ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට අපි කොන්දේසි විරහිතව සහාය ලබා දෙනවා – ඇමති ප්‍රසංන
රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙම ජාතික භෞතික සැලැස්මට අදාළ කෙටුම්පත මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා මහජනතාවගේ ද අදහස් ලබා ගෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර එය සම්මත කිරීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2048 රටේ සංවර්ධන දැක්මට සමගාමීව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත්, මෙරට අධිවේගී මාර්ග ඇතුළු මූලික සංවර්ධන වැඩසටහන් රැසක් ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක වන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේය.
මෙම වැඩපිළිවෙළ වසර දෙකක නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන ආකාරයට උතුර, නැගෙනහිර යන පළාත්වල සහ මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (23) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
පසුගිය කොවිඩ් වසංගතය සහ අරගලය හේතුවෙන් මේ රටේ ඇතිවුණු ආර්ථික පසුබෑම නිසා විශාල ලෙස අභියෝග වලට මුහුණ දුන්නු ශේත්‍ර යක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්රය හඳුන්වන්න පුළුවන්.මගේ අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන වලට වඩාත්ම බලපාන්නේ ඉදිකිරීම් ක්ෂේත්රය.
පසුගිය කාලේ කොවිඩ් වසංගතයක් එක්ක ඉදිකිරීම් ක්ෂේත්රයේ ඉදිකිරීම් නවත්තපු නිසා විශාල රැකියා ප්‍රමාණයක් අහිමි වුණා.ඒ වගේම ඉදිකිරීම් වලට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම නතර කිරීමත් නිසා ඉදිකිරීම් ක්ෂේත්රයේ වැඩ අඩපණ වුණා.
ඒ නිසා ඒ වකවානුවේදී අපේ ආයතන යටතේ ඇති සංවර්ධන ව්‍යාපෘතිවල කටයුතු කළ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් පවා ප්‍රමාදයකට පත්වුණා.නමුත් පසුගිය අවුරුද්ද ඇතුලත ආර්ථිකය ශක්තිමත් වෙමින් යන වෙලාවේ, ආර්ථික ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලබා දෙන වෙලාවේ, වර්තමාන ජනාධිපති තුමන් සමග පැවැත්වුණු පැවැත්වුණු සාකච්ඡාවලදී. කෙටිකාලීන මධ්‍යකාලීන දීර්ඝකාලීන පියවරවල් හඳුන්වාදෙන්න කටයුතු කළා.
එහි ප්‍රතිඵලයක් හැටියට නාගරික සංවර්ධන අධිකාරියේ ඇති ඉදිකිරීම් ක්ෂේත්රයේ ආරම්භ කරලා තිබුණු නිවාස ව්‍යාපෘති අටක් නවත්වල තිබ්බත් නැවත එම ව්‍යාපෘති ආරම්භ කරන්න අපි කටයුතු කරලා තියෙනවා.
ඒ වගේම ජනාධිපති තුමාගේ ඉල්ලීමක් පරිදි, චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව නිවාස දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ඉදිකිරීම් ආරම්භ කරන්න ගිවිසුම්ගතවීම ලබන සතියේ සිදුවෙනවා. ඒ චීන තානාපති තුමා සහ අමාත්‍යාංශ ලේකම්තුමා අත්සන් තැබීමෙන්.
අඩු ආදායම්ලාභීන් සඳහා වර්ග අඩි 450 ක් 550ක් වගේ ප්‍රමාණයේ නිවාස 1996ක් ඉදිකිරීම් අපි ආරම්භ කරනවා. එහි මූලික කටයුතු අපි ලබන සතියේ දී ආරම්භ කරනවා.
මීට අමතරව පසුගිය කාලයේ නවත්තපු, ඒ වගේම නිවාස ආධාර එක කොටසක් ලබා දීලා ඊළඟ කොටස ලබා දුන්නේ නැති විශාල ප්‍රමාණයක් රට පුරා තිබුණා මෙය අවුරුද්දේ දී ඒ සඳහා මිලියන 5000 කට ආසන්න ප්‍රමාණයක මුදල් වෙන් කරල ඒ ඒ අදියරයන් සඳහා ගෙවීම් කරන්න පටන් ගත්තා. අපි අලුතෙන් වැඩපිළිවෙලවල් පටන් ගන්නෙ නැහැ කරපු ව්‍යාපෘති අවසන් කිරීම අරමුණ නිසා.
අපි දකිනවා පහසු සති කිහිපයේ ම විදේශ ආයෝජකයන් ඇවිල්ලා නොයෙකුත් ආයෝජන සඳහා අපිත් එක්ක සාකච්ඡා කළා.
එය විමසිලිමත්ව ඉන්නවා මේ රටේ ආර්ථිකය කොයි ආකාරයෙන් ද ශක්තිමත් වෙන්නෙ කියලා ඒ අනුව ඒ අයගේ ලොකු උනන්දුවක් තියෙනවා අපේ රටේ ආයෝජනය සඳහා.
වර්තමානයේ මේ තත්ත්වයත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ධනාත්මකව මෙයාකාරයෙන් ඉදිරියට යන්න.
රටේ පැවති ආර්ථික අර්බුදයට මෙන්ම ජනතාවගේ සුබසාධනය නඟාසිටුවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසක් පසුගිය කාලයේ ගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට රට සාමන්‍යකරණයට පත් වෙලා තිබෙනවා. මීට වසරකට දෙකකට පෙර තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඊට සාපේක්ෂව අඩු වෙලා තිබෙනවා. දැන් අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන තොග රට තුළ තිබෙනවා. ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට අපි කොන්දේසි විරහිතව සහාය ලබා දෙනවා.