ගෝඨා ට අමතකව ගිය සල්ලි ගැන කරුණු කියන්න පොලිස්පතිට සිතාසි..!

පසුගිය වසරේ අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී සොයාගත් රුපියල් ලක්ෂ 170කට අධික මුදල සම්බන්ධව විමර්ශන පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇත.

මෙතරම් මුදලක් හිටපු ජනාධිපතිවරයා අවසන් වරට රැඳී සිටි ජනාධිපති මන්දිරය තුළින් හමුවීම ගැටලු සහගතය. එය ඔහුට ‍රැගෙන යාමට නොහැකි වූ පෞද්ගලික මුදලක්ද නැතිනම් කවර අවශ්‍යතාවයක් මත ‍රැස් කළ මුදලක්ද යන්න ගැන පවතින සැකය මත මෙම විමර්ශනය වෙමින් පවතී.

පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත්වරයා (25) පොලිස්පතිවරයාට සිතාසි නිකුත් කර ඇත.
මේ අතර මෙම නඩුවේ විත්තිකරුවෙකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ එළඹෙන පෙබරවාරි 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.