පාස්කු කියන්නෙ මතකයක්

පාස්කු කියන්නෙ මතකයක්
මරණයෙන් උඨ්ටානය වුන මතකයක්
ඒත් එය අද අපිට මරණයේ කදුලූ මතකයක්
ඒත් මතකයන් තියෙන්නෙ හඩා වැටෙමින් සදා සමරන්න නෙමේ..
කදුලූ පිසදා අලූමතින් නැගිටින්න
අදුර මතක ඉරා ආලෝකයට පියනගන්න
ඔව් .. මතකයන් තියෙන්නෙ ඒකට
ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුනා
ඉන්දියාව ඒ වෙනුවෙන් ඇඩුව ,,.වැලපුනා,,. චිත්‍රපටි කලා
ඒවගෙම ඉන්දියාව සපඨකලා ආයෙ නැවත අපි ත්‍රස්තවාදය හමුවෙ කදුලූ සලන්නෙ නෑ කියල,,
ඒ නිසා නරේන්ඩ්‍ර මෝඩි කියනව
ලත්‍රස්තවාදය හෙට නෙමේ අද ඕනෙම තැනක ඕනෙම මොහොතක ඇතිවිය හැකියි. එය තේරුම් ගැනිම පරාජය කිරීම සමස්ත ලෝකයේම වගකීමක් කියල,
ත්‍රස්තවාදය කියන්නෙ ඇගේ බෝම්බ බැදගෙන එන මරාගෙන මැරෙන නොමිනිස් සිරුරක් පමනක් නෙමේ,,.එය සයිබර් ප්‍රහාරයක්,, පාරිසරික ප්‍රාහරයක් ,, ජීවවිද්‍යාත්මක ප්‍රහාරයක්,,.විතරක් නෙමේ එය මතවාදී ප්‍රහාරයක් වෙන්නත් පුලූවන්,, ඒ නිසා
ත්‍රස්තවාදය පරාජය කිරීම ආයුධ වලින් පමනක් කලනොහැකියි
ඒය පරාජය කිරීමට තොරතුරු , දැනුම , කාර්‍යක්ෂමතාවය මතවාදී ශක්තියක් සහ ව්‍යවස්ථාමය ආවරණයක් අවශ්‍යයි. ඒ ව්‍යවස්ථාමය ආවරණයට ප්‍රජාතන්ත්‍රවාදී සංවරණයකුත් අවශ්‍යයි.
සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අවමානයටත් , කම්පනයටත් පත්වූ ඇමෙරිකානුවන්ට
ඔවුන්ගේ කොන්ග්‍රස් මනඩල සභික මයික් හොන්ඩා කියනව
ලව්‍යවස්තාවක් අභියෝගයට ලක්වන්නේ සමයේ සහ සන්සුන් බවේ කාලයේදී නොව කම්පනයේ, ක්ශිතියේ සහ කලහකාරීත්වයේ සාහ ත්‍රස්තයේ කාලයේදී තමා එය සැබැවින්ම පරීක්ෂාවට ලක්වන්නේ කියල.
අප සිටින්නේද ආර්ථික කඩාවැටීමක, එසේම එයින් නිර්මානය වූ දේශපාලන අර්භුදයක සහ අරාජිකත්වයක කාලයක.
එවන් මොහොතක ආරාජිකත්වයට , ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් ලබාදිය යුතුනැතුවාක් මෙන්ම එවා පාරජයට පත්කිරීමට මැදිහත්වන බලවේග විසින් දිගුකාලීනව ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශ විනාශ කිරීමද පාලනය කලයුතුය
ඒ සදහා ඉතා ශක්තිමත් ව්‍යවස්තාමය රාමුවක් තිබිය යුතුය. අප. සිටින්නේ එවන් තීරණාත්මක මොහොතකය,
ඒ නිසා මේ කාලයේ ව්‍යවස්තාදායකය සැබැවින්ම ව්‍යවඩ්තා දායකයක් විය යුතුය ජනතාව ඒ දෙස බලා සිටිය යුතුය සංවාද කලයුතුය
ඒ අතර නොපමාව නිවැරදි තීරණ ගතයුතුය