පවිත්‍රා ඡන්ද ප්‍රතිපලත් අරන් කොළඹ එයි
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පැල්මඩුවලේ පිහිටි නිවසට අද උදෑසන වන විට අති විශාල පාක්ෂිකයන් සහ පළාත් පාලන නියෝජිත පිරිසක් පැමිණ ඇත.
පක්ෂයක් ලෙස බෙදී වෙන් වී කටයුතු නොකළ යුතු බවත්, පුද්ගල හෝ පවුල්වාදී තීන්දුවලින් තොරව පොදු ජනමතය නියෝජනය වන පරිදි පක්ෂය විසින් තීනදු තීරණ ගත යුතු බවත් මෙහිදී පිරිස ප්‍රකාශ කර ඇත. ඒ අනුව සියලු දෙනා එක්ව පක්ෂය බෙදී නොයන පරිදි තීන්දුවක් ගත යුතු බව මෙම පිරිස අවධාරණය කර ඇත.
පසුව පවිද්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පැමිණි පිරිස අමතා පාක්ෂිකයින්ගේ තීරණය පක්ෂය වෙත දැනුම් දෙන බවත්, ඒ අනුව සියලු දෙනාගේ මතය මෙහි ප්‍රකාශ කරන ලෙසත් දන්වා ඇත. ඒ අනුව පැමිණි පිරිස අතර බහුතරයකගේ මතය වී ඇත්තෙ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් ජනාධිපති ලෙස පත් කිරීමට පොදුජන පෙරමුණේ සහය ලබා දිය යුතු බවයි.
කෙසේ වෙතත් මේ වන විට පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පාක්ෂිකයින්ගේ මෙම තීරණය පක්ෂය වෙත දැනුම්දිම සඳහා නෙළුම් මාවත පක්ෂ කාර්යාලය වෙත පිටත්ව ගොස් ඇත බව වැඩිදුරටත් වාර්තා වේ.
1 thought on “පවිත්‍රා ඡන්ද ප්‍රතිපලත් අරන් කොළඹ එයි”
Comments are closed.