PAYE Tax සහන නැහැ. තව ටික කාලයක් දරාගෙන ඉන්න වෙනවා
උපයන විට බද්ද (PAYE Tax) බද්ද ක්‍රියාත්මක කිරීමේදී “ව්‍යතිරේකයක්” නොමැති බව ඒ සම්බන්ධයෙන් ඇතැම් වෘත්තිකයන් සහන ඉල්ලමින් ගෙන යන විරෝධතාවන්ට පිළිතුරු වශයෙන් මහා භාණ්ඩාගාර නිලධාරීන් පෙන්වා දෙයි. උපයන විට බද්ද පෙර නොවූ ලෙස වැඩි කිරීමට එරෙහි විරෝධතා වර්ධනය වෙමින් පවතින අතර බදු සහනයක් ලබා දෙන ලෙස පසුගිය දින කිහිපය තුළ විවිධ අංශවලින් දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත්ව ඇත. මහ බැංකු නිලධාරීන්ගේ සිට, අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු, වෛද්‍යවරුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, රජයේ දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සිට ඉහළ නිලධාරීන් දක්වා ද මෙම බදු පැනවීමට විරෝධය පළ කරන්නන් අතර වේ.
කෙසේ නමුත් මහා භාණ්ඩාගාර නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙම බද්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් බිලියන 2.9 ක විසතීරණ ණය සහන පැකේජයක් ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසියක් බවය. බදු ප්‍රතිශතය වැඩි කිරීම “වත්මන් ආර්ථික අර්බුදය මධ්‍යයේ වේදනාකාරී තීරණයක්” වුවද, අර්බුදයේ ප්‍රමාණය මත භාණ්ඩාගාරයට විකල්පයක් ඉතිරි කර නොමැති බව එම නිලධාරීන් පැවසයි.
උපයන විට බද්දට එරෙහිව විරෝධතාවයේ නිරත වන සියලු දෙනාම ඉහළ ආදායම් ලබන්නන් බව සඳහන් කළ භාණ්ඩාගාර නිලධාරීන් ඒ අතරින් විවිධ කණ්ඩායම්වලට වෙන වෙනම සහන ලබාදීම අසාධාරණයක් වන බැවින් ඊට මුදල් අමාත්‍යාංශය සූදානම් නැති බවත් පැවසයි.
කෙසේ වෙතත්, දැනට පවතින බදු වැඩිවීම අඛන්ඩව පවත්වාගෙන යාමට රජය සැලසුම් කර නොමැති බවත් IMF පැකේජය අනුමත වී අවම වශයෙන් පළමු වාරිකයවත් ලැබුණු පසු, යම් සහන ගැන සලකා බැලිය හැකි බවත් පවසයි. රජය ඉලක්ක කර ඇත්තේ උපයන විට බද්ද මඟින් රුපියල් බිලියන 100ක් අයකර ගැනීම පමණකි.
රජයට තත්ත්වය යහපත් වනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේ විස්තීරණ අරමුදල් පහසුකමක් (EFF) ලෙස හැඳින්වෙන IMF පැකේජය ලබා ගන්නේ නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද පෙන්වා දෙයි.
අප්‍රේල් මාසය වන විට මුදල් මුද්‍රණය නතර කිරීමට සැලසුම් කර ඇති නමුත් වියදම් කළමනාකරණය කිරීම මීට වඩා අපහසු වනු ඇති බව ඔහු පෙන්වා දෙයි. මේ මොහොතේ රටේ ඇත්තේ ඩොලර් මිලියන 800 ක ආර්ථිකයක් පමණක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ වන් විට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් ණයහිමි රටවලින් වන ඉන්දියාව, චීනය, ජපානය, එක්සත් රාජධානිය සහ පැරිස් සමාජයට ඇතුළත් රටවල්වලින් රජයට දිරිගන්වන සුලු සංඥා ලැබී ඇති බව ඔහු ප්‍රකාශකරයි.
කොහොම නමුත් IMF පැකේජය ලැබෙන තුරු තවදුරටත් රටේ ආර්ථිකය රට තුළ වන ඉතා සීමා සහිත ආදායම් මඟින් පවත්වාගෙන යෑමට සිදු තිබේ. තවදුරටත් රාජ්‍ය වියදම් සීමාකරමින් රාජ්‍ය ආදායම් වැඩිකර ගනිමින් ඉතා දුෂ්කර තවත් මාස කිහිපයක් ගතකිරීම අනිවාර්ය තත්වයක්ව ඇත. මෙයට මුහුණ දීමට සෑම ශ්‍රී ලාංකීය පුවරවැසියකුටම සිදු වෙනු ඇත. මේ දුෂ්කර මොහොතේ තමන්ගේ පෞද්ගලික වාසි ප්‍රයෝජන ගැන පමණක් සලකා රජයට විරෝධය පෑම හෝ ඒ නිසාම රට අත්හැර යෑම සදාචාරාත්මක නැත. එය ආත්මාර්ථකාමී භාවිතයක් ලෙස හැඳින්වීම වරදක් නැත.