නීතියක් නැති රටකට පායයිද සූර් යයා
අඬුව තියෙද්දි අත පුච්චගන්නෙ කුමකටද? එහෙම අහන්නේ වැඩකරන්න අවශ්‍ය පහසුකමක් තිබියදී එය පාවිච්චි නොකර අමාරුවේ වැටීම ගැනටත් වඩා තියෙන උද්දච්චකම ගැනය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට පත් වූ ඇතැම් පාලකයන් එය සිදු කළේ තමන්ට වඩා ලොක්කෙක් නැතැයි සිතමිනි. ඒ නිසාම වැඩ වරද්දා ගත්තේය. රට බංකොලොත් වෙන තැනට පවා පත් වන්නේ රාජ්‍ය පාලනය කළ යුත්තේ කෙසේදැයි නොදන්නාකම නිසාය. නොදන්නා යමක් වේ නම්, තමන්ට බැරිකම් තිබේ නම් කළ යුතු වන්නේ ඊට පහසුකම් බාහිරෙන් හෝ සපයා ගැනීමය. නමුත් මෙරට රාජ්‍ය පාලනයේදී බොහෝ විටම සිදු වූයේ බාහිර බලවේග ගැන සැකය, අවිශ්වාසය, අනවබෝධය නැති නම් වෙන කෂඩ වුවමණාවක් මත එය ප්‍රතික්ෂේප කිරීමය. යැංකි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කතා, විජාතික කුමන්ත්‍රණ කතා, ඉන්දියානු ව්‍යාප්තවාදය, IMF ප්ලග් එක ගැළවීම, බටහිරට දැනුම ප්‍රතික්ෂේප කිරීම ආදී වශයෙන් දේශපාලනයේදී එක් එක් වකවනුවල පොළා පැන්නේ මෙයයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක වෙළඳ සංවිධානය පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා මෙරටට වින කරන්න බලාගෙන සිටින සතුරු සංවිධාන ලෙස සැලකුම් ලබයි. විශේෂයෙන්ම ජාතිකවාදී සහ වාමාංශික දේශපාලනයේ පදනම වූයේම මෙම බාහිර බලවේග ගැන අවිශ්වාසය, බිය මතු කරන මිත්‍යා සතුරකු මවන ළිංමැඩි දේශපාලනයකි. මේ නිසාම මෙම සංවිධාන හරහා එන යෝජනා, උපදෙස්, නිර්දේශවලට වටිනාකම් ලැබුණේ නැත. මේක ඉන්දියන් සාගරයේ මුතු ඇටය කිව්වත්, අවුරුදු දෙදහස් පන්සියක ප්‍රෞඪ ඉතිහාසයක් තිබුණා කිව්වත්, බුදුන් වැඩිය රට කිව්වත්, සිය රට දේ සිරි සැප දේ කිව්වත් ඇත්තටම පස්ස කහ ගන්නවත් නියපොත්ත නැති බව ඇත්ත කතාවය.
ලෝකයෙන් හුදකලා වී දුපතකට කොටු වූ ගෝත්‍රිකයන් පිරිසක් ලෙස තවදුරටත් සිටීමට තීරණය කරනවා නම් ඒ කතා සාධාරණය. නමුත් ලංකාවේ මෑත සියවස් කිහිපය ගත්තත් එහෙම රටට පවතින්නට හැකියාව ලැබී නැත. එහෙම මෝඩ උත්සාහයන් ගත් සෑම විටදීම රටට වූයේ බරපතල හානි බව ඉතිහාසයේ පැහැදිලිව තිබේ. වසරකට හමාරකට පෙර රට බංකොලොත් වෙන තැනටම වැටුණේ ජාත්‍යන්තරය සමඟ වන ගනුදෙනු අවසන් කර මුග්ධ උද්ධච්ච මානසිකත්වයෙන් වැඩ කිරීමට පාලකයන් ගත් උත්සාය නිසාය. ඔවුන් ජාත්‍යන්තරයට ඇත්තටම බිය විය. ජාත්‍යන්තරය සමග වැඩ කිරීමට බිය විය. බොහෝ විට ජාත්‍යන්තරය සම
ග වැඩ කිරීමට තරම් හැකියාවක් දක්ෂකමක් අවබෝධයක් දැනුමක් නොමැති වීමද විය හැකිය. ජාත්‍යන්තරය සම`ග වැඩ කිරීමට භාෂාවක්, තාක්ෂණයක් තිබේ.
ඒ නොදන්නාකම නිසා ජාත්‍යන්තරය සමග වැඩ කළත් වැඩ අවුල් කරගැනීමේ අවස්ථාද ඉතිහාසයේ තිබේ. කොහොම නමුත් ජාත්‍යන්තරය සමග සහයෝගයෙන් අවබෝධයෙන් හොඳ ගනුදෙනුවක් කරමින් මෙරට පාලනය ගෙන ගිය වකවානුද තිබේ. එහෙත් එහෙම අත්දැකීම තිබියදී තවදුරටත් ජාත්‍යන්තරය ප්‍රතික්ෂේප කිරීම දිගින් දිගටම සිදුවීම අද දවසේදීත් දේශපාලනය තුළ ලොකුවට දකින්න තිබේ. රට බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම
ග වැඩසටහනකට යෑම හැර වෙනත් කිසිදු විකල්පයක් ඉතිරිව නොතිබුණු මොහොතකත් ජාතිකවාදීන්, වාමංශිකයන් සහ පටු දේශපාලන අවස්ථාවාදීන් එයට එරෙහි විය. නමුත් අද රට යළි යථා තත්වයට පත්වන්නේම ජාත්‍යන්තර සහයෝගය සහ එය ලබා ගැනීමට සමත් වූ නායකත්වයක් රටට තිබීම නිසාය. ඉතිහාසයේ රට බිඳ වැටුනු සෑම අවස්ථාවකම ජාත්‍යන්තර සහයෝගය මත යළි ගොඩනැගීමට හැකියාව ලැබී තිබේ. වැදගත්ම දේ ඒ සෑම වකවානුවකම පාහේ රාජ්‍ය පාලනය සිදු වූයේ එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයන් වීමය. අදත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස රට ඉතිහාසයේ නොවූ විරූ අර්බුදයකට වැටුණු මොහොතේ ඉන් මුදවාගැනීමට සමත් වූවා පමණක් නොව වසර 2048 දී රට පුර්ණ සංවර්ධිත රාජ්‍යයක් දක්වා ගොඩනැංවීම වෙනුවෙන් සැලසුම් වැඩපිලිවෙල ක්‍රියාත්මක කරමින් සිටින්නේ ජාත්‍යන්තර සහයෝගය මතය. එම ඉලක්ක වෙත යෑමේ හැකියාව තිඛෙන බව ජනාධිපතිවරයාට ඇති විශ්වාසය ගොඩ නැගෙන්නෙත් ජාත්‍යන්තරය සම`ග කතා කළ යුතු භාෂාව, ගනුදෙනු කළ යුතු තාක්ෂණය ඔහු දන්නා නිසාය. ඒ ඔහුගේ විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රක බවය. ඒ හැකියාව සහිත වෙනත් කිසිදු දේශපාලනඥයකු මෙරට නැතැයි කියන්නට තරම් වේගයෙන්, ක්‍රියාශිලීව සහ වගකීම් සහගතව එම බරසාර කටයුත්ත ජනාධිපතිවරයා දක්ෂ ලෙස ඉටු කරමින් තිබේ.
එක්ස්ප්‍රෙස් පර්ල් සහ ජාත්‍යන්තර සම්මුති
ජාත්‍යන්තරය සමග වැඩකරනවා කියන්නේ පුළුල් වපසරියක වන කටයුත්තකි. ණය ආධාර ලබාගැනීම වැනි සීමාසහිත දෙයක් නොවේ. විෂය ක්ෂේත්‍ර ගනනාවක් සම
ග වැඩ කිරීමක් මේ තුළ වෙයි. දේශපාලන, ආර්ථික, සමාජීය පමණක් නොව සංස්කෘතික ගොඩනැංවීම වෙනුවෙන් වන ජාත්‍යන්තර සම්බන්ධතාවල වපසරියය පැතිර පවතී.
පසුගියදා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, රුවන් විජේර්ධන මෙරටට දැඩි හානියක් සිදු කළ —එක්ස්ප්‍රස් පර්ල්˜ නෞකාවේ ගිලා බැසීමට සමාන සිදුවීමක් යළි සිදුවුවහොත් ගත යුතු පියවර ඇතුළත් නීති කෙටුම්පතක් සකස් කරන ලෙස සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ආයතන ප්‍රධානින්ට දැනුම් දී තිබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද දින කිහිපයකට පෙර මෙම අවශ්‍යතාවය අවධාරණය කර තිබිණි.
