වැඩකරන ජනතාවගේ අවධානය පිණිසයි!

1886 ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයේදී මැයි පළමු වැනි දින පැය 8ක වැඩ දිනයක් ඉල්ලා සටන ඇරඹූ උද්ඝෝෂණ නැගිටීම, ලොව පුරා කම්කරුවන්ගේ දිනය ලෙස සනිටුහන් විය. අද සමරනුයේද එවන් ඉතිහාසයක් හිමි කම්කරු දිනයද යන්න නැවත විමසා බැලීමට කම්කරුවාට බල කර සිටී. ඒ එදා සිටි කම්කරුවා අද දැකිය නොහැකි නිසාවෙනි. ලොව ක්‍රමයෙන් දියුණුවීමත් සමග එවක පැවැති කම්කරුවාද, ව්‍යවසායකයාද ක්‍රමිකව වෙනස් තත්වයක් වෙත පැමිණ ඇත. බොහෝ කම්කරුවන් අද ව්‍යවසායකත්වයට පැමිණ ඇත. කම්හලක ශ්‍රමය සැපයූ කම්කරුවා අද අන්තර්ජාල සමාගමක ව්‍යවසායකයෙකු බවට පත්ව ඇත. වැටුප් දිනා ගැනීම් වෙනුවට වැටුප් උපයා ගැනීමේ නව ඉපැයීම් මානයක් වෙත ආර්ථිකය පරිවර්තනය වී ඇත. මේ හේතුවෙන් කම්කරුවාට නව නිර්වචනයක් අවශ්‍යව ඇත. මෙවන් ලෝක ආර්ථික නව්‍යකරණයක් තුළ මැයි දිනයේ සටන් පාඨ ද නව්‍යවිය යුතුව ඇත.

ව්‍යවසායක කළමනාකරණ සංස්කෘතියක් ගොඩ නැගී ඇති නව ලෝක ආර්ථික රටාව තුළ කම්කරුවා හා හාම්පුතා යන්න වෙනුවට කම්කරුවාද හාම්පුතාද එකම ව්‍යවසායක ක්ෂේත්‍රයේ වැටුප් ලබන්නන්වීම තුළ ඵ්බ්ටසබට ඍැඩදකමඑසදබ තත්වයක් දක්වා ආර්ථික සමාජය පර්වර්තනය වී ඇත. මේ තුළ පෙර කී කම්කරු හා අයිතිවාසිකම් සම්බන්ධ අර්ථකථනයෙහි වෙනස සමඟ කම්කරු දිනයද යළි නිර්වචනයක් සපයා ගැනීමට බල කර සිටී. ඒ අනුව වර්තමාන අභියෝග හමුවේ සටන් කළ යුතු පාර්ශවයන් කවරේද යන්න හෝ ඉල්ලීම් දිනාගත යුතු අංශ කවරෙක්ද යන්න ද අර්ථ දැක්විය යුතුව ඇත.

සාම්ප්‍රදායික කම්කරු සටන් පාඨ’මොරගගා පෙළපාලි යමින් කම්කරු ඉල්ලීම් ඉල්ලා’වේදිකාවේ පවත්වන වේගවත් දේශනයකට සවන් දී’නැවතත් තම නිවෙස් වෙත යාමට එහා ගිය දෙයක් මෙවර මැයි දිනයට ඇතුලත් විය යුතුය. මන්ද යත් අන් කවරදාකටවත් වඩා වැඩකරන ජනතාවයේ ශ්‍රමයේ දායකත්වය රට ඉල්ලා සිටින බැවිනි. රටක සංවර්ධනය අරමුණු කරන්නේ නම් තමන් නිරත වෘත්තියේ දිග පළල උස්මිටිකම කුමක් වුවත් ඒ වගුරණ ශ්‍රමයට ලැබෙන වටිනාකම මිල කළ හැකි නොවේ. විශේෂයෙන්ම බංකොලොත්භාවයට පත් කරන ලද රටක් යළි ගොඩනැංවිය හැක්කේ ජවයෙන් වැඩකරන මිනිසුන්ට නිසාය. වැටුණු රටවල් සංවර්ධනය වූයේ එසේය.

