නව වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අදින් ඇරඹෙයි
නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පෙරවරු 10ට නව සභාවාරය ආරම්භ කිරීමට නියමිතව ඇත.
නව වන පාර්ලිමේන්තුවේ තෙවන සභා වාරය පසුගිය වසරේ අගෝස්තු මස 3න් වැනිදා අභිනවයෙන් පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කෙරුණු අතර එම සභාවාරය පසුගිය ජනවාරි මස 27 වැනිදා අවසන් කෙරුණි.
අද නව සභාවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපතිවරයා සිය කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තැබීම සිදුකෙරෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.