හබන් කුකුළන්ගේ ඖෂධ හිඟය

ඌරන් කැකුණ තලද්දී’හබන් කුකුලන්ට රජ මඟු‍ල්ලු‍, ලංකාවේ ඖෂධ’හිඟය යන මාතෘකාවත් එවැනිම පන්නයේය. හබන් කුකුළන් කැකුණ’මදේට ඉතා ප්‍රියවන්තය. ඌරන් තැලූ’කැකුණ’ගෙඩියේ ඉතිරි වන කැකුණ මද හබන් කුකුළන්ට රාජ භෝජනයක් වැනිය. ලංකාවේ සෞඛ්‍ය’ක්ෂේත්‍රයේ කලින් කලට ඖෂධ’ගැටළුව වෘත්තීය සමිති ඔස්සේ ඒවා මෙහෙය වන දේශපාලන පක්ෂවලට රසවත් අහරක් එසේය. මේ නිසාම රෝගීන් පෙළෙන ගැටළුවක් අරඹයා ඒ ගොඩ නැගෙන වෘත්තීය අරගල සඳහා මැදිහත් වන පිරිස් ඖෂධ ගැටළුවට විසදුම් සෙවීම සඳහා මැදිහත් වන්නේ නම් ඖෂධ’ගැටළුවක් ලංකාවේ පැන නැගෙන්නේ නැත. එහෙත් එසේ වූ’විට විප්ලවවාදීව ජනතාව උසි ගැන්වීම සදහා වන රස මදයක් නොමැති වන්නේය. මේ නිසාම ඖෂධ’ගැටළු හා සෞඛ්‍ය’ක්ෂේත්‍රෙය් ගැටළු ඔවුන්ට අනුව පැන නැගිය යුතුමය.
කෙසේ වෙතත් මේ සත්‍ය’ලෙසම ඖෂධ හිඟයක් ලංකාවේ රෝහල්වල පැවතියේද?’මේ සම්බන්ධයෙන් අප කරනු ලැබූ’විමසීමකට පිළිතුරු දුන් ඖෂධ’සැපයුම් අංශයේ අධ්‍යක්ෂ’වෛද්‍ය කපිල වික්‍රමනායක සදහන් කොට සිටියේ ලංකාව තුළ’ඖෂධ’හිඟයක් පැවැති බවත් එය 2022 නොවැම්බර් මස සිට 2023 පෙබරවාරි වන තෙක් සීමිත රෝහල් සංඛ්‍යාව පැවැති ඖෂධ’හිඟයක් බවයි. එයට හේතු වූයේ ඒ වන විට ඇණවුම් කොට තිබූ ඖෂධ’ලැබීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයක් බවත්, නව ඇණවුම් කිරීම් සඳහා ඩොලර් හිඟයක් රට තුළ’පැවතීමත්ය. කෙසේ නමුත් ඉතා කෙටි කාලයකින් මෙම ඖෂධ’ගෙන්වීම සිදු වූ’අතර මේ වන විට සියලු‍ රෝහල්හි අත්‍යාවශ්‍ය ඖෂධ’හිඟය සපුරා ඇත.

එසේ නම් මේ දේශපාලන පක්ෂ’හා වෘත්තීය සමිති හඬ නගන්නේ කුමක් නිසාද? එක්කෝ ඖෂධ’ඇණවුම් කිරීමේ ක්‍රියාවලිය හෝ නැතිනම් ඖෂධ’හිඟයක් කෙසේ හෝ මවා පෙන්වීමට උත්සාහ ගැනීමකි. මේ දෙකම විය හැකි වන්නේ ඔවුන් බොහෝ විට යැපෙන්නේ පැරණි දත්ත මත බැවිනි. යල් පිනූ’දේශපාලන මතවාද කරපින්නාගත් පක්ෂවලට යාවත්කාලීන තොරතුරු නොලැබීමේ ගැටළුවක් නිරන්තරයෙන් පැවතුනි.