චීනයේ මහජන විප්ලවයේ නායකයා වූ’මාඕ සේතුං 1976 සැප්තැම්බර් 9 දින මිය යාමෙන් පසුව චීනයට දින හතරක ශෝක දිනයක් රජය ප්‍රකාශයට පත් කළේය. එහෙත් චීනය ගොඩනැංවූ සිය නායකයාට ගරු කිරීම සදහා එම නිවාඩුව ලබා ගැනීම පසෙක තැබූ’එරට කම්කරුවෝ සිදු කළේ පැය 8ක දෛනික සේවා මුරය වෙනුවට පැය 16ක් දක්වා තම සේවා කාලය දිගු කොට වැඩෙහි නිරතවීමය. දෙවන ලෝක යුද්ධයෙන් නට්ටන් වූ ජපානය යළි ගොඩ නැංවූයේ වැඩකරන’ජනතාවගේ ධෛර්යවන්තභාවය අධිෂ්ඨානය ඊට ලැබුණු බැවිනි.
දකුණු කොරියාව ගොඩ නැගුවේ මේ වැඩකරන්න මිනිසුන්ය. එවැනි ලෝක මට්ටමේ උදාහරණ ඕනෑ තරම් තිබේ. රටක් වෙනස් කර යළි ගොඩනැංවීම සිදුවිය යුතු නම් ඊට නිවැරදි අවංක නායකත්වයක් නිවැරදි ප්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙල පමණක් තිබුණාට මදිය. ඊට යා හැකි සීමාවක් තිබේ. අද මේ රට දෙස බැලු‍වහොත් රට ගොඩනැංවීම වෙනුවෙන් ඇවැසි නායකත්වය සහ වැඩපිළිවෙල ඉදිරිපත්ව තිබේ. එය ඉදිරියට ගමන් කරමින් තිබේ. නමුත් සියළු පාර්ශ්වවල සහය ඊට දැන් අවශ්‍යව තිබේ. විශේෂයෙන්ම වැඩකරන ජනතාවගේ එකමුතුව ධෛර්යය අධිෂ්ඨානය ඊට මුසු විය යුතුව තිබේ.

සාමන්‍යයෙන් මෙරට වැඩකරන ජනයා ඒකරාශීව සිටින්නේ වාමාංශික දේශපාලන දහරාව සමගය. නමුත් ලංකාවේ බොහෝ වාමාංශික ව්‍යාපාර නිතර කැස කවන්නේ කම්කරුවාගේ කාර්යය රටෙහි සංවර්ධනය වෙනුවෙන් වැය කිරීම උදෙසා බලගැන්වීම වෙනුවට පටු දේශපාලනික වුවමණාවන් හෝ අසාධාරණ වෘත්තීය ඉල්ලීම වෙනුවෙන් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට දායක කරගැනීම වෙනුවෙනි. මෑතක් වන තුරු රටට අත්දකින්න ලැබුණෙ ඒ තත්වයය. කිසිදු සාධාරණ පදනමක් නැති වැඩවර්ජන දිගින් දිගටම ක්‍රියාත්මක විය. අඩුම තරමින් රට මුහුණ දී ඇති තත්වය හෝ නොසලකා රජයෙන් මස් රාත්තලම ඉල්ලා සිටින ද්වේශ සහගත ක්‍රියාවලින් වලට මේ අය අවතීරණය වී තිබිණි. කම්කරු අයිතීන් වෘත්තීය සමිති මාෆියාකරණය වෙනුවෙන් යොදා ගැනිණි.

එහෙත් මේ පවතින්නේ එවැනි කාලකන්නි වැඩ සඳහා වන කාලයක් නොවේ. හතරගාතෙන් වැටුණු ආර්ථිකයක් ක්‍රමයෙන් සිට ගැනීමට ශක්තිය වඩමින් පවතින කාලයකි. රටේ ගෙවුම් ශේෂ අර්බුදය විසඳීම වෙනුවෙන් මේ වන විට ෂඵත්‍ සහය ලැබී ඇත. එය ලැබීම කා බී’සංතෝෂ වන්නට හේතුවක් නොවේ. එයින් සංතෝෂ විය හැක්කේ නැවත අපි වැඩකරන්න පටන් ගත් විටය. යළි රටට ආදායම් උපයා දෙන්න පටන් ගත් විටය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෙන්වා දුන්නේ යළි 18 වන වතාවට යළි ෂඵත්‍ වෙත නොයන රටක් බවට රටත් බවට මෙරට පත් කළ යුතු බවය.

