ලිංගිකාශාවට බය සංස්කෘතික සිරකරුවෝ
පාර් ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ, සමලිංගික සේවනය සාපරාධීහරණය කිරීමේ පනත, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුකොට දන්වා ඇතැයි, පසුගිය මැයි 09දා, කතානායක විසින් පාර්ලිමේන්තුවට දන්වා සිටියේය. ඒ සමඟම නැවතත් ලංකාවේ සමලිංගිකත්වය සම්බන්ධයෙන් කතිකාවක් ගොඩනැගෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් පළමුව සිංහල බෞද්ධ ජාතිකවාදී නියෝජනයේ ප්‍රකාශකයකු ලෙස සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ සිය විරෝධය මාධ්‍ය හරහා පවසා තිබිණි. ඔහුගේ ප්‍රකාශයට අනුව, දොලවත්ත මන්ත්‍රීවරයා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත වුවහොත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ගොදුරක් බවට පත්වන බවත්, ඒ මගින් සිදු වන වරද තවත් වැරදි රාශියකට මගපාදන බවත් චෝදනා කරන අතර එය නිවැරදි කරගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 365(අ) වගන්තිය වෙනස් නොකොට නැවතත් ප්‍රදර්ශනකාමී වගන්ති ඇතුළත් කොට සක්‍රීය කරන ලෙසත්, සමලිංගික අයිතිය පිළිගත්තද සමලිංගික විවාහ නීති අවසරය නොදිය යුතු බවත්, සංක්‍රාන්ති ලිංගිකයන්ට තවදුරටත් ශල්‍යකර්ම මගින් ලිංගික වෙනස්කම් සඳහා ඉඩ නොදිය යුතු බවත් යෝජනා කරනවා.
මේ ආකාරයට සමලිංගික ප්‍රජාවගේ අයිතිය රට තුළ පිළිගැනීමට ලක් නොවිය යුතු යැයි කල්පනා කරන සංස්කෘතික වහල්බවින් නොමිඳුණු අයවලුන් හෙට දවසේ ද සිය විරෝධතාව විවිධ’මාදිලි ඔස්සේ ගොනු කරනු ඇත. ඔවුනගේ විරෝධය කුමක් අරඹයා,’කුමක් රක්ෂා කිරීමට ද යන්න ඔවුන්වත් නොදන්නා බව එකී එදිරිවාදී’කතා තුළින් ඔවුන් විසින්ම පෙන්වා දී’තිබීම හාස්‍යයට කරුණකි.
LGBT යනු කවුද?
විෂම ලිංගික නොවන පුද්ගලයින් හැඳින්වීම සඳහා තෙවන ලිංගික ප්‍රජාව වශයෙන් මුල් කාලීනව හැඳින් වූ ජන කණ්ඩායම පසුව පොදු නාමයක් ලෙස ‘සමලිංගික’ යන වචනය භාවිතා වන්නට විය. නමුත් ගතානුගතික පවුල් සිරිත් විරිත් සම්ප්‍රදායන්වලින් ගොඩනැගුණු සමාජ පසුබිමක ‘සමලිංගික’ ප්‍රජාවට නිතැතින්ම උරුම වූයේ,’අපහාසය,’උපහාසය වගේම වෙනස් කොට සැලකීම්ය.
ඒ නිසාම එකී ප්‍රජාවට සිය මානුෂීය අයිතිය වෙනුවෙන් සටන් කරන්නට සිදුවිය. ලොව පුරාම හුදකලා සටන් ලෙස පැවතුණු මෙම සමලිංගික ප්‍රජාවේ එකතුවක් ලෙස LGBTය ගොඩනැගුණි. එය සමලිංගික කාන්තාවන් (Lesbian), සමලිංගික පිරිමි (Gay), ද්වි ලිංගික (Bisexual), සංක්‍රාන්ති ලිංගික (Transgender) යන සුළුතර ලිංගික ප්‍රජාවගෙන් යුක්තය.
ලංකාවේ LGBT ප්‍රජාව
2018 දී ලංකාවේ සමලිංගික යැයි නමින් හඳුන්වාගත් පිරිස 7500 යැයි ඉංග්‍රීසි පුවත් පතක වාර්තා කර තිබිණි. කෙසේ නමුත් හඳුනා නොගත් සමලිංගික පිරිස ද ඇතුළුව සමස්ත ජනගහනයෙන් 5%කට ආසන්න ප්‍රමාණයක් වනු ඇතැයි සැලකේ. ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් පොදු සමාජය තුළ නොසැලකිල්ල සහ සාධාරණ පිළිගැනීමක් නොමැතිකම විසින් නිරන්තර අපහාස, උපහාස,’ සමාජ වාරණයන්, නීතිමය බාධාවන්, ලිංගික අඩත්තේට්ටම් වගේම අත්අඩංගුවට ගැනීම් ආදී විවිධකාර ශාරිරික සහ මානසික පීඩාවන්ට මුහුණ දෙමින් සිටින සුළුතර මිනිස් ප්‍රජාවකි. මේ අයුක්ති සහගත කෙනෙහිළිකම් නිසාම මේ පිරිස අතර සැලකිය යුතු මට්ටමේ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවක් ඇත.
ඊට බලපෑ ප්‍රධානතම සහ මූලිකම කාරණය වනුයේ, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ඇති ‘අස්වාභාවික වැරදි’ යන වදනයි. එකී වචනයට යටත්ව අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකා පොලීසිය විසින් සමලිංගික ප්‍රජාව විවිධ අඩත්තේට්ටම්වලට ගොදුරු කරනු ලැබුවේ, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365/365(අ) වගන්ති භාවිත කරමිනි. ඊට සංශෝධන හෝ ඉවත් කිරීමට විවිධ අවස්ථාවල කළ ඉල්ලීම් අපේ සමාජය විසින් පිළිනොගැනීම විසින් ඛඨඊඔ ප්‍රජාව තවදුරටත් සමාජ හිංසනයට ලක්කරමින් තිබේ.
දණ්ඩ නීති සංග්‍රහය
සමලිංගික ප්‍රජාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන දණ්ඩ නීති සංග්‍රහයේ අංක 365 / 365අ වගන්ති පිළිබඳව නිවැරදි විවරණයක් හෝ පැහැදිලි කිරීමක් අදටත් නොමැති බැවින් එය භාවිතා කරන්නෝ විසින් සිය කැමැත්ත පරිදි සමලිංගික ප්‍රජාව හිංසනයට ගොදුරු කරමින් සිටිනු දැකිය හැකිය. විශේෂයෙන් පොලීසිය මේ සම්බන්ධයෙන් බරපතල මැදිහත් වීමක් සිදුකර තිබේ.
කෙසේ වෙතත් දණ්ඩ නීති සංග්‍රහයේ උක්ත වගන්ති තුළ සමලිංගිකත්වය
සාපරාධී වරදක් යැයි කිසිදු අවස්ථාවක හඳුන්වා දී නොමැත. අදාළ වගන්ති පරිශීලනය කිරීමෙන් එය වඩාත් නිවැරදිව පැහැදිලි කරගත හැකිය.
365: යම් පුරුෂයකු, ස්ත්‍රියක හෝ සතකු සමඟ ස්වභාව ධර්මයට විරුද්ධව, කැමැත්තෙන් ම කාමුක සංසර්ගයෙහි යෙදෙන තැනැත්තෙකුට අවුරුදු දහය දක්වා කාලයක, දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතු ය.
365(අ): ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තකු සමඟ යම් දැඩි අශිෂ්ට ක්‍රියාවක් සිදු කරන නැතහොත් එවැනි යම් ක්‍රියාවකට පාර්ශවකරුවකු වන හෝ, එබඳු යම් ක්‍රියාවක් යම් තැනැත්තකු විසින් කරනු ලැබීම කුට්ටනය කරන හෝ කුට්ටනය කිරීමට තැත්කරන කවර හෝ තැනැත්තකු වරදකට වරදකරු වේ.
මෙකී වගන්ති ප්‍රකාරව ‘ස්වභාවධර්මයේ පටිපාටියට එරෙහි ලිංගික සේවනය’ සහ පුද්ගලයන් අතර ‘දැඩි අශිෂ්ට ක්‍රියා’ සාපරාධී වරදක් ලෙසත් එසේ වරදකරුවෙකු වන අයෙකු දඩයකට හෝ සිර දඬුවමකට යටත් කළයුතු යැයි ද සඳහන් ය. අපේ සමාජයේ සමරිසි ප්‍රජාවට වෙනස්කම් සිදු කිරීමේ අරමුණින් මෙම වගන්ති සාවද්‍ය ලෙස අර්ථ කථනය කළ අවස්ථා සුලභය.
සමරිසිභාවය මානසික රෝගයක් ද?
පොලීසිය මැදිහත්වීමෙන් අධිකරණය වෙත යොමු කළ’මෙවැනි නඩු කටයුත්තක් සම්බන්ධයෙන් 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී වත්තල අධිකරණය විසින් සමරිසිභාවය මානසික රෝගයක් නොවන බව ද අපරාධමය වදරක් නොවන බව ද තීන්දු කර සිටියේය.
ඇතැමුන් පෙන්වා දෙන ආකාරයට සමලිංගික ඇසුරට යොමුවීම ඒ ඒ පුද්ගලයින්ගේ මානසික රෝගී ස්වභාවයක් ලෙස අර්ථ ගන්වා තිබේ. සමාජය පුරා එවැනි මතයක් නිර්මාණය කරමින් සිටින්නෝ සැබෑ ලෙසම ඒ සම්බන්ධයෙන් කරුණු නොදැන හෝ දැනුවත්ව සිය විරෝධය තහවුරු කිරීමේ අයුක්ති සහගත අරමුණකින් එසේ සිදුකරන බව පැහැදිලිය.
මන්ද 1990 මැයි මස 17 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සමලිංගිකත්වය යනු මානසික රෝගයක් නොවන බව ප්‍රකාශයට පත්කර තිබීමත් ලිංගික අනන්‍යතා මිනිසුන් අතර දක්නට ලැබීම සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයක් මිස මානසික රෝගයක් සේ සැලකිය නොහැකි බව ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය විසින් අවස්ථා කිහිපයක දීම තහවුරු තිබීමත් සැලකීමේ දීය.
එසේම සමලිංගිකත්වය නිසැකවම වාසියක් නැත, නමුත් එය ලැජ්ජාවට කරුණක් නොවේ, නරක නැත, පිරිහීමක් නැත, එය රෝගයක් ලෙස ද වර්ග කළ නොහැකි යැයි වරෙක සුප්‍රකට මනෝ විද්‍යාඥ සිග්මන්ඩ් ෆ්රොයිඩ් ද අවධාරණය කර තිබීම සැලකිය හැකිය.
ඉන්දීය අත්දැකීම 2018 සැප්තැම්බර් 6 වන දා ඉන්දීය ශේෂ්ඨාධිකරණය විසින් “වැඩිහිටියන් අතර ස්ව කැමැත්තෙන් සිදුවන සමලිංගික සේවනය අපරාධමය වරදක් නොවේ” යැයි ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ යට පත් කළේය. ඒ අනුව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 377 වන වගන්තියෙහි අදාළ’කොටස් අවලංගු කරන ලදී.
377වන වගන්තිය බි්‍රතාන්‍ය යටත් විජිත සමයේදී එනම් 1860 දී ඉන්දියානු නීති කොමිසමේ සභාපති වූ මැකෝල් සාමිවරයා විසින් පනවන ලද වසර 158 ක් පැරණි වූ නීතියකි. මැකෝල් සාමිවරයාගේ නියමය වූයේ,’“අස්වාභාවික කාමයෙන් යුතුව කිසියම් පුද්ගලයෙකු ස්පර්ශ කරන” ඕනෑම පුද්ගලයෙකුට දඬුවම් පැමිණවිය යුතු බවය. යටත් විජිත නීතියට එරෙහි විරෝධයක් නොවූ බැවින් එතැන් සිට එය රටේ නීතිය බවට පත් විය. එවකට බි්‍රතාන්‍ය යටත් විජිත බවට පත්ව තිබූ වෙනත් රටවලට ද එකී අස්වාභාවික ලිංගිකත්වය පිළිබඳ නීතිය ආදේශ කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ද 1883 දී දණ්ඩ නීති සංග්‍රහයට නව නීතියක් ලෙස 365 / 365(අ) ඇතුළත් කෙරිණි.
සමරිසි අයිතිය දෙන්න ප්‍රමාද ඇයි?
වැඩිහිටි පුද්ගලයින්ගේ ලිංගික කාර්යයන් කෙරේ අනිසි බලපෑම් කිරීමට රජයට තිබූ අයිතිය ඉන්දීය ශේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම ලංකාවේ අධිකරණය කෙසේ භාර ගන්නේ දැයි යන්න තීරණය කරනු ඇත්තේ ලංකාවේ ආගමික සංස්ථාව විසින් ඊට දක්වන විරෝධයේ ප්‍රමාණාත්මක බලපෑම අනුවය. ඒ මෙතෙක් කාලයක් ලංකාවේ ලිංගිකත්වය පිළිබඳව දැඩි නීති රීති වගේම සමාජ රීති සම්ප්‍රදායන් රැකීම ආගමික සංස්ථාවේ මූලික කටයුත්තක් ලෙස සලකා එකී’ආගමික කල්ලි කණ්ඩායම් නොපිරිහෙලා කටයුතු කරමින් සිටින බැවිනි.
ඉන්දියාවේ ද ආගමික සංස්ථාවන් හි විරෝධය නොසලකා නීතිය ක්‍රියාත්මක කිරීමට අධිකරණය ස්වාධීනවීම ආදර්ශයට ගත යුතු තත්වයකි. එපමණක් නොව ප්‍රබල ආගමික සංස්ථාවක් සහිත පාකිස්තානය ද සංක්‍රාන්ති ලිංගිකයන්ට නෛතික පිළිගැනීමක් ලබා දීමට කටයුතු කර ඇත. ඒ අනුව කලාපීය රටවල සමාජ සංවර්ධන උපනති පිළිබඳ සැලකීමේ දී ශ්‍රී ලංකාවේ අනාගතය ඛේදජනක නොවේ යැයි කිසිවකුට සහතික දිය නොහැක.
ලංකාවේ ආගමික සංස්ථාව කෙසේ විරෝධය පළ කළ ද බුදුන් වහන්සේ මිනිස් සමාජය පිළිබඳ පවසා ඇත්තේ, ‘නානත්ථ කායා නානත්ථ සංඥා’ කියාය. ඒ ඒ පුද්ගලයාගේ විවිධත්වයන්ට ගරුකිරීමට මිනිසා පුරුදු විය යුතුය. ඒ බුද්ධ දේශනාවය. ධර්මානුකූල නොවන ආගමිකයන්ට එය අදාළ’නොවන බව ඔවුන්ගේ චර්යාවන් ප්‍රකට කොට ඇත. එසේම සුප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු දේවධර්මාචාර්යවරයකු වන ඩෙස්මන්ඩ් ටුටූ වරෙක පවසා සිටියේ, “ඔබ කළු නිසා මම ඔබට දඬුවම් කරන්නෙමි; ඔබ සුදු විය යුතුය. ඔබ කාන්තාවක් නිසා මම ඔබට දඬුවම් කරන්නෙමි; ඔබ මිනිසෙකු විය යුතුව තිබුණි. ඔබ සමලිංගික නිසා මම ඔබට දඬුවම් කරමි; ඔබ විෂමලිංගික විය යුතුය. එලෙස දෙවියන් පවසනු ඇතැයි මට මගේ ජීවිතයට සිතාගත නොහැක. දෙවියන් වහන්සේ දේවල් දකින්නේ එලෙස බව, මට මගේ ජීවිතයට විශ්වාස කරන්න’බැහැ”’කියාය.
– නවන් පතිරත්න