මෙයට හේතු වූයේ එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් මෙරටදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ නොහැකියාව අනුව යළි එවැනි අනතුරක් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන වන මතුව තිබු ගැටළුව නිසාය. මේ සම්බන්ධයෙන් මෙරට නීති රීති සම්පූර්ණ වී නොමැතිකම නිසා සමුද්‍ර සංරක්‍ෂණය සහ ආරක්‍ෂාව සම්බන්ධ සිය¨ කණ්ඩායම් එකතු කර නව නෛතික යාන්ත්‍රණයක් සකස් කිරීමට තීරණය කර ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වූ හානිය සම්බන්ධයෙන් වන්දි අය කරගැනීම සඳහා නඩු පැවැරීම මෙරට අධිකරණයක කරනවාද ජාත්‍යන්තර අධිකරණයක කරනවාද කියන වාදයක රට පැටලී සිටියේ මෙරට සමුද්‍ර දූෂණ වැලැක්වීමේ නිති අනුව මෙරට නඩු පවරා එම වන්දි ලබාගැනීමේ හැකියාවක් නොමැති බව රජයේ පාර්ශ්වයෙන් මතයක් ඉදිරිපත් වීම නිසාය. ඒ අනුව සිංග්ප්පුරුවේ ජාත්‍යන්තර බේරුම්කරන මණ්ඩලයක අදාල නඩුව පවරණු ලැබීය. ජාත්‍යන්තර ගැටළුවක් නිරාකරණය කර ගැනීමට නම් එය ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමට හැකි නෛතික ප්‍රතිපාදන මෙරට තිබිය යුතුය. සමුද්‍රය ආශ්‍රිත ගැටළු විසඳීම වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් සම්මුතින් ගිවිසුම් නීති රීති ගණනාවක් වෙයි. මෙරට විසින් ඒ ලියවිලි බොහොමයකට අත්සන් තබා පිළිගෙන තිබේ. එහෙත් එහෙම පිළිගත්තා කියා ඊට නෛතික පිළිගැනීමක් මෙරටදී හිමි නොවේ. ශ්‍රී ලංකාවේ බල පවත්නා නීතිමය තත්ත්වය අනුව කිසියම් ජාත්‍යන්තර සම්මුතියක් ශ්‍රී ලංකාවේ නීතිය බවට පත් වීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුව පනතක් සම්මත කළ යුතුය. එනම් ශ්‍රී ලංකාව ද්වින්‍යාය (Dualist) සහිත නෛතික අනන්‍යතාවයකින් යුතු රටක් බැවිනි. 1852 සිවිල් ආඥාපනතේ 2 වැනි වගන්තිය හරහා බ්‍රිතාන්‍යයන් විසින් සමුද්‍රීය නීතිය ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද අතර, එතැන් සිට එම නීති ජාත්‍යන්තර සම්මුති ආදියෙන් උකහාගත් දේ අනුව වර්ධනය කිරීමක්ද වී ඇත. එහෙත් සමුද්‍ර දුෂණ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් කිහිපයක්ම මෙරට නිතියට ඇතුලත් කරගැනීම සිදුව තිබුණද ඒ පූර්ණ වශ්යෙන් සිදුව නොමැත. මේ වන විට මෙරට ජාතික සමුද්‍ර නීති සම්පාදනය සහ බේරුම්කරණයට ඇතුළත් වන්නේ, 1971 අංක 52 දරන වෙළඳ නැව් (1988 අංක 36 සහ 2006 අංක 3 දරන පනත මගින් සංශෝධිත) පනත, 1982 අංක 21 දරන මුහුදු මාර්ගයෙන් භාණ්ඩ රැගෙන යාමේ පනත,1983 අංක 40 දරන අද්මිරාල්ටි අධිකරණ පනත, 1995 අංක 11 දරණ බේරුම්කරණ පනත, 1981 අංක 59 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත පසුව 2008 අංක 35 දරණ සමුද්‍ර දූෂණ වැලැක්විමේ පනත සහ 1889 අංක 2 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය යන නෛතික ප්‍රතිපාදනයන්ය. ශ්‍රී ලංකාව මෙම ප්‍රතිපාදනයන් වෙනුවෙන් අදාළ කරගෙන ඇති ජාත්‍යන්තර සම්මුතීන් සහ ගිවිසුම් සලකා බැලුවහොත් එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර වෙළඳ නීතිය (UNCTTRAL) යටතේ වන බේරුම්කරණ නීති මත පදනම්ව දැනට ක්‍රියාත්මක වන —බේරුම්කරණ පනත˜ සකසා