” මෝඛා ” බලවත් වීමෙන් තවදුරටත් වැසි
මෝඛා සුළි කුනාටුවේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 24 ඇතුලත වැසි වර්ධනය වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව අද උදෑසන 5.30 වන විට සදහන් කොට සිටියේ සබරගමුව, බස්නාහිර , මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේදීද වැසි පැවැතෙන බවයි .