වැඩකරන ජනතාවට ජයග්‍රහණ පොදියක් !
වත්මන් රජය විසින් කම්කරු නීති වෙනස් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ පුළුල් කතාබහක් ඇති වී තිබේ.
අපේ රටේ ක්‍රියාත්මක කම්කරු නීති බොහොමයක් සුද්දාගේ කාලයේ සිට එන යල්පැන ගිය ඒවාය. සමහර කම්කරු නීති අදට කොහෙත්ම ගැලපෙන්නේ නැත. කම්කරු නීති ක්‍රියාත්මක කිරීමේදී අණපනත් චක්‍රලේඛ සිය ගණනාවක් පැවතීම මෙහි ඇති අනෙක් ප්‍රධානතම අවුලය. මේ නිසා යම් ගැටළුවක් නිරාකරණය කර ගැනීමේදී සේවකයා මෙන්ම සේව්‍යයා ද අවුලට පත්වී තිබේ. ” එකක් කඩතො¨ මකා ගන්නට ගොසින් මට වුනු කාරියා, දෙකක් කඩතො¨ හදා දුන්නයි ඉදුරුවේ ආචාරියා…” කියන්නා සේ මේ ගැටළු සංකීර්ණ වී තිබේ.
මේ නිසා විවිධ කම්කරු අණ පනත් වෙනුවට ඒ සියල්ල ඒකාබද්ද නව කම්කරු නීතියක් එක ලියවිල්ලක් ලෙස රටට හඳුන්වාදීමට රජය අදහස් කර ඇත්තේ මෙම අවුල් සියල්ලම නිරාකරණය කිරීමේ අදහස ඇතිව ය. කම්කරු නීතිය වෙනස් කරන්න ´න කියන කාරණය දශක ගණනාවක් තිස්සේ කතාබහට ලක්වෙමින් තිඛෙන නමුත්, විවිධ හේතු මත එම නීති වෙනස් කිරීමට කිසිවෙකුට නොහැකි විය. කම්කරු නීතිය වෙනස් කිරීමට උත්සාහ කළ එවක සිටි කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට එනම්, වත්මන් කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයාට කම්කරු කොමසාරිස් ජනරාල් තනතුර හැරදා යාමට පවා සිදුවිය. එයින් අදහස් වන්නේ එය ඒ තරම්ම අනතුරුදායක දෙයක් බවය. ඒ තරම්ම සංවේදී වැඩක් බවය. කම්කරු අමාත්‍යාංශය විසින් කම්කරු නීතිය සකස් කිරීම සඳහා ඉතාම පාරදෘෂ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලද්දේ ද එබැවිනි.
ඒ අනුව, කම්කරු නීතිය වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව, අමාත්‍යාංශය විසින් පහුගිය දෙසැම්බර් මාසයේදී ජාතික කම්කරු උපදේශක සභාව දැනුවත් කරන ලදි. මේ නව කම්කරු නීතිය සකස් කිරීමේ කටයුත්තේදී ඒ සම්බන්ධයෙන් සියළුම මාධ්‍ය ම`ගින් ජනතාව දැනුවත් කෙරිණි. සියළුම වෘත්තීය සමිතිවලට ආරාධනා කෙරිණි. ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය නොකරන වෘත්තීය සමිතිවලට පවා මේ සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට කම්කරු අමාත්‍යාංශය විසින් මෙහිදී ආරාධනා කරන ලද අතර සියළුම වාණිජ මණ්ඩලවලට ද ඔවුන්ගේ අදහස් හා යෝජනා අමාත්‍යාංශයට ලබා දෙන්නැයි ආරාධනා කෙරිණි. මේ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තිඛෙන සියළු දෙනා සඳහා ද නව කම්කරු නීතිය සකස් කිරීම සඳහා වන ක්‍රියාවලිය විවෘත විය. සියළුම දේශපාලන පක්ෂවලට ද නව කම්කරු නීතිය සකස් කිරීම සඳහා දායකවීමට ආරාධනා කෙරිණ. මේ අනුව පෙනෙන්නේ සමස්ත සමාජයටම මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අපි අවස්ථාව ලබා දී ඇති බවය.