කෙසේ නමුත් ජනතාව හමුවේ සත්‍ය පැවසීම අපගේ යුතුකමය. සාමාන්‍යයෙන් රජය ඖෂධ තොග රැස් කරනුයේ පෙර වර්ෂවල හෝ මාසවල දත්තයන් අනුවය. ඒ අනුව අනාගතය ගැන තීන්දු ගන්නේ මිනිසුන් රෝගින්වීම පෙර කාලය හා සමානව සිදුවෙනු ඇති බවට පූර්ව නිගමන අනුවය. මේ නිසා එම තත්වයන් වෙනස්වීමෙන් ඖෂධ හිඟයන් හෝ අතිරික්තයන් ඇති විය හැකිය. කොහොම නමුත් අද මෙරට අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය මේ වනවිට වර්ග 121ක ප්‍රමාණයට පහළ බැස ඇත. මාස කිහිපයකට පෙර මෙරට අත්‍යාවශ්‍ය ඖෂධ අතුරින් ඖෂධ 169ක පමණ හිඟයක් පැවැතිණි. එම තත්ත්වය ඉතා යහපත් ලෙස කළමණාකරණය කළේය. ඉදිරි මාස දෙක තුන වන විට සම්පූර්ණයෙන්ම ඖෂධ’හිඟය නොමැතිවීමට සියලු‍ කටයුතු සලසා ඇත. ඉකුත් දස වසර දෙස ආපසු හැරී බැලීමේ දි ද කිසිදු අවස්ථාවක රට තුළ ඖෂධ අවශ්‍යතාවය 100%ක් සපුරා නොතිබිනි. මේ අනුව ඖෂධ යම් ප්‍රමාණයක හිඟයක් පැවැතීම සාමාන්‍ය’කරුණකි. ඕනෑම අවස්ථාවක අයෙකුට රට තුළ’ඖෂධ හිඟයක් ඇති බවට පැවසීමට හැකිය.

මෙරට අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රමාණය 383ක් වන අතර, ජිවිත ආරක්ෂක ඖෂධ ප්‍රමාණය 14කි. එම ජිවිතාරක්ෂක ඖෂධ ප්‍රමාණය කිසිදු අඩුවකින් තොරව අතිරික්ත ප්‍රමාණයක් අඛණ්ඩව රට තුළ ඇත. වර්තමානය වනවිට සායනික රෝගීන් සදහා අවශ්‍ය වන බොහෝ ඖෂධ රට තුළ නිෂ්පාදනය කරයි. ඉදිරි දෙවසර තුළ රටට අවශ්‍ය ඖෂධ අතුරින් සියයට 40-50ක ප්‍රමාණයක් රට තුළ ම නිෂ්පාදනය කිරීම ඉළක්ක කොට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත පෞද්ගලික අංශයේ නිෂ්පාදනාගාර කිහිපයක් ආරම්භ’කොට ඇත. ඒවා මගින් අවශ්‍ය’ඖෂධ’නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙමින් පවතී.

එසේ ආරම්භ කරනු ලැබූ ‘ඖෂධ’ නිෂ්පාදනාගාර කිහිපයක් ඇත. පල්ලෙකැලේ ආයෝජන කලාපයේ ෂෙල්ජන් ලංකා පෙති සහ කරල් නිෂ්පාදන ආයතනය, ක්‍රීම් සහ සිරප් නිෂ්පාදනය කරන ජා-ඇල පිහිටි ඖෂධ’නිෂ්පාදන කර්මාන්ත ශාලාව, කටුනායක පිහිටි එන්නත් අයිතමයන් නිෂ්පාදන කර්මාන්ත ශාලාව, ජා-ඇල පෙති සහ කරල් නිෂ්පාදන ආයතනය. ගාල්ලේ කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්තායතනය යන ඖෂධ’නිෂ්පාදනාගාර මඟින් මේ වන විට ඖෂධ’නිෂ්පාදනය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතී.

රජයේ වෛද්‍ය’නිලධාරීන්ගේ සංගමය හා දේශපාලන වෘත්තීය සමිති විසින් පැවැසූ’හිඟ ඖෂධ වර්ග, රෝහල් කිහිපයක පමණක් නොමැති වූ’අතර ඒවාද ඖෂධ’සැපයුම් අංශය සපුරාලීමට කටයුතු කොට තිබුනි. එලෙස රෝගීන්ගේ ජීවිත තර්ජනයෙන් මුදවා ගැනීමට කටයුතු කළ බව ඖෂධ’සැපයුම් අංශයේ අධ්‍යක්ෂ’වෛද්‍ය’උත්පලා ඉන්ද්‍රවංශ සඳහන් කළේය. ඒ අනුව මේ වන විට අඩුවක්ව පැවැති ඖෂධ වර්ග සපුරා ලීමට හැකිව ඇත. ඇණවුම් කොට ඇති ඖෂධ’වර්ග 269ක් ද මේ මාසය තුළ’සම්පූර්ණයෙන්ම සපයා ගැනීමට හැකි අතර ඉන් අඩක්ම පසුගිය මාසයේ ලැබී’තිබූ’බවද සදහන් කරයි. වර්ෂයේ මුල් කාර්තුවේ අඩුවක්ව පැවැති ඖෂධ’වර්ග රැසක් ඉන්දීය ණය ආධාර, ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර හා ලෝක සෞඛ්‍ය’සංවිධානයේ ආධාර මත සපයා ගැනීමට සෞඛ්‍ය’අමාත්‍යංශය කටයුතු කළේය.

දේශපාලන හබන් කුකුළන් විසින් දිගින් දිගටම කියා සිටින තවත් කරුණක් වන්නේ අත්‍යවශ්‍ය’ඖෂධ’සදහා රජය අයවැයෙන් මුදල් වෙන් කොට නොමැති බවත් එය සෞඛ්‍ය’ක්ෂේත්‍රයේ උපකරණ’හා ඖෂධ හිඟයට බලපා ඇති බවයි. එහෙත් පසුගිය අයවැයෙන් සෞඛ්‍ය’අංශයේ උපකරණ’හා ඖෂධ’වර්ග සඳහා මුදල් වෙන් කිරීම සලකා බැලූ’විට මෙය පදනම් විරහිත චෝදනාවකි. මුදල් වෙන් කොට තිබූ’මුළු සෞඛ්‍ය’ක්ෂේත්‍රයේ අයිතමයන් සංඛ්‍යාව සඳහා රුපියල් මිලියන 13,451ක් වන අතර ඖෂධ’වර්ග සදහා රුපියල් මිලියන 1,347ක්ද ශෛල්‍ය උපකරණ සඳහා රුපියල් මිලියන 8,551ද සායන උපකරණ’සඳහා රුපියල් මිලියන 3,553ක්ද ලෙස විය. මීට අමතරව ඉන්දීය ණය පහසුකම් යටතේ ඇ.ඩො. මිලියන 116ක්ද, ලෙස මුදල් වෙන් කෙරිණි. ඒ අනුව මේ වන විට සෞඛ්‍ය’ක්ෂේත්‍රයේ රසායනාගාර
උපකරණ’හා ඖෂධ හිඟයන්ට පිළියම් යෙදීමට හැකිව තිබීම හබන් කුකුලන්ගේ දැන ගැනීමට සටහන් කළ’යුතුමය.

ජනතාව රෝග පීඩාවන්ට ගොදුරුවන්නට ඉඩදී බලා සිටීම, රජය කටයුතු නොකරන බව ඔප්පු කිරීමට මේ සාධක ප්‍රමාණවත් වුවත් ජනතාව මරණයට පත්වන්නට හැර උද්ඝෝෂණ හා සටන් මෙහෙය වන හා සෞඛ්‍ය’සේවාවන් කඩකප්පල් කිරීමේ ක්‍රියාදාමයේ නිරත වන උද්ඝෝෂකයින්ට ඇත්තේ තම බඩවියත රැකගැනීමය. නැතහොත් දේශපාලන බල තණ්හාව ඔස්සේ ඉල්ලීම් දිනා ගැනීම පමණි.

