයක පිහිටන බැවින් මෙරට බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ සිදුවන බව රහසක් නොවේ. ඒ අතර ජාත්‍යන්තර ආගමික කල්ලි විසින්ද විවිධ වේශන්ගෙන් ක්‍රියාත්මක වෙමින් මෙරට දේශපාලන නායකයන්, පක්ෂ, ජනප්‍රිය සහ බලවත් පුද්ගලයන් අල්ලාගෙන රාජ්‍ය බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණ කරන්නේ අද ඊයෙක සිට නොවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වරක් පාර්ලිමේන්තුවේදී ඩිම්ඩියම් පන්නයේ කුමන්ත්‍රණයක් සිදුවීමට ගිය බවත් එය ව්‍යවර්ථ කළ බවත් පැවසූවේ අරගල සමයේ වූ ආගමික කුමන්ත්‍රණය ගැන තොරතුරු හෙළිදරව්වීමත් සමඟය.
කෙසේ නමුත් විවිධ වේෂයන්ගෙන් සිදුවන ආගමික දේශපාලන කුමන්ත්‍රණ වළක්වා ගැනීම නියත වශයෙන්ම සිදු විය යුත්තකි. ආගම් ඉදිරියට දමමින් දේශපාලනය කිරීම රටට අලුත් දෙයක් නොවුණත් රටේ වාසනාවකට මේවා ලත් තැනම ලොප් කිරීමට සමත්ව තිබේ. නමුත් යළිත් එවැනි උත්සාහයන් ක්‍රියාත්මක වන ලකුණු පහළවීම නිසා මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් පැවැත්වීමට ජනාධිතිවරයා ආදාල අංශවලට උපදෙස් දී ඇත. මෙහි අලගිය තැන් මුල ගිය තැන් හෙළිදරව් කර මේ කුමන්ත්‍රණකරුවන්ගෙන් රට බේරාගැනීම විය යුතුව තිබේ.
ආගමික විශ්වාසයන් හා ගැටුම් නිසා සහ ආගම දේශපාලනීයකරණය කිරීම නිසා ලංකාව වුවමණාවටත් වඩා විඳවා ඇති රටකි. ඒ වෙනුවෙන් ඝාතනයට ලක්වූ, පහර කෑමට ලක්වූ පීඩාවට පත්වූ අති විශාල පිරිසක් වෙති. ආගමික ස්ථාන ඇති තරම් විනාශ වී ඇත. සමස්තයක් ලෙස බැලුවහොත් මෙරට තමත් ආගමික සහජීවනයක ඇති රටක් නොවන බව අද යළි ඇවුළුවාලීමට උත්සහගන්නා ආගමික උන්මාදය අනුව පැහැදිළි වෙයි. අළුයට සැඟවුණු ගිනි පුපුරු සේ අවස්ථාව ලත් හැටියෙම ආගමේ නාමයෙන් වන දුෂ්ඨ ත්‍රාඩ ක්‍රියාකාරකම් මතු පිටට එයි. යම් ආගමක් අනෙක් ආගමිකයන්ගේ නිදහසට බාධාවක් හිරිහැරයක් වනවානම් එහෙම ආගමක් පැවැතිය යුතු නැත. ආගමක් හෝ වෙනයම් විශ්වාස පද්ධතියක් පැවැතිය යුත්තේ මානව වර්ගයාගේ අභිවෘද්ධිය පිණිසය. එය රටක යහපැවැත්ම වෙනුවෙන් පැවැතිය යුත්තකි. එසේම පෞද්ගලිකව ආගම තමන්ගේ ආධ්‍යාත්මික පෝෂණයට හෝ වෙනත් පෞද්ගලික වාසියක් ලාබයක් ප්‍රයෝජනයක් වෙනුවෙන් වන විශ්වාසයක් විය හැකිය. නමුත් එමගින් අන් අයකුගේ විශ්වාසයන්ට බාධාවක් නොවිය යුතුය. කොහොම නමුත් ආගම් ඉදිරියට දමා කරන තක්කඩි ජඩ දේශපාලනය නම් සුන්නද්දූලි කළ යුතුය.