මැකෝ හරි මග සොයයි
මැතිවරණ කොමිෂන් සභාව තමන් කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමන පාර්ශ්වය සමඟ දැයි නීතිපතිවරයාගෙන් ලිඛිතව කරුණු විමසා අැත.
ඊට නීතිපතිවරයාගෙන් තීරණයක් ලැබුණු වහා කොමිෂන් සභාව රැස්වී ඒ ගැන තීරණයක් ගෙන ඒ අනුව කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය සහ මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ශවය වශයෙන් කොටස් තුනකට බෙදී පවතී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශ්වය ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කර සිටියි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය සහාය දෙයි. මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ශවය විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය ඉදිරිපත් කර ඇති ජනාධිපති අපේක්ෂකයාවන්නේ හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාය.