රජයේ විධායක නිලධාරීන්ගේ මේ මාසයේ වැටප දිනකින් පමාවෙයි

රජයේ විධායක නිලධාරීන්ගේ මේ මාසයේ වැටප දිනකින් පමාවන බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව රජයේ සේවක වැටුප්  මේ මස 25 වැනි දින ගෙවන අතර රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප පසුදින එනම් 26 වැනි දින ගෙවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

රජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 9300ක මුදලක් අවශ්‍ය නමුත් වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 87ක මුදලක් පමණකැයි ද ඔහු කීය. 

ජනවාරි මාසයේදී රජයේ අපෙක්ෂිත ආදායම රුපියල් කෝටි 14500ක් වන අතර රජයේ සමස්ථ විදයම රුපියල් කෝටි 62500කි.