ඇත. නිව්යෝර්ක් සම්මුතියේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව එහි විධිවිධාන අනුමත කර බලාත්මක කර ඇත්තේ ද වත්මන් බේරුම්කරණ නීතිය හරහාය. 1968 හේග් / විස්බි රීති (the Hague / Visby Rules 1968 - HVR), දැනට ක්‍රියාත්මක වන සහ 1982 අංක 21 දරන මුහුදු මගින් භාණ්ඩ රැගෙන යාමේ පනත මගින් ශ්‍රී ලංකාව තුළ නීතිගත කර ඇත. සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත විසින් ශ්‍රී ලංකාව තුළ ව්‍යවස්ථාපිත බලය ලබා දී ඇත්තේ, නැව්වලින් දූෂණය වැළැක්වීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය (MARPOL), තෙල් දූෂණයට හානි සඳහා සිවිල් වගකීම් පිළිබඳ සම්මුතිය සහ ජාත්‍යන්තර තෙල් දූෂණ අරමුදල වැනි දූෂණය නියාමනය කරන සම්මුතීන්වල අඩංගු කරුණු කිහිපයකටය. මුහුදේ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) සහ මුහුදේ ජීවිත ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය (SOLAS) ඇතුළත් ඇතැම් කරුණු ද මෙරට නීතියේ අඩංගුය. නමුත් මෙම ප්‍රතිපාදන මත එක්ස්ප්‍රස් පර්ල් නැවේ නඩුව මෙරට පැවැරීමට හැකියාව තිබුණත් මෙරට වලංගු නීතිය ඊට ප්‍රමාණවත් නොවීම නිසා එම විදේශ නෞකාව සම්බන්ධයෙන් මෙරට අධිකරණයකින් වන්දි ලබා ගැනීමේ හැකියාව ඉතා සීමාසහිත විය. එම ජාත්‍යන්තර නීති නියමාකරයෙන් මෙරට නීතිගත කර තිබුණා නම් මෙම ගැටළු පැන නගිනේ නැත. අ
ඩුව තිබියදී අත පුච්චා ගන්න සිදුව ඇත්තේ ඒ නිසාය.
ජාත්‍යන්තර සම්මුති නමට විතරයි
එමෙන්ම මීට දශක ගණනාවකට පෙර පිළිගත් තවත් ජාත්‍යන්තර සම්මුතීන් විශාල ප්‍රමාණයක් තවදුරටත් මෙරට නීතියට ඇතුලත් කර නොගනිමින්, නොපිළිගෙන සිටීමෙන් රටට අනර්ථයක් මිස කිසිවක් සිදුව නොමැති බවත් මෙයින් පැහැදිලියි.
මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව සිය ඉතිහාසය පුරා ජාත්‍යන්තර සම්මුතීන් සහ බහු පාර්ශ්වීය ගිවිසුම් 250කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිපත්තිමය ලෙස පිළිගෙන තිබේ. ඒ අතර 1815 – 1948 කාලය තුළ ජාත්‍යන්තර සම්මුති හා ගිවිසුම් 17කට පමණ එළඹ ඇත. 1948 සිට 72 දක්වා 66ක් ද 1972 පසුව 166කට ආසන්න පිළිගැනීම් සිදු කර ඇත. 1815 පෙර ජාත්‍යන්තර ගිවිසුම් තුන හතරක් ගැනද කියැවේ. කොහොම නමුත් මේවා රාජ්‍ය අතර ද්විපාර්ශ්වීය ගිවිසුම්වලට අමතරවය. එහෙත් ගැටළුවකට ඇත්තේ මෙතරම් සම්මුති හා ගිවිසුම් ගණනාවක් පිළිගැනීමට ලක්ව තිබුණද මෙරට නීතියට මේවා බහුතරයක් පූර්ණ වශයෙන් තබා ප්‍රමාණාත්මකවත් ඇතුළත්ව නැත. ඇතැම් සම්මුතීන්වලට ප්‍රතිපත්තිමය ලෙස අත්සන් කළද පිළිගෙන නැත. පිළිගත් නමුත් අත්සන් නොකර සිටි ඒවාද වෙයි. ජාත්‍යන්තර සම්මුතීන් ගොඩන`ගා ඇත්තේ ලෝකයේ සෑම රාජ්‍යයකටම සාධාරණ අවස්ථා ලබාදීම වෙනුවෙනි. පොදු සම්මතයක නීතියක සිට කටයුතු කරන විට සෑම රාජ්‍යකටම ඒ පහසුවක් වෙනවා මෙන්ම රාජ්‍ය අතර ගැටුම් වැලැක්වීම වෙයි. එසේම ඒ ඒ රාජ්‍යයෙහි පුවරවැසියාට සෙසු රාජ්‍යයන් හා සමාන සාධාරණ අයිතිය හිමිවෙයි. නුතන ලෝකය පිළිගන්නා ශිෂ්ඨ සම්පන්න ක්‍රමවේදය එයයි. නමුත් ඒ ශිෂ්ඨ සම්පන්න ක්‍රමවේදය භාර ගැනීමට තරම් ශ්‍රී ලංකාව තවම එතරම්ම ශිෂ්ඨ සම්පන්න රාජ්‍යයන්ව නැත. ජාත්‍යන්තර මෙන්ම අභ්‍යන්තර අර්බුද කළමනාකරණය කරගැනීමට නොහැකිව අනා ගන්නේ ඒ නිසාය.
මානව හිමිකම් නීති මර්දන නීතිවීම
අතිශය වැදගත්ම සම්මුතියක් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සම්මුති මෙරට පිළිගෙන අත්සන් කර මෙරටට නීතියට ඇතුළත් කර තිබුණද එයද පුර්ණ වශයෙන් ඇතුළත් නැත. එනම් ඇතැම් රාජ්‍යයයන්හී ක්‍රියාත්මක මානව හිමිකම් මෙරට නැත. උදාහරණයකට කිවහොත්” ජීවත්වීම”, “රැකියාව” මෙරට පුරවැසියන්ගේ මුලික හිමිකමක් වන්නේ නැත. එමෙන්ම මානව හිමිකම් සම්බන්ධ තවත් විවිධ ජාත්‍යන්තර සම්මුතීන් සියයකට ආසන්න ප්‍රමාණයක් ඇතත් ශ්‍රී ලංකාව ඉන් පිළිගෙන ඇත්තේ පහළොවකටත් අඩු ප්‍රමාණයකි. පිළිගත් ඇතැම් සම්මුතීන් තවමත් මෙරට ක්‍රියාත්මකද නැත.
දැනට ප්‍රධාන වශයෙන් පිළිගෙන ඇති මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් වන්නේ, ආර්ථීක, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICESCR)1966, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) 1966, කාන්තාවන්ට එරෙහි සිය¨ ආකාරයේ වෙනස්කම් කිරීම් ඉවත් කිරීම පිළිබඳ සම්මුතිය (CEDAW) 1979, වධහිංසා සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ ද`ඩුවම්වලට එරෙහි සම්මුතිය (CAT) 1984, ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (CRC) 1989, සිය¨ම සංක්‍රමණික සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය, (ICMW) 1990, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සිය¨ පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය (CED) 2006, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (CRPD) 2016, සන්නද්ධ ගැටුමට ළමුන් සම්බන්ධවීම පිළිබඳ CRC වෙත විකල්ප ප්‍රොටෝකෝලය 2000, ළමුන් විකිණීම ළමා ගණිකා වෘත්තිය සහ ළමා කාමුක දර්ශන පිළිබඳ කඍක වෙත විකල්ප ප්‍රොටෝකෝලය 2000, පුද්ගල පෙත්සම සම්බන්ධයෙන් ICCPR වෙත විකල්ප ප්‍රොටෝකෝලය 1966, තනි පුද්ගල පැමිණිලි සහ විමර්ශන ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් CEDAW වෙත විකල්ප ප්‍රොටෝකෝලය 1999, ජාතික සහ ජාත්‍යන්තර ආයතන විසින් රැඳවුම් ස්ථාන වෙත නිතිපතා සංචාරය කිරීම සම්බන්ධයෙන් CAT සඳහා විකල්ප ප්‍රොටෝකෝලය 2002 ආදී ජාත්‍යන්තර සම්මුතීන් කිහිපයය.
ICCPR කුමකටද?
එහෙත් මේ බොහෝ සම්මුතීන් පිළිගෙන ක්‍රියාත්මක කිරීමට ශ්‍රි ලංකාව වසර ගණන් දශක ගණන් ම`ග හැර තිබිණි. ෂකකඡඍ සම්මුතිය 1966 දී ඉදිරිපත් වු නමුත් ශ්‍රී ලංකාව එය පිළිගත්තේ 1980දී නමුත් එය මෙරට නීතියට ඇතුලත් කරගැනීම 2006 දක්වා ප්‍රමාද විය. නමුදු එය ක්‍රියාත්මක කළේ ඒ මොහොතේ පටු දේශපාලනික වුවමණාවක් පියවා ගැනීමේ චේතනාවෙන් මිස පුරවැසි අයිතීන් සුරැකීමේ සද් චේතනාවෙන් නොවන බවටද චෝදනා තිබේ. එසේම එය මේ දක්වා අවභාවිතවීම් ගැන වාර්ථාවෙයි. අදහස් මතවාද ආකල්පවලින් නොදියුණු අශිෂ්ඨ සම්පන්න භාවිතයක සිටින රටකට ඇතැම් විට මේ ජාත්‍යන්තර සම්මුතීන් බොහොමයක් දරන්න බැරි තරම් බර වැඩි විය හැකිය. ICCPR ගැන විරෝධය පදනම් වන්නේත් ඒ අනුවය. එය මානව හිමිකම් මර්දන පනතක් ලෙස විරෝධයට ලක්වන්නේ ඒ අශිෂ්ඨකම නිසාය. ලෝකයේ දියුණු රාජ්‍යවල ක්‍රියාත්මක ඇතැම් මානව හිමිකම් මෙරට පුරවැසියා පුදුමයට පත් කරන තරම් නොඇසු නොදන්නා දේවල්වන්නේ මිනිසකු ලෙස තිබිය යුතු අයිතිය නොදන්නාකම නිසාය. දේසේ හැටියට වාසේ කියා සිටියා මිස මේ නොලැබුණු දේ වෙනුවෙන් සටන් කිරීමක් තබා ඒ ගැන අවබෝධයකද නැත.
භාෂණයේ හා ප්‍රකාශනයේ හිමිකම ගැන ලොකුවට කතා කළත් ඒ තිබිම පමණක් මානව හිමිකම් සම්පූර්ණ වන්නේ නැත. භාෂණයේ හා ප්‍රකාශනයේ හිමිකම මත ´නෑම අයකුට ´නෑම දෙයක් කිව හැකි නොවේ. එය වල් බූරු නිදහසකි. මිනිසකුට හෝ ප්‍රජාවකට තමන් අහන්න දකින කැමති දේත් තිබේ. තමන්ගේ වරදක් නොමැතිව තමන් අපහසුවට පත් කරන, පීඩාවට පත් කරන දේ නොඅසා, නොදැක සිටීමේ හිමිකමක් තිබිය යුතුය. ICCPR පනතින් හිමි කර දී තිඛෙන්නෙ එක් අයිතියකි එය. ත්‍රස්ත විරෝධී පනත කියන්නෙත් තමන්ට අනෙකෙකුගේ බිය ගැන්වීමට, හිංසාවකට භාජනය නොවී සිටීමේ අයිතිය තහවුරු කරන්නකි. මේ අනුව අනෙකාගේ පෞද්ගලික නිදහස පිළිගන්නවා නම් මේ අණ පනත්වලට විරුද්ධ විය නොහැකිය. මෙය ආත්මාර්ථකාමයේ සහ පරාර්ථකාමය පිළිබඳ ගැටළුවකි.
නතාශලා වල් බූරු නිදහස භුක්ති විඳින්නේත්, ඔවුන්ට එරෙහිව ICCPR පනතින් පැමිණිලි ගොනු වන්නෙත්, ඔවුන්ට සිර කුටියක ලගින්න වන්නෙත් මේ ශිෂ්ඨකම යනු කුමක්ද යන්න පුරවැසියා හෝ පාලකයන් ප්‍රගුණ කර නැති බවිනි. ඒ ශිෂ්ඨකම ස්වයංව ගොඩනැගෙන්න තරම් දියුණු මිනිස් ප්‍රජාවක් නැති නම් එය තේරුම් ගන්න තෙක් එය ස්වයං විනය පද්ධතියක ආශක්ත කර ගන්න තෙක් කවුරුන් හෝ ඒ වෙනුවෙන් කැපකිරීම කළ යුතු වෙයි. කහ ඉරෙන් පාර පනින්න එක හුරු වන්නේ කහ ඉරෙන් නොපැන්න වුන් අනතුරුවලට භාජනයවීමෙන් කහ ඉර උඩදී වාහන නොනැවැත්වීමෙන් වූ වාහන සහ රියැදුරුට වන අනතුරුවලින් පාඩම් ඉගෙන ගත් පසුවය. මේ නීති ප්‍රතිපාදනයන්ද එසේය. ඒවා සමාජයට පත්තියම් වන්න තව කාලයක් යනු ඇත.
එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධි සම්මුතිය අනුව එම නෛතික ප්‍රතිපාදන අනුව සැකසු දුෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඊයේ පෙරේදාය. එහි තේරුම මෙතෙක් ඇතැම් නොපනත්කම් දූෂණ ලෙස මෙරට පිළිගත්තේ නැති බවය. යම් රටක අධිකරණයකින් සාධාරණයක් ඉටු නොවුණොත් යුක්තිය පතා යන්න ජාත්‍යන්තර අධිකරණයක් තිබේ. නමුත් මෙරට පුරවැසියකුට එහි ගියාට වැඩක් වන්නේ නැත. මන්ද එය මෙරට විසින් ඊට අදාල නෛතික ප්‍රතිපාදන සකසා නැති බැවිනි. ඒ තබා ජාත්‍යන්තර අධිකරණය පිළිබඳ සම්මුතියවත් මෙරට පිළිගන්නේ නැත.
යෝජිත විකාශන අධිකාරි පනත සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා පවස සිටියේ ලෝකයේ එවැනි ආකාරයේ දියුණුම නීති පද්ධතියක් වන බි්‍රතාන්‍යයේ පනතම මෙරටට ආදේශ කර ගන්න බවය. නමුත් මේ වන විට මෙම පනතටත් විපක්ෂය, මාධ්‍ය සංවිධාන සහ මාධ්‍යවේදීන්ගේ විරෝධය මතු වී ඇත. එයට එකම පැහැදිලි හේතුව අශිෂ්ඨකමය. අඩුම තරමින් ජනමාධ්‍ය ආචාරධර්ම හෝ භාවිතයට නොගන්නා අය මේකට විරුද්ධවීම පුදුම විය යුතු නැත. මෙම පනත තවම ක්‍රියාත්මක නැති නිසාම මේ පනත ගැන කප්පරක් බොරු රූපවාහිනී සහ සමාජ මාධ්‍යවල වපුරුවමින්ද තිබේ.
මේවා තවදුරටත් මගහැර සිටීම විය යුතු දේ නොවේ. අනෙකාගේ අයිතිය පිළිගන්නවා නම් මෙම නීති ක්‍රියාත්මකවීම ගැන පුරවැසියන් කිසිවකුත් බිය විය යුතු නැත. යහපාලනයක් සහිත රජයක් ක්‍රියාත්මක වේ නම් පාලක පක්ෂය මේවාට බිය විය යුතුද නැත. එහෙම වෙන්න නම් පාලකයනුත් පුරවැසියාත් ශිෂ්ඨ සම්පන්න පිළිවෙතකට මාරු විය යුතුය. ජාත්‍යන්තර අත්දැකීම් සහ දැනුම මත ගොඩ න
ගා ගෙන තිඛෙන සම්මුතීන් බොහෝ ගැටළු බේරා ගැනීම වෙනුවෙන් ගොඩනගා තිබුණද ඒ මෙරට භාවිතයට නියමාකාරයෙන් යොදා නොගැනීම නිසා රටක් විදිහට බොහෝ ගැටළු නිරාකරණය කර ගැනීමේදී ඒ සාධාරණව යුක්ති සහගතව විසදා ගැනීමට නොහැකිවීම සිදුව තිබේ. ගින්දරට පිච්චෙන බව දැනගන්න ගින්දරට අත දැමිය යුතු නැත. නමුත් අත පුච්ච ගැනීමෙන් හෝ යමක් ඉගෙන ගන්නවා නම් එයත් වැරදි නැත. මෙරට බොහෝ විට සිදුවන්නේ අත පුච්ච ගත්තත් නැවත නැවත ගින්දර පරික්ෂා කිරීම්ය. ජාත්‍යන්තරයට ඇති බය, සැකය, අවිශ්වාසය නිසා මේ අඩුව තිබියදී නිරන්තරයෙන් පුච්චා ගැනීම සිදු කරගෙන තිබේ.
රාජ්‍ය තාන්ත්‍රිකයෙක් බලයේ සිටීම
රනිල් වික්‍රමසිංහ කියන්නෙ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නා තැනැත්තෙකි. ඒ නිසා ඔහුට ජාත්‍යන්තරය ගැන බයක් සැකයක් අවිශ්වාසයක් නැත. කොන්ද කෙලින් තියාගෙන, කෙලින් තීරණ ගනිමින්, කෙලින් වැඩ කරන්නෙ ඒ නිසාය.
කොහොම නමුත් ජාත්‍යන්තර සම්මුතීන්වලට අනුකූලව නව අණපනත් රැසක්ම මේ ගෙවුණු කෙටි කාලය තුළ මෙරට නීතියට ඇතුළත් කිරීමට වත්මන් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් සිදුව තිබේ. , බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සිය¨ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය 2016˜ අත්සන් කළේ රනිල් අගමැතිව සිටිටදීය. එය දැන් නීතිගත පනතකි. අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය හෙවත් —සමථකරණය පිළිබඳ සිංගප්පූරු සම්මුතියව් ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා —සමථකරණය පිළිබඳ සිංගප්පූරු සම්මුතිය පනත˜ ද මේ වන විට සකස් කරමින් ඇත.
එක්සත් ජාතීන්ගේ තවත් එක් ජාත්‍යන්තර සම්මුතියක් ලෙස ත්‍රස්තවාදයට මුදල් සැපයුම මැඩපැවැත්වීමේ සම්මුති හැඳින්විය හැක. මෙය ත්‍රස්තවාදීන්ට හෝ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට, සංවිධානවලට මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිවන සම්මුතියකි. මෙම සම්මුතියට ලංකාව 2000 වසරේදී පාර්ශ්වකරුවෙකු විය. ජාත්‍යන්තර සම්මුතිය බලාත්මකවීම සඳහා වර්ෂ 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත ශ්‍රී ලංකාවේ නීතිගත කරන්න විය. එයද රනිල් වික්‍රමසිංහ ආරම්භ කළ මෙහෙයුමකි.
2011 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනා සම්මුතිය ආදිය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට පැහැදිලි කොට ඇත. එය රටේ නීතියක් කළේ රනිල්ය.
මෙවැනි තවත් උදාහරණ කිහිපයක්ම පෙන්වා දිය හැකිය. කෙසේ නමුත් මෙහිදී අවධාරණය කළ යුතු දෙය නම් මෙම ජාත්‍යන්තර සම්මුතින් අනුව මෙරට නීතිය යාවත්කාලීන කරමින් වඩාත් දියුණු ශිෂ්ඨාචාරයක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැංවීම වෙනුවෙන් විශාලම මෙහෙවරක් කළ අයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැඳින්විය හැකි බවය. ජාත්‍යන්තරයට බය නැති ඒ සම`ග ගනුදෙනු බේරාගන්නා ආකාරය මැනවින් දන්නා ඒ භාෂාව ප්‍රගුණ කර ඇති විශිෂ්ටතමයා රනිල්ය. රටට පාලකයකු ලෙස පත් කරගැනීමට අවශ්‍යම සුදුසුසුකම් වන්නේ රැවුලක් තිබීම, අහවලාගේ පුතානෝවීම, වේදිකා දෙවනත් කරගෙන කෑකෝ ගැසීමට හැකිවීම, සරලවීම, තරුණවීම, ගමේ මිනිහෙක්වීම, පොළොවෙන් මතුවීම, වියතකුවීම, විභාග පාස්වීම, පන්සල් යෑම, ළමයි වඩා ගැනීමට හැකිවීම වැනි සිල්ලර හේතු නොවන බව රනිල් පෙන්වා දී ඇත. වැදගත්ම දේ රාජ්‍ය තාන්ත්‍රික බවය. රනිල් කියන්නේ ජාත්‍යන්තරයත් පිළිගන්නා අද රටේ සිටින එකම රාජ්‍ය තාන්ත්‍රික බලවතා කිව්වට වැරදි නැත.
”ඔව් මම වෙනත් දේශපාලකයන් වගේ නෙමෙයි මා ළග තියෙන්නේ දීර්ඝ කාලීන සැලසුම්. මම සැලසුම් හදන්නේ මගේ අභිවෘද්ධියට නෙමෙයි. තරුණ පරම්පරාව වෙනුවෙන්. මම අද දවසේ පැළ කරන ගසෙහි පළදාව මට භුක්ති විදින්න නොලැඛෙන බව මම හොදින්ම දන්නවා. ඒත් හෙට දවසේ අපේ දරුවන් අපේ අනාගත පරම්පරාව ඒ ඵලදාව භුක්ති විදීවි.˜
ජනාධිපති රනිල් වික්‍රමසිංහට එසේ පවසන්නට හැකි වන්නේ ඒ රාජ්‍යතාන්ත්‍රික බවේ අවංකභාවයත් නිසාය.
– ජයතුංග බණ්ඩාර