මෙවර මැයි දිනයේ එක්සත් ජාතික පක්ෂයේ මැයි දින තේමාව කරගෙන’ඇත්තේත් “2048 ජයගමු”‍ යන්නය. මෙය සාම්ප්‍රදායික කම්කරු සටන් පාඨ සමග සමගාමී තේමාවක් නොවේ. නමුත් මේ මොහොතේ වඩාත් දේශපාලනික වුවමණාව වන්නේ රටේ ඉලක්කය සැපිරීම වෙනුවෙන් වැඩකරන ජනතාව පෙළගැස්සවීමය. අර්බුද ගණනාවකට පසුව කර කියා ගැනීමට කිසිවක් නැතිව සිටි රටක්, 2048 දී’සංවර්ධිත රටක් සදහා දකින සිහිනය එක අතකින් විශමය දනවන්නක් වෙයි. එහෙත් මාස 8ක් තුළ නැත්තටම නැතිව තිබූ’රටක් යළි සාමාන්‍ය තත්වයක් වෙත ඔසවා තැබීමට සමත් වූ’නායකත්වයක් විසින් පෙන්වා දෙන, සකසා දෙන තිරසාර වැඩපිලිවෙලකට තවත් වසර 25ක තරම් කාලයක් තුළ’සංවර්ධිත රාජ්‍යයක් දක්වා මෙරට ඔසවා තැබීමට ඇති හැකියාව පිළිබද අමුතුවෙන් කතා කළ යුතු නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැක්ම අනුව මේ ගෙවා දැමූ කාලය මගින් මතින් පන්නරය ලබා අප ඉදිරි අනාගතය නිර්මාණය කළ යුතු බවයි. ඒ සදහා 2048 සංවර්ධන වර්ෂය ලෙස ලංකාව තබා ගත යුතුය. ඒ දක්වා පක්ෂ කිහිපයක් මත බලය මාරු විය හැකි බවත් පාලකයන් මාරු විය හැකි බවත් පවසන ජනාධිපතිවරයා එහෙත් ප්‍රතිපත්තිය වෙනස් නොවී පැවැතිය යුතු බවයි.

මෙවර මැයි දින වේදිකාවේ බැන වැදීම් සිය ගණනක් විවිධ පක්ෂ විසින් තමා වෙත එල්ල විය හැකි වුවත් තමන් ඒ සදහා ප්‍රතිචාර නොදක්වන බවත් තමාට අවශ්‍ය ජනතා තුළ විශ්වාස ඇති කොට මේ රට සංවර්ධනය දක්වා පියවර නැංවීම බවයි. ඒ සදහා විපක්ෂයේ පක්ෂයන්ට මුල සිටම ආරාධනා කළ පරිදි නැවතද ආරාධනා කරන බවත් පවසන ඔහු සදහන් කොට සිටින්නේ එළඹෙන යුගය අපගේ යුගය නොව නව පරපුරක යුගයක් බවත් ඔවුන් සදහා සංවර්ධනය වූ රටක් නිර්මාණය කර තිබීම මේ යුගයේ අවශ්‍යතාවය බවයි. ඒ සදහා තමන් වැඩපිලිවෙලක් ඉදිරිපත් කොට ඇති බවත් ශ්‍රි ලංකාව තුළ නිදහස් වෙළද පොළ ආර්ථිකය මගින් කාර්මීකරණය තුළ හරිත ආර්ථිකයකට පණ පෙවිය යුතු බවයි. ඒ සදහා වසර 25ක් තරම් කාලයක් තුළ පියවර ගත යුතු බවත්ය. සැබෑ ීහිඑැප ක්‍ය්රටැ එකකට රට පියවර නංවනුයේ මෙම නව ප්‍රතිපත්ති තුළ බවද අවධාරණය කර සිටී.

එහෙත් නායකත්වයකට හෝ හුදු වැඩපිළිවෙලකට පමණක් රටක් සංවර්ධනය කළ නොහැකිය. ඒ සදහා රටේ ජීවනාලිය වන ඒ රටේ වැඩකරන ජනතාව මූලික විය යුතුය. මේ වසර ආරම්භයේදීම ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ පැය 8 සීමාවට යටත් නොවී රට වෙනුවෙන් වැඩ කර, රට ගොඩගන්න කැපවෙමුය කියන ඉල්ලීමය. ඒ අධිෂ්ඨානශීලී කැපවීම අනිවාර්යය විය යුතුය.

