අධික බීමතින් මහනුවර නගරයේ වැනි වැනි සිටි භික්ෂූන් 5 ක් අත්අඩංගුවට

monk

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා බවට සැක සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු තරුණයන් හයදෙනකු අධික බීමතින් මහනුවර නගරයේ සිටියදී අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.

මහනුවර මූලස්ථාන පොලිසිය භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් අද (30) අළුයම 01.00 පමණ නගරයේ සිදුකළ සිදු කළ සෝදිසියකදී මහනුවර ඔරලෝසු කණුව අසල සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි මෙම පිරිස පරික්ෂා කිරීමේදී ඔවුන් සතුව හැඳුනුම්පත් නොමැතිවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී ඔවුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා පිරිසක් බවට අනාවරණය වී තිබේ.

එම පිරිසෙන් 05 දෙනකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා බවත් එක් අයකු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේ නමක් බවත් අනාවරණය වී තිබේ .

ඔවුන් තංගල්ල, ගාල්ල, පිළිමතලාව සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටද අනාවරණය වී තිබේ.

ඔවුන් මහනුවර නගරයේ මත්පැන් ශාලාවකින් මත්පැන් පානය කොට ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔවුන්ගේ හැඳුනුම්පත් පොලිසියට ඉදිරිපත් කරණ තෙක් රඳවා තබා ගෙන සිටින අතර එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.

පසුගිය කාලයේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බවට විශාල කතිකාවක් නිර්මාණය වී තිබිණි. විශේෂයෙන්ම දේශපාලන සංවිධානවලට සම්බන්ධ වී සිටින තරුණ භික්ෂූන් මෙකෙස් විවිධ විෂමාචාර ඇවැතුම පැවැතුම් වලට යොමුව සිටීම ගැන සමාජවෙන් විශාල විරෝධයක්ද මතුව තිබිණි.