පවිත්‍රාගේ සහයත් රනිල්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට තමන් තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඇය තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි රැඳෙමින් කටයුතු කරන ඉවත්, මේ මොහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දෙන බවත්, තවත් මෙම තීරණය ගනු ලැබුවේ රත්නපුර පොදු ජනතාවගේ ඉල්ලීම අනුව බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

පසුගියදා රත්නපුරයේ පිහිටි ඇයගේ නිවසේ පැවැති පාක්ෂික හමුවේදී ද බහුතරයකගේ මතය වී ඇත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම බවත්, එම පාක්ෂිකයින්ගේ තීරණය පොදුජන පෙරමුණේ නායකත්වයට දැන්වීම පිණිස ඇය කටයුතු කළ බවත් අප මීට පෙර අනාවරණය කළෙමු.

අදාල පුවත් සබැඳිය – https://csj.lk/pavitra-will-bring-the-results/