විහාරමහදේවි ලා නැති නවසීලන්තය
නවසීලන්තය යනු 2023 වසරේදී ජීවත්වීමට සුදුසු රටවල් දහයට සාමකාමීම රටවල් දහයට මෙන්ම ලෝකයේ හොඳම රටවල් දහයට සියලුම Rating Agencies නම් කළ රටක්.
නමුත් වසර 150ක් පැරණි නූතන රාජ්‍යය ඉතිහාසය තුළ බිහිවූ ජනප්‍රියම නායිකාව වන ජසින්ඩා ආඩ්රනේ මහත්මියට වසර තුනක් වන ඇගේ දෙවන නිල කාලය වසර දෙකකට මඳක් වැඩියෙන් ගතකොට ඉල්ලා අස් වීමට සිදු විය.ඒ වනවිට ඇය වසර පහකට වඩා මදක් වැඩි කාලයක් නවසීලන්තයට නායකත්වය ලබාදී තිබිණි.
2017 ඔක්තෝබර් මාසයේ ආරම්භ වූ ඇගේ ප්‍රථම නිල කාලය අවසන් වූයේ 2020 දිය. දුර ඈත දකුණු පැසිපික් සාගරේයේ පිහිටා ඇති සුන්දර රටක් වන නවසීලන්තය.වසංගත සම්බන්ධයෙන් ඉතිහාසය පුරාම කටයුතු කර ඇත්තේ දැඩි ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය කිනි. ඒ සඳහා විශාල තාත්වික හේතු පැවතිය ද මෙවර කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් මෙම ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ය ලෝකය පුරා පැතිර ගියේ නවසීලන්ත අගමැතිනිය ලෝක දේශපාලනයේ ප්‍රධාන චරිතයක් බවට පත් කිරීමෙනි.
ඒ වෙනුවෙන් නවසීලන්තය වසර තුනක් වසා දමා තිබුණේ ය. මිලියන පහක් ජීවත්වන නවසීලන්තය
ආර්ථිකය සකස් කර ඇත්තේ අඩුම තරමෙන් මිලියන 12 ක ජනතාවක් නඩත්තු කළ හැකි පරිදිය.
එය එසේ වී ඇත්තේ එරට මිලියන පහක් ස්ථිර පුරවැසියන් සිටියද සෑම වසරකම තාවකාලිකව තවත් මිලියන හය හතක් රට තුළ සංචාරකයන් තාවකාලික පදිංචිකරුවන් ලෙස හෝ සේවකයින් ලෙස ජීවත් වෙතැයි යන උපකල්පනය මත ය.
නමුත් Covid දැඩි ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ය. මෙම අතිරේක ජන කණ්ඩායම් රටට පැමිණීම වළක්වනු ලැබූ අතර එය එරට ආර්ථිකයට විශාල පීඩනයක් එල්ල කරනු ලැබ තිබේ.
එසේම රාජ්‍යය ආධාර ලබා දෙමින් වැටුප් වැඩි කරමින් එම වසර තුන තුළ සිදුකරන ලද ආර්ථික සමාජ ක්‍රියාවලිය රටේ මුදල් සැපයුම ඉහළ තැනකට ගෙනැවිත් ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ උද්ධමනය ඉහළ යමින් තිබුණි.
එසේම අඩු සංක්‍රමණය නිසා පුහුණු ශ්‍රම හිඟයකින් රට මේ වන විට පීඩනයට ලක් වී තිබේ. ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව දැනටත් Doing Good ටදදා රටක් වන නවසීලන්තය මෙම තත්ත්වය ඉවසනු ඇතැයි සිතිය හැකි වුවත් එරට ජනතාව එය එසේ කල්පනා කරන ප්‍රජාවක් නොවේ.
දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු වින්සන්ට් චර්චිල් පරාජයට පත් වූයේ. කෙසේද එලෙසම නවසිලන්තයේ කම්කරු පක්ෂය මෙම වසරේ අග පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් පරාජය වනු ඇතැයි මත පළවී තිබේ.
නවසිලන්තයේ ද්වි පක්ෂ ක්‍රමය පවතින්නේ තට්ටුමාරු ක්‍රමයට. ඒ වාමවාදී කම්කරු පක්ෂය වසර තුනේ නිල කාලයන් තුනක් සහ National පක්ෂය නිල කාල තුනක් (වසර නමයක්) වශයෙනි.
ජාත්‍යන්තර ප්‍රතිරූපය වර්ධනය වුවත් රට අභ්‍යන්තරයේ වර්ධනය වී ඇති වාමවාදී විරෝධය අවසන් කිරීමටත් රට මුහුණ දෙමින් තිබෙන සහ අනාගතයේ මුහුණ දෙතැයි උපකල්පනය කරනු ලබන අර්බුද සදහා නව නායකත්වයක් අවශ්‍ය යයි නවසීලන්ත ජනතාවත් බැලූ බැල්මට කම්කරු පක්ෂයත් තීරණය කොට ඇති බව පෙනී යයි. ජසින්ඩා මහත්මිය තවදුරටත් නවසිලන්තයේ ජනප්‍රිය නායිකාවක් නොවේ.
ඇය වෙනුවට එම පක්ෂය මෙම අර්බුදය විසඳිය හැකි නවසීලන්ත කම්කරු පක්ෂයේ දක්ෂිණාංශික නායකයෙකු වන ක්‍රිස් හොප්කින්ස් තෝරාගෙන තිබේ. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ තෝරාගත්තා වෙනි වැඩපිළිවෙළකි. සාර්ථක රටවල බුද්ධිමත් මිනිස්සු නායකයින් තෝරා ගන්නේ එසේය.