එහෙත් නායකත්වයකට හෝ හුදු වැඩපිළිවෙලකට පමණක් රටක් සංවර්ධනය කළ නොහැකිය. ඒ සදහා රටේ ජීවනාලිය වන ඒ රටේ වැඩකරන ජනතාව මූලික විය යුතුය. මේ වසර ආරම්භයේදීම ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ පැය 8 සීමාවට යටත් නොවී රට වෙනුවෙන් වැඩ කර, රට ගොඩගන්න කැපවෙමුය කියන ඉල්ලීමය. ඒ අධිෂ්ඨානශීලී’කැපවීම අනිවාර්යය විය යුතුය.

මෙවර මැයි දිනයේද පණිවුඩය විය යුත්තේ මෙයමය. එනම් සංවර්ධනයේ ඉලක්කය 2048 නම්, එකී’අභියෝගය ජය ගැනීමට කම්කරුවන් තම යෝධ’බලය යෙදවීමය. වසර 1886 මැයි 01 දිනක අමෙරිකාවේ චිකාගෝ නගරයේ පැය 8 වැඩ මුරය ඉල්ලා ජීවිත පරිත්‍යාගයෙන් කම්කරුවෝ සටන් වැදුනා කියා අදත් එම සටනම ඒ විදිහටම ගෙන යෑම ඒ කම්කරුවන්ටත් කරන අපහාසයකි. එදා තත්වයන්ට අනුව ඒ සටන සාධාරණය. ඊට අපගේ ආචාරයද හිමිවේ. නමුත් අද සිටින්නේ එදා සිටි කම්කරු පංතිය නොවේ. එදා හිටපු ස්වාමි පක්ෂයද නොවේ. එදා තිබුණු දේශපාලන අධිකාරි ස්වභාවයද නොවේ. එදා තිබුණු ආර්ථික ක්‍රමයද නොවේ. අද නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ කම්කරු පංතිය යන්නද අහෝසි වී ඇත. කරන ජනතාවද විටෙක ප්‍රාග්ධන හිමියෙකි. ස්වාමියෙකි. ඒ නිසා වැඩකරන ජනතාවට අද රට ගැන වන පෞද්ගලික වගවීමක් කොහොමත් පැවැරේ. ඒ නිසා ශ්‍රී ලංකාව 2048,’ජය ගැනීමට නම් අනිවාර්යෙන්ම වැඩ කරන ජනතාව ලෙස අප දිවි හිමියෙන් ඊට කැප විය යුතු වෙමු. මොකද රට ගැන වගවීම වැඩකරන අප මත තිබෙන නිසාය.

එබැවින් 2023 මැයි දිනයේදී’රටේ සියලු‍ දේශපාලන පක්ෂ’විසින් ඒකමතිකව ගත යුතු තීරණයක් ඇත. ඒ ලංකාව වැටී’ඇති තත්වයෙන් ගොඩ නැගීමත් 2048 දී’ලංකාව ජය ගැනීමත් උදෙසා වැඩකරන ජනතාව මෙහෙයවමින් ඊට දායකවීමය. 2048 ජය ගැනීමේ මාවතෙන් කකුලෙන් ඇද වට්ටා දමා උද්ඝෝෂණ, සටන් හා කැරලි ගැසීම් සිදු කිරීමෙන් වන බාධා කිරීම් මඟින් මේ ජය මාවත වළකා දමනු ඇත. විපක්ෂය මෙතෙක් සිදු කරනු ලැබූවේද, වාමාංෂික යැයි කියා ගන්නා පක්ෂයන්ද, බහුතරයකට හෙන ගැසූවත් තමන්ගේ පටු වුවමණාවන් පමණක් දිනා ගත යුතු යැයි සටන් වදින මාෆියාකාර වෘත්තීය සමිති ව්‍යාපාරයන්ද සිදු කරනු ලැබූවේ ජය මාවත වලකාලීමය. මෙය දිගින් දිගටම සිදු වුවහොත් සිදුවනුයේ රට පෙර තිබූ’තත්වයන්ට ගමන් කිරීමය. එබැවින් මෙවර මැයි දිනය සැමරිමේ දේශපාලනික සටන් පාඨය වන්නේ 2048 දී’මෙ රට සංවර්ධනය සදහා මෙහෙය වීමේ අරගලය දියත් කිරීමට අධිෂ්ඨාන කිරීමය.

  • කේ.පී.අයි. ප්‍රියංගනී