ප්රශ්නයේ කොටසක් නොවී උත්තරේ කොටසක් වෙන්න
සිංගප්පූරුවේ නැගීම සෙසු රටවල් ආදර්ශයට ගන්නේ කෙසේදැයි අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු මහාචාර්යවරයෙකු වන පීටර් ඩ්රිස්ඩේල් මහතා මෙසේ පවසා ඇත.
Number one is get rid of communist how you get rid of them is doesn~t matter me as an economist’ But get them out of government” get them out of the trade unions” get them off the streets’ How you do it is your job’
Number two is, let raffles stand where yuo stands today’
ශ්‍රි ලංකාවට අදාල කරගත් විට, ගතානුගතික වාමාංශිකයන් සහ ආරාජිකවාදීන් රජ්‍යයෙන් ඉවත්කර තැබිය යුතුය, වෘත්තීය සමිතිවලින් සහ වීදිසටන් වලින් ඉවත් කර තැබිය යුතුය.
මේ උදාවී ඇත්තේ විප්ලවීය තත්වයකි. මිනිසුන් පාරට බැස ඉල්ලු වෙනස නිර්මාණය කිරීම ඇරබී ඇත්තේ මේ මොහොතේ සිටය. කොට්ටඋරයක් අනිත් පැත්ත ගසන්නාක්සේ ඉතිහාසයේ තෝරාගත් සියලූ වැරදි මංපෙත් අනිත් පැත්ත හැරවිය යුතුය.
නිදහස ලබන විට ආසියාවේ ජපානයට පමනක් දෙවෙනි ශක්තිමත්ම රාජ්‍යය හැත්තෑ පස් වසරටක පසු බංකොලොත් රාජ්‍යක් බවට පත්කල වැරදි තීරණ රැසකි.
1957 පලවූ එයැ චැඑරදකසමප ැබටසබැැර ජර්නලයේ පලවූ ලිපියක මෙසේ සටහන්වී ඇත
ඉන්දියන් සාගරයේ කුඩා දූපතක්වූ සිලෝන්හි british petrolium ” mobil iy chevron සමාගම් දිනකට තෙල් බැරල් 170000ක් නිපදවිය හැකි තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට තීරණය කර ඇත. එවකට ලංකාව තෙල් ප්‍රතිඅපනයනය කල අතර ceylon oil price යනුවෙන් ලෝක වෙලද පොලේ තෙල් මිල දර්ශකයක් පැවතුනි. එහෙත් ඉන් වසර කීපයකට පසු දේශපාලන අත්දැකීම් නොතිබූ සිරිමාවෝ බණඩරානායක මහත්මිය නැමැති සුන්දර ට්රොජන අස්වයා තුලට නැගගත් වාමංශිකයන් සෝවියට් දේශයේ බලපෑම මත එකරැයින්esso” chevron ” mobile” bp” caltex වැනි තෙල් දැවැන්තයන් රටින් එලවා දමා, ජචජ ය ඇරබා සොච්චම් අඩු මුදලකට රතුතෙල් ලබාගැනීමට තීරණය කරන ලදී, සෝවියට් දේශය ලබාදුන්නේ ලංකාවේ තෙල් අවශ්‍යතාවයෙන් 25%ක් පමනක් වූ අතර ඉතිරිය වැඩි මිලට විවෘත වෙලදපොලෙන් ලබාගැනීමට සිදුවිය.
ලංකාවට විකල්පය ලෙස සිංගප්පූරුව තෝරාගත් ලෝක තෙල් දැවැන්තයන් ිසබට්චදරු දසක චරසජැ නමින් නව් මිලදර්ශකයක් නිර්මාණය කරන ලදී. අද අපි සිංගප්පූරුවෙන් වසරකට ඩොලර් මිලියන360ක පමන තෙල් මිලදී ගනී.
රෙදිපිලි, කුලූබඩු, මැටිබඩු, කැති, උදලූ මේ සියල්ල නිපදවීම රජයට පවරාගෙන මනිබඩු වෙලෙන්දෙක්සේ රජය බඩු විකිනීම ඇරබූ ඇතර අනෙක් පසින් නත්තල් සීයෙකු වෙමින් සියලූදේ සහන ලෙස බෙදීම අරබන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස පණ ඇදිමින් සිටි රට සිරිමාවෝ මෙන්ම අත්දැකීම් නැති ගෝඨාභය නැමැති ඬටර්මිනේටර්ඬ වරයා, 69ලක්ෂය ලරුචිරානෙනී එකපාර මා මරන්නල කියා ඉල්ලු විට, හුස්ම හිරකර එකවර මරාදමන ලදී.
දැන් එම මලසිරුර සාලයේ තබාගෙන තවදුරටත් බූරු ගැසීම් නොකර
ඒ පැරණි වාමාංශික නෂ්ටාවශේෂයන්ද සමග එම සිම සිරුර වලදමා නීරෝගී කලලයකට මේ බිමේ වර්ධනයවීමට ඉඩදිය යුතුය.
එසේකල හැක්කේ පැරණි සිරුරට පෙම්බදින පිසාචයන් මෙන්ම ඔවුන්ට යලි පනදීමට වෙරදරන කට්ටඩීන්ද එකමිටට පරාජය කිරීමෙනි.
ඒ සදහා සතුරන් හරියට නම් කල යුතුය. මිතුරන් එක්කර ගත්යුතුය.
රාජ්‍ය යාන්ත්‍රනය තුල වෘත්තීය සමිතිතුක සැගවී සිටින, ආදිකල්පික වාමාංශිකයන් සහ අරාජිකවාදීන් මේ මොහොතේ සිදුවන විප්ලවයේ ප්‍රධානම සතුරන් ය.
ඔවුන්ගේම බසින් කිවහොහ් ප්රතිවිප්ලවකාරීන් ය. ප්‍රතිවිප්ලවකාරීන්ට එරෙහිව කටයුතු කලයුතු ආකාරය ඔවුන් විසින්ම වට්ටෝරුගතකර තිබීම පහසුවකි.
මේ අලූතින් වැඩෙන කලලය පෝෂණය කිරීම සියලූ සැබෑ දේෂප්රේමීන්ගේ වගකීමයි.
එය තනි මිනිසෙකුට පැවරීම සාධාරණ නැත. තනි මිනිසෙකු අසාමාන්‍ය නිර්භීතකමකින් එය ආරම්භ කර ඇත. එහෙත් එය අවසාන කිරීමේ වගකීම ඇත්තේ ඔබට ,, මට ,, අපිටය. මේ මොහොතේ රනිල් යනු තනි මිනිසෙකු නොව වෙනසක් ඉලලා සිටි මිනිසුන්ගේ සටන්පාටයයි. වෙනස වෙනුවෙන් වෙහෙසෙන මිනිසුන්ගේ සාමූහික වෙහෙසයි. වෙනසක් වෙනුවෙන් කරන විප්ලවයට එරෙහි ප්රතිවිප්ලවයට එරෙහි සටනද ඔහුයි.
ඔබ විප්ලවය සමගද? ප්රතිවිප්ලවය සමගද? තීරණය ඔබ සතුයි. ඉතිහාසය විසින් ඔබේ තීරණය විනිශ්චය කරණු ඇත. ප්රශ්නයේ කොටසක් නොවී උත්තරයේ කොටසක් වීමේ අභිමානයට එකවන්න.