සංවාද මණ්ඩප හතක් පමණ අමාත්‍යාංශය විසින් පැවැත්වූ අතර ඒ සඳහා ඉදිරිපත් වූ දහස් ගණනක් අදහස් හා යෝජනාවලින් සකස් කරගත් මූලික ලියවිල්ල මේ වන විට සකස් කර අවසන්ය. ඒ අනුව කම්කරු අමාත්‍යාංශය විසින් සකස් කරන නව කම්කරු නීතිය ඉතාම ඉක්මනින් ජාතික කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කොට ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මෙම කෙටුම්පත සම්බන්ධයෙන් යම් යම් අඩුපාඩු පවතින්නේ නම් එම අඩුපාඩු අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව ජනතාවට ඇති බව මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ අදහසය.
මෙම නව කම්කරු නීතිය සකස් කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව නිරන්තරයෙන් විවාදයට තුඩු දෙන්නක් වී ඇත්තේ මේවා විවිධ ධනවාදී බලවේග, ජාත්‍යන්තර වුවමණාවන් මත මෙරට කම්කරුවා සූරාකෑමට ලක් කිරීමේ වුවමණාවන් බවට චෝදනා එල්ලවීම නිසාය. ලෝකයේ පැරණි තම සංවිධානයක් වන ජාත්‍යන්තර කම්කරු සංවිධානය එහි නියමු මූලධර්මය ලෙස සලකනුයේ —කම්කරුවා, භාණ්ඩ හා සේවා නැතිනම් ප්රාග්ධනය මෙන් වෙළෙඳපළේ විකිණෙන දෙයක් නොවන වගත් සහ සේවා ස්ථානයේ දී සමානව සැලකීමට සහ සාධාරණත්වයෙන් කටයුතු කිරීම මානව ගරුත්වයේ අවශ්‍යතාවක්ය˜ යන්නත්ය. ඒ අනුව දැනට ජාත්‍යන්තර කම්කරු සංවිධානය පාර්ශ්ව රටවල කම්කරු ප්රමිතීන් කෙසේ විය යුතුද යන්න පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවක් නිර්මාණය කොට ඇත. එම රටවල් එම සම්මුතීන් පිළිගත් රටවල් තම නීතිය තුළ එය ස්ථීර කිරීමට බැඳී සිටින නමුත් මෙම සම්මුතීන් බලාත්මක කිරීමේ ක්‍රමවේදය ඒ ඒ රටට සාපේක්ෂව වෙනස්ව තිබේ.
කෙසේ නමුත් කම්කරු නීතියේ දී සැලකිලිමත් වන්නේ කම්කරුවන් සහ සේවායෝජකයා අතර අසමාන කේවල් කිරීමේ බලය පිළිබඳව සමතයකට පැමිණීමය. මෙරට තුළ පැන නැගී ඇති ගැටළු විසඳාගත යුතුවීම රටේ අත්‍යාවශ්‍ය වුවමණාවක් වී ඇති අතර එය මේ මොහොතේ කිසියම් බාහිර බලවේගයක වුවමනාවකට කරන දෙයක් නොවන බව මෙහිලා සිහිපත් කළ යුතුව ඇත. කම්කරු අමාත්‍යාංශය ඉදිරිපත් වී මෙම නව කම්කරු නීතිය සකස් කරනු ලබන්නේ එය මේ රටේ සංවර්ධනයට, මේ රටේ සිටින ශ්‍රම බලකාය සහ ව්‍යවසායකයන් වඩාත් ඵලදායි ලෙස යොදාගැනීම අරමුණු කරගෙනය. ඒ වෙනුවෙන් තිඛෙන බාධක ඉවත් කරලීම වෙනුවෙනි. නමුත් මෙම ව්‍යායාමයට එරෙහිව වුවත් දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් කටයුතු කරන ඇතැම් වෘත්තීය සමිති ඊට එරෙහිව පාරට නොබැස්සොත් ඒ ගැනද පුදුම විය යුතු නැත.
ජනාධිපතිවරයාගේ සංකල්පය වන්නේ නිදහස ලබා අවුරුදු සියය පිරෙන 2048 වර්ෂය වන විටවත් අපි දියුණු රටක් විය යුතුය කියන එක ය. වත්මන් රජය ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන්නේ එම ඉලක්කය ඇතුව ය. තප්පරයෙන් තප්පරේ වෙනස් වෙන තාක්ෂණයට අනුව තප්පරයෙන් තප්පරේ වෙනස් වන ලෝකයට අනුව අපේ ශ්‍රමිකයාව නිර්මාණය කිරීමට අද අපිට සිද්ධ වී ඇත. ඒ සඳහා වෙනස්කම් විශාල ප්‍රමාණයක් කිරීමට අපට සිදුවෙයි. රට දියුණුවීමට නම් රට තුළට ආයෝජන පැමි‚ය යුතුය. තිඛෙන ව්‍යාපාර ප්‍රසාරණය විය යුතුය. රැකියා අවස්ථා වැඩි විය යුතුය. ඒවා කිරීමට අපට නොහැකි වුවහොත් රටක් විදිහට අසමත්වීමට අපට සිදුවෙයි.
දින ගණනාවක් තිස්සේ සමාජය සම`ග කරන ලද සංවාදය තුළින් නව කම්කරු නීතිය සැකසීමට අදාලව සකස් කරගත් මූලික යෝජනා කිහිපය මේ වන විට අමාත්‍යාංශය විසින් සමාජයට ඉදිරිපත් කර ඇත. ඒ අනුව නවීන ලෝකයට නොගැලපෙන කම්කරු නීති වෙනස් කිරීම මුලික කරගෙන සේවා ස්ථානය තුළ වෙනස් කොට සැලකීම වැළැක්වීමට කම්කරු අමාත්‍යාංශය නව නීති ගෙන ඒමට බලාපොරොත්තු වෙයි. පඩි පාලක සභා ආඥා පනතේ සහ සාප්පු හා කාර්යාල පනතේ පවතින වෙනස්කම් නැති කොට, සැමට සමානව සලකන ආකාරයට කටයුතු කරන නීති සම්පාදනය කරනු ඇත. සේවා ස්ථානය තුළ හිරිහැරවලට ලක්වීම වැලැක්වීම හා සියලුම ආකාරයේ ලිංගික හිංසන වැලැක්වීමට කටයුතු කරනු ඇත.
සේවකයාගේ කැමැත්ත අනුව දින පහක වැඩ සතියක් හා නම්‍යශීලී වැඩ කරන කාලය හදුන්වා දීමට ද අමාත්‍යාංශය බලාපෙරොත්තු වෙයි. අර්ධ කාලීන රැකියා
කිරීමට අවස්ථා ලබාදෙන නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට නියමිතය. කොන්දේසිවලට යටත්ව කාන්තා සේවිකාවන් රාත්‍රියේ සේවයේ යෙදවීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙනු ඇති අතර පීතෘ නිවාඩු සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන ද ලබාදෙනු ඇත. අතිකාල වැඩ කරන ප්‍රමාණය සහ ගෙවිය යුතු ගෙවීම් සම්බන්ධයෙන් ඒකමිතික ක්‍රමයක් හදුන්වා දෙනු ඇත. නිවසේ සිට සේවය කිරීම විධිමත් කිරීම සදහා ක්‍රමවේදයන් හදුන්වා දෙනු ලබයි. විදේශීය සේවකයින් ලංකාවේ සේවය කිරීමේදී එය විධිමත් කිරීම සදහා වන නීතිමය ප්‍රතිපාදන ගෙන එන අතර එය නියාමනය කිරීම සදහා නීති සකස් කරනු ලබයි. පුහුණුවන අයට ආධුනිකයින්ට අදාල නීතිමය ප්‍රතිපාදන සකස් කරන අතර ඒ සදහා වන නිවැරදි අර්ථ නිරූපණ ලබාදෙනු ඇත. ජාතික වේතන කවුන්සිලයක් කම්කරු අමාත්‍යාංශය විසින් යෝජනා කර ඇත. ඒ මගින් කාලීන හා පිළිගත් ක්‍රමවේදයන්ට අනුව අවම වැටුප් ක්‍රමයක් හ
දුන්වාදීමට කටයුතු කෙරෙයි. සේවකයින් විසින් සිදුකරන විෂමාචාර ක්‍රියාවන්ට අදාල විනය කටයුතු නිශ්චිත කාලයක් තුළ අවසන් කිරීම සදහා සේව්‍ය පාර්ශවය වගකියන ක්‍රමවේදයක් හදුන්වා දෙන්නේය. සේවා ස්ථානයේදී සේවකයින්ගේ සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සදහා නෛතික ප්‍රතිපාදන ශක්තිමත් කිරීමට නියමිතය. දුර්වල කාර්ය සාධනයන් මත හා ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරන විට සේවය අහිමිවන සේවකයින්ට වන්දි ලබාදීම හා එය වේගවත් සහ සරල කිරීම සදහා වන ක්‍රමවේදයක් සකස් කිරීම ද කම්කරු අමාත්‍යාංශය විසින් සකස් කරන නව කම්කරු නීතියෙන් සිදුවනු ඇත. අමුද්‍රව්‍ය නොමැතිකම, යන්ත්රසූත්ර නොමැතිවීම, ඇනවුම් නොමැතිවීම හෝ සේවායෝජකයාගේ පාලනයෙන් ඔබ්බට ගිය හේතූන් මත කෙටිකාලීනව සේවය නතර කිරීමට කම්කරු කොමසාරිස්වරයාගෙන් අවසර ලබාගත යුතු බවට වන නීතිමය ප්‍රතිපාදන හ
දුන්වාදීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි. සේව්‍යයන් ස්වේච්ඡාවෙන් සේවය හැරයාමේදී මාසයකට පෙර සේවා යෝජකයා දැනුවත් කළ යුතු බවට වන ප්‍රතිපාදන හදුන්වා දෙන්නේය. සේවායෝජකයා සිදු කරන අසාධාරණ කම්කරු පිළිවෙත් දැනට නීතියෙන් පිළිගන්නා ආකාරයට වෘත්තීය සමිති ම
ගින් සිදුකරන අසාධාරණ කම්කරු පිළිවෙත්ද වැටුපෙන් සාමාජික මුදල් අඩුකර වෘත්තීය සමිතිවලට යැවීම සදහා සේවායෝජකයාට අනිවාර්ය කිරීම ද සමාජ ආරක්ෂණ අරමුදලක් මගින් මාතෘ ප්රතිලාභ, සේවක සෞඛ්‍ය සහ විරැකියාවකදී වන්දි ලබාදෙන සමාජ ආරක්ෂණ පද්ධතියක් සකස් කිරීම ද නව කම්කරු නීති ම`ගින් ඉටු කිරීමට අපේක්ෂා කරයි.
මේ නව කම්කරු නීතිය සම්මතවීම තුළින් රජය බලාපොරොත්තු වන්නේ නූතන ලෝකයට ගැලපෙන වැඩ ලෝකයක් නිර්මාණය කිරීම ය. ඒ සඳහා රටේ වෘත්තීය අධ්‍යාපනය මෙන්ම පාසල් සහ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනස් කර දියුණු කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කරමින් සිටීම රටක් ලෙස සතුටට පත්විය යුතු කාරණයකි. ජනාධිපතිවරයා සිස්ටම් චේන්ජ් ගැන කතා කළේ රටේ සමස්ත පද්ධතියම සම්පූර්ණ වෙනස් කිරීමකට ලක් කරන දැවැන්ත වැඩපිළිවෙලක් අතැතිවය. මෙම ක්‍රියාත්මක වැඩපිළිවෙල හරහාද ඔහු පෙන්වා දෙන්නේ තැනින් තැනින් හුදු දේශපාලනික හෝ වෙනයම් පටු අවශ්‍යතා වෙනුවෙන් පැලැස්තර විසඳුම් දී දැනට මේ තිඛෙන ප්‍රශ්න විසඳිය නොහැකි බවය.
- ඩී.පී.කේ. නජිත් විරංග