මේ අනුව ලංකාවේ ඖෂධ’හිඟය යනු මුළුමනින්ම දේශපාලන ගැටළුවකි. එයට විසදුම් සෙවීමේදීද ඉල්ලීම් ඉල්ලීමේදීද සියලු‍ සේවාවන් අභිබවමින් ඉදිරියට පොලා පනී. ලංකාවේ සමස්ත අර්බුදය පිළිබද කතා කිරීම පසෙක තබා අවසන් තුරුම්පුවේදී’රජයට ප්‍රහාරයන් දියත් කිරීම සඳහා අනුගමනය කරන තුරුම්පුව වන්නේ රජයේ වෛද්‍ය’නිලධාරීන්ගේ සංගමය මැදිහත්ව එක් එක් රෝහල්හි ඇති ඖෂධ’හිඟයන් සොයා ඒවා සමස්තය වෙත ආදේශ’කිරීමය. මෙය තනිකරම දේශපාලන න්‍යාය පත්‍රයක කොටසකි. අනෙක් අතට මෙය ඖෂධ’සැපයුම් ජාවාරමක් කරගත් සමාගම් හා වෛද්‍ය’වෘත්තීය සමිති අතර වන මාෆියා මෙහෙයුමක්ද වෙයි. ඖෂධ තිබියදී එය සඟවා හිඟයන් මවා පා ටෙන්ඩර ලබා ගැනීම සුලබව සිදුවෙයි. මොවුන් සම්බන්ධයෙන් වෙන වෙනම සොයා බැලු‍වහොත් මේ සමාගම් මගින් කොමිස් මුදල් හා පඩි ලබන වෛද්‍යවරුන් හඳුනා ගැනීමට හැකිය.

අනෙත් අතට සෞඛ්‍ය’අමාත්‍යංශය මඟින් ටෙන්ඩර්පත් කැඳවීමේ දී ලියාපදිංචි සැපයුම්කරුවන්’අදාළ’ටෙන්ඩර් ඉල්ලු‍ම් නොකිරීම මත සැපයුම් අංශය විසින් ඖෂධ’ලබාගැනීම සඳහා වන ලියාපදිංචි නොවූ’සමාගම් වෙත අවසරය ලබාදීම සාමාන්‍ය’විධි ක්‍රමයය. එහිදී සාමාන්‍ය මිල ගණන්වලට වඩා වැඩි මිළට මිලදී ගැනීම් සිදුවීම සාමන්‍ය තත්වයකි. මෙය දඩමීමා කර ගනිමින් රජයේ වෛද්‍ය’නිලධාරීන්ගේ සංගමය, ලියාපදිංචි නොවූ’සමාගම්වලින් වැඩි මිලට සහ ප්‍රමිතියෙන් තොර මිලදී ගැනීම් කරන බව පවසා චෝදනා කරයි. මෙය පෙරකී ඖෂධ’ජාවාරම්කරුවන් වෙත වැඩි මිලකට ටෙන්ඩර් අත්පත් කරදීම වෙනුවෙන් වන වෙහෙසකි. මේ මා‌ෆියා ක්‍රියාකාරිත්වය කිසිවෙකුටත් නොපෙනේ. රෝගීන්ගේ ජීවිත සමග මේ වෘත්තීය සමිති සෙල්ලම් කරන්නේ එලෙසිනි.

අනෙක් අතට මෙතෙක් රෝහල් මගින් ඖෂධ’නිසි පරිදි භාවිතා වන්නේද යන්න සම්බන්ධයෙන් පසු පිරික්සීමක් සිදු නොවෙයි. එය ඖෂධ’හිඟයේ අනෙක් අන්තයේ ඇති ප්‍රධාන ගැටළුවයි. මේවා අඩපණ කිරීමට වක්‍රව හෝ සෘජුව අදාළ’වෘත්තීය සමිති මැදිහත්වීම වෙයි. මෙය ඖෂධ’හිඟතාවයේ හා සෞඛ්‍ය’ක්ෂේත්‍රයේ බරපතල ගණයේ නායයාම් සදහා පදනම් වී ඇති අනෙක් කරුණය.

කෙසේ නමුත් රජය විසින් නිසි ක්‍රම වේදයන්ට අනුව ඖෂධ මිලදී ගැනීම හා සැපයීම් ක්‍රියාවලිය සිදුකරමින් පවතී. මේ අතරවාරයේ දේශපාලන වාසි හෝ ජාවාරම්කාර වුවමණාවන් මත ක්‍රියාත්මක වෘත්තීය සමිති මිනිස් ජීවිත බිල්ලට ගනිමින් සිදුකරන මේ සැහැසි ක්‍රියාදාමය අනාවරණය කිරීම රජය කළ යුතුව තිබේ. එවැනි කාලයක හබන් කුකුළලන්ට කැකුණ තැලීමට වල් ඌරන් ද ඉතිරි නොවනු ඇත.‍

කේ.පී.අයි. ප්‍රියංගනී