ජාතික රෝහල් සුළු සේවකයින් පැය 04ක වර්ජනයක්
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ ජාතික රෝහලේ සුළු සෞඛ්‍ය සේවකයින් අද (23) පැය 04ක වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.
උද්ධමනය, ප්‍රවාහන දීමනාවක් ලබා ගැනීම, ඖෂධ හිගය පියවා ගැනීම, නිදහස් සෞඛ්‍ය සේවය පුද්ගලීකරණයට එරෙහිව, වැඩි කළ බැංකු පොලිය අනුපාතය පහළ දැමීම, දැඩි සේවක හිගය පියවා ගැනීම යන ඉල්ලීම්වලට අදාලව මෙම වර්ජනය ක්‍රියාත්මකවේ
කොළඹ ජාතික රෝහලේ ඇතුළු දිවයින පුරා රෝහල්වල මෙම පැය 4ක වර්ජනය ක්‍රියාත්මක වෙයි.
ශාන්ත රත්නායක