ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී අයිස්ක්‍රීම් දන්සලක්

0

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය බැතියෙන් සමරනු වස් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සලක් පසුගිය (03) දා පස්වරුවේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී ආරම්භ කෙරිණි.

එහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දන්සල වෙත පැමිණි ජනතාවට අයිස්ක්‍රීම්වලින් සංග්‍රහ කිරීමට ද එක් විය.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

දන්සල ඊයේ (04) ප.ව 5.00ටද එම ස්ථානයේ දී පැවැත්